Saturday, September 21, 2013
බඩජාරියා
අපේ දිරිය හුළඟේ ගියේය. හැම රැයකම අපේ හැලි වළං හොරා කන කැදර පූසා අල්ලන ක්රමයක් ගැන අප දැන සිටියේ නැත. ඌ කොපමණ කපටි හා වේගවත් ද කිවහොත් අප දුටු විගසම ගසකට මුවා වීම උගේ සිරිත වු නිසා අපට උගේ හෙවනැල්ලක් වත් දැකීමේ අවස්තාවක් නැතිව ගියේය. නමුත් පසුව උගේ කනක කෑල්ලක් අඩු බවත්, වලිගය පොරෝ පහරක් වැදීමෙන් කෙටි වී ඇති බවත් දැනගත හැකි විය.
කිසිම හිතක් පපුවක් නැතිව දුටු තැන හොරා කෑ බැවිනුත්, නිදැල්ලේ හැසිරෙමින් අපට වදයක් වූ බැවිනුත් අපි ඌට නරකයා කියා පට බැන්දෙමු.
උගේ ඇස් මානයේ ඇති සෑම දෙයක්ම ඌ හොරා කෑවේය. මාලු, මස්, ඇඹුල් කිරි හා පාන්. හැම දේම. වරක් ඌ අප මාලු බෑමට සූදානම් කර තිබූ පනුවන් ටින් එකක්ද ගබඩා කාමරයෙන් හොරා ගත්තේය. ඌ පනුවන් නම් කෑවේ නැත. නමුත් කුකුළෝ එහි රස වින්දහ. මොන ක්රමයකින් හරි මුළු පනු තොගයම අපට අහිමි විය.
පමණටත් වඩා පනුවන් කෑ කුකුළෝ, බඩ උස්සා ගත නොහැකිව, කෙඳිරි ගාමින්, අව්වේ වැතිර සිටියහ. අපි, ඉමහත් හිත් වේදනාවෙන් කෑ ගසමින්, වියරුවෙන් අඩි හප්පමින් 'නරකයා' කෙසේ හෝ අල්ලා ගන්නා බවට සපථ කළෙමු.
කෙසේ නමුත් ඌ අල්ලා ගැනීමට අපට තවත් මසක් පමණ ගත විය. ඌ ගැන ගමේ කොලු ගැටයෙක් ඔත්තුවක් දුන්නේය. 'නරකයා' පර්ච් මාලු වැලක් ඩැහැගෙන කුස්සියේ ජනේලයෙන් පැන යනු ඔහු දැක තිබිණි.
එය ඇසූ විගසම, අපි හිස ගිනි ගත්තවුන් සේ කුස්සියට දිව්වෙමු. මොනවා බලන්නද? මාලු වැලේ උඳු කුඩුවත් ඉතිරි වී තිබුනේ නැත. මේ නම් කොහෙත්ම සමාව නොදිය හැකි වරදකි. මේ වදකාර පූසා, වෙනදාට කරන සුලු සුලු හොරකම් නොසලක හැරියත්,මහ දවාලේ කළ මේ අහස පොලව නුහුලන අපරාධයට නම් නිසි දඬුවමක් නොදී බැරිය.
මාළු වැලේ රහ වැටුන පූසා, නැවත එදා හවසම තවත් හොරකමකට අවේය.කෑම මේසයෙන් ලිවර් සොසේජයක් පන්නා ගත් ඌ බර්ච් ගසේ නැග සිටියේය. අපි ආවේස වූවන් මෙන් ගස සෙලෙව්වෙමු. බය වුන පූසා අත ඇරි සොසේජය වැටුනේ රුවිම් ගේ හිස මතටය.ඇස් ලොකු කරගෙන, තරහින් හා නපුරෙන් අප දෙස බලමින් කෑ ගැසූ පූසා අපෙන් බේරෙන ක්රමයක් ගැන හිතා බැලීය. එක්වරම විදුලියක් මෙන්, අප සැම අතරින් බිමට පැන, රෝල් වී ගොස්, කුමක් සිදුවිනි දැයි සිතා ගන්නටත් පෙර, ගෙයි මුල්ලක ආරක්ශාව පැතීය.අපි, මෝඩයන් මෙන් කට ඇරගෙන,ඌ යන දෙස අසරණව බලා සිටියෙමු.
අපේ ගම්බද නිවස, පිහිටියේ, දිනපතා අතුගෑම් නොකල නිසා, ගස් යටම කොළ ගොඩ ගැසුණ විශාල වත්තක් මැදය.සෑම රැයකම, වහලයට වැටෙන කුඩා ඇඹුල් ඇපල් ගෙඩිවල හඬින් අපි ගැස්සී ඇහැරුනෙමු.ගෙයි කාමර, බිලිපිති, දඩයම් උපකරණ, ඇපල් හා වියලි කොළවලින් හැඩි වී තිබිණි.
දිවා කලයේ මාලු බාමින්ද, ගං ඉවුරක හෝ විලක් අයිනේ ගිනි තපිමින්ද කාලය ගත කළ නිසා,අපේ නිවස දිවා කල පාලුවට ගියේය. නෑමට හෝ මාලු බෑමට යන හැම විටකම නැවුම් සුවඳ හැමූ කුඩා කැලෑ රොදවල් තලමින් අලුත් අඩි පාරවල් සාදා ගැනිමට අපට සිදු විය. අප යන මග තිබූ පැළෑටි හා තණ කොළ සුළඟෙන් සෙල වී ඒවායේ පරාග අපේ උර මත විසිරීය.
හවස් ජාමයේ,දිගට අමුනා ගත්, රිදී පැහැයෙන් දිලිසෙන මාලු වැල් අතින් එල්ලාගෙන, කටු පඳුරුවලින් සීරී රත් පැහැවුන සිරුරෙන්, අව්වේතැම්බී දාඩිය පෙරාගත් මුහුනින් නිවසට පය ගැසූ විට අපට අසන්නට ලැබුනේ ජින්ජර් පූසාගේ අලුත්ම වික්රමයන් ගැනය.
ඕනෑම ජගතෙකුට නරක කාලයක් ලබයි. පූසාද දිනක් කොටු විය. හොර පූසා එක් පැත්තක් වසා ඇති කුඩා පැසේජයක් තුලට රිංගුවේය. ඇර තිබූ පැත්තෙන් දැලක් සවි කර අපි නොඉවසිලිමත්ව බලා සිටියෙමු.
නොනවත්වාම තර්ජනාත්මක හඬකින් කෑ ගැසුවත්, ඌ එලියට ඒම ප්රතික්ශේප කළේය. අපි, පැයක්, දෙකක්, තුනක් බලා සිටියෙමු. කිසිම ප්රගතියක් නැත. අපේ නිදන වෙලාවත් පහු විය. නමුත්, පූසා වරෙක කෑ ගසමින්ද, වරෙක ගොරවමින්ද අපේ ඉවසීමේ සීමාව නැති කළේය.
කළ හැකි වෙන කිසිවක් නොවූ තැන, චණ්ඩිකමට හා හුරුබුහුටි කමට නම් දැරූ ගමේ සපත්තු මහන්නා ගේ පුතා, ලෙන්කාට, පූසාව ගුලෙන් එලියට ගැනීමේ කාර්යය පංගාර්තු කෙරිණි. ලෙන්කා සිල්ක් නූලක් ඇති බිලි පිත්තකට, එදිනම ඇල්ලූ මාලුවෙකු අමුණා එය පූසා සිටි බිම් තීරුවට අත ඇරියේය.
පූසාගේ කෑගැසිල්ල නැවතුණේය. එක්වරම චරස් ගා හපන සද්දයක් ඇසිණි. ඌ, මාලුවාගේ ඔලුව උගේ තියුනු දත්වලින් හැපුවා විය හැකිය. දැන් හරි. ලෙන්කා හිමීට බිලි පිත්තේ නූල ඇදීමට පටන් ගත්තේය. පූසා තදින් අල්ලාගෙන සිටියත්, ලෙන්කාට පූසාට වඩා හයිය තියෙන නිසාත්, කටින් හපාගෙන ඉන්න මාලුවා අත ඇරීමට මොන සම්මජ්ජාතියකටවත් ඌ අකමැති වූ නිසාත් බිලි පිත්තේ නූල සමග පූසාද එලියට ඇදී ඒමට පටන් ගත්තේය.
අවුරුද්දක් සේ දැනුන විනාඩියකට පමණ පසු, විලිස්සුණ දත් වලින් මාළුවා අල්ලා ගත් පූසාගේ හිස, අපට පෙනිණ. ලෙන්කා හනිකට පැන පූසාගේ බෙල්ලෙන් අල්ලා, ඌ ඉහලට ඉස්සුවේය. චුදිතයා ව සමීපව බලා ගැනීමේ මොහොත උදාවිය.
ජින්ජර් පූසා, උගේ ඇස් වසාගෙන, කන් ඔලුව දෙපැත්තට නමාගෙන, බූල් හැලුන වල්ගය කකුල් අස්සේ ගසාගෙන, ඇඟ අප්රාණික කරගෙන ලෙන්කා ගේ අතේ එල්ලී සිටියේය.
කොපමණ හොරා කෑවත්, ඌට තිබුණේ, කැහැටු පෙනුමකි. හැමවිටම හොරා ගත් යමක් සමග දුවමින් හෝ හැංගී එය ගිල දමමින් සිටි නිසා දූවිලි තැවරුන සිරුරේ, අකරතැබ්බවලට මුහුන දිමේ ප්රතිඵලයක් ලෙස තැන් තැන්වල ලොම් ගැලවී තිබිණි. ඌ බඩවත පුරා සුදු පුල්ලි විසුරුණ, කෘශ වූ සිරුරැති, නාසයෙන් හා ඇස්වලින් ගැලූ කබ සහිත, නාටු පූස් නාම්බෙකි.
ටික වෙලාවක් ඌ දෙස තරහින් හා අප්පිරියාවෙන් බලා සිටි රවිම් මෙසේ ඇසුවේය.
"මූට දැන් මොකද කරන්නෙ"?
"මොනවා කරන්නද? දෙමු මුගෙ ඇටකටු කුඩු වෙන්න."
"වැඩක් නෑ" . ලෙන්කා කීයේය. "ඕකා පොඩි කාලෙ ඉඳල ඔහොමමයි.ගම පුරා හොරා කාල ඇති පදම් ගුටි කාල ඇති" .
පූසා, දෙන ඕනෑම දඬුවමකට යටත් වෙමියි කියන්නා සේ ඇස් වසාගෙන සිටියේය. එක්වරම රුවිම් මෙසේ කීය.
"එහෙනම් අපි ඌට කන්න මොනව හරි දෙමු."
අපි, එකිනෙකා දෙස බලා, හිස වනා, එයට එකඟ විමු.
අපි ඌට බැදපු ඌරු මස්, ජෙලි දැමූ මාලු, ඇඹුල් කිරි හා චීස් කේක්වලින් සමන්විත ඉතාමත් ප්රනීත දවල් කෑමක් දුනිමු. ඒවා සියල්ලම ගිල දැමීමට ඌට පැයකටත් වඩා ගත විය.
අවසානයේ, කෑම මත නිසා බඩ උස්සාගෙන ඇවිද ගැනීමට බැරුව, අපහසුවෙන් කුස්සියෙන් එලියට ආ පූසා, බිම දිගාවී මුහුන සේදීමට ගත්තේ, ඉඳ හිට අප දෙසද හොරෙන් බැලුවේය. කොළ පාට තෘප්තිමත් ඇස් වලින්, කාන්තිමත්, දඟකාර බැලුම් විහිදිණි.
ඊට පසු ඌ හැරී, උගේ නැට්ට අල්ලා ගෙන, එය හපා, එලියට දැම්මේය.
අවසානයේ, ඌ එතනම දිග ඇදී, සැප නින්දකට වැටී, ගොරොද්දේ ඇදීමට පටන් ගත්තේය.
අපි, ඌ දෙස ටික වෙලාවක් බලා සිට, ඌට නින්දේ මාලුන් ගැන සිහින දැකීමට ඉඩ දෙමින්, එලියට ආවෙමු.
A translation of the short story "Ginger the Snitcher" by Konstantin Pauvstovsky. (1892-1968)
Subscribe to:
Post Comments (Atom)
ටියුබ් ලයිට් වගේ O.o
ReplyDeleteආයේ පාරක් කියවන්න ඕනෑ
.කියවල බලන්න. පූසෙකුගෙ වැඩක් නෙ.බ්ලොග් එකට පිලි ගන්නව ආදරෙන්.
Deleteම්ම්ම් මේ පින්තූරෙම එක්ක The Cat කියලා Happy Thoughts බ්ලොගේ දාපු පෝස්ට් එක නම් පේන්න නෑ.
ReplyDeleteතත්පර ගානකට වැරදිලා පුතා පුබ්ලිශ් කරපු එක දැක්කෙ කොහොමද? :D
Deleteලස්සන කතාව. ඇත්තෙන්ම මටත් මීයෙක්ගේ මූණ බලාගෙන ඌට ගහන්න හිතෙන්නේ නෑ. පව් කියලා හිතෙනවා කොච්චර පාඩුවක් කලත්.
Deleteකියවනකොටම පරිවර්ථනයක් කියලා දැනෙනවා.. බොහෝම රහ කතාවක්.. මේක අපේ කරලා ලියන්න පුලුවන් නම් තමයි දස්ස කම. උදාහරනෙකට ඔය උඩ ඉන්න පොරගේ පරිවර්ථන ටිකක් කියෙව්වා නම් හරි...
ReplyDeleteඒ ඩූඩ්ගෙ දස්ස කම. ඒ style එකට ලිව්වත් එහෙම මට ලියන්න පුලුවන් වේවි කියා මම හිතන්නෙ නෑ. මගෙ එක කතාවක්- The Trouble with Time ඒ විදියට තමා ලියන්න උත්සාහ කලේ. කතා කරන බාසාවෙන්.
Deleteඒ පොරගෙන් තමා එරෙන වෙලාවට උපදෙස් ගන්නෙ.
හප්පට සිරි මාව නග්ගලා මුරුංගා කරටියටම.
Deleteඒ වුනාට ඒ ස්ටයිල් එක හැම කතාවකටම හරියයි කියලා හිතන්න අමාරුයි මාතලන්.
නියමයි... ඒ උනාට මට ඕකව අහු උනා නම් ලණුවකින් එල්ලල බොක්සිං ගහනව. මගේ ඇඳට නැඟල කොට්ටෙ උඩ තඩි බෙට්ටක් දාපු දවසෙ ඉඳන් මට ඔය ජරා පූසො පේන්න බෑ :(
ReplyDeleteමාත් නම් පූසන්ට විශේශ ආසාවක් නෑ.ඒත් කෑම නැතිව අපේ කුස්සිය පිටිපස්සෙ කැරකෙනකොට නම් සමහර වෙලාවට මොනව හරි කන්න දෙනව.
Deleteකොට්ටෙ ජරා කරපු එකට නම් කිසි සමාවක් දෙන්න හොඳ නෑ. :D
පරිවර්තනයක් වුනත් අපූරු කතාව, මාතලන් කියපුදෙට එකඟයි මාත්
ReplyDeleteබොහොම ස්තූතියි ඉවාන්. මම ගොඩක් රුසියන් පොත් කියවල තියෙන නිසා ඔයාගෙ නම දකින කොට හිතෙන්නෙ ඔයත් රුසියන් චරිතයක් කියල.
Deleteතව දුරටත් ඌ හොර පූසෙක් නොවේ....
ReplyDeleteඔව්. ඔව්. එහෙම කියමු. දුප්පතා.
Deleteමම පස්සේ එන්නම් මේක කියවන්න මානෙල් අක්කේ.. දන්නවනේ මම මේවා කියවන්නේ වෙවේකීව ඉන්න වෙලාවට..
ReplyDeleteපරිවර්තනය නම් අපූරුයි ... හරිම ආසාවෙන් කියව්වා මම.. හැම සතාම හොරා කන්නේ බඩගින්නට.. හොරා කෑමක් කියලා කියන්නත් බැහැ ඒක.. බඩගින්න එද්දී අපිට උනත් ඉන්න පුලුවන්ද ...? සත්තු හරි අසරණයි අක්කේ බඩගින්න හමුවේ...
Deleteදිගටම මේ වගේ පරිවර්තන කරන්න ..ආසයි බලන්න..
ඔයා කොහොමත් ඉතින් ධාර්ශනිකය නේ. සත්තු බඩගින්නට විතරක් නෙමේ පුරුද්දටත් හොරා කනව. විශේශයෙන්ම ගෙවල්වල ඇති කරන පූසො බල්ලො වගේ සත්තු.
Deleteහොද කතාවක්.. පරිවර්ථනය කරලා දාපු එක සෑහෙන වටිනවා..
ReplyDeleteස්තූතියි දිනේශ්.
Deleteලස්සණ කතාවක්. මගෙත් පූසන්ට ඒ හැටි කැමැත්තක් නෑ. රෑට මහ සද්දෙන් අඬන එක තමයි මට නං පේන්න ම බැරි වැඩේ. නිදා ගන්න එකත් එපා වෙනවා ඒ වෙලාවට.
ReplyDeleteමටත් නම් රෑට අඬලා නින්ද කඩන කොට එන්නෙ පුදුම තරහක් :D
Deleteඔබ මා විසින් කරන ලද ඉල්ලීමට කන්දී ඇති හැඩයි. බොහොම අපූරු කතන්දරයක්. මේ ලිපිය මම අපේ ගෙදර උන්දැටත් පෙන්වන්න ඕනේ. මොකද උන්දැත් මට කියන්නේ කිටි කියල හික් හික් හික්. ඔබේ බාෂා හැසිරවීම ඉතා අනර්ඝයි.
ReplyDeleteඔව්.ඔව්. මගෙ බ්ලොග් එක පටන්ගන්න කියපු කෙනාව අමතක කරල කොහොමද?
Deleteකිටී කෙනෙක් වුන කෝරලේ මහත්තයෙක් ගැන ඇහැව්වුමයි.
හොර පූසා ඤාව්....ඤාව්............
ReplyDeleteපූස්, පූස්.
Deleteඅනේ අනේ මේ බඩජාරියා... කොහොම උනත් අන්තිමේදී අනුකම්පාව ලබාගෙන බේරුණා නේද?
ReplyDeleteලස්සන කතාවක්..ස්තුතියි පරිවර්ථනය කරලා අපිට කියවන්න සැලස්සුවාට..
ඕන තරමක් ගහපන් කියල ඔලුව නමාගෙන ඉද්දි ගහන්නෙ කොහොමද? :D
ReplyDeleteපූස වුනත් හරි කට්ටය නේද?
ඔය වගෙ දේශපාලුවෙකුත් ඉන්නවා.
ReplyDeleteමට හිතා ගත්තැහැකි :D
ReplyDeleteතව එකක් ඕනේ ................
ReplyDeleteමට පොඩ්ඩක් අසනීප වුන නිසා තාම එකක් translate කරන්න ගත්තෙ නෑ. බලාපොරොත්තු කඩ කරන්න උනාට කනගාටුයි.
ReplyDeleteහරි කරදරේ. මට profiles පැටලෙනවා.
ReplyDeleteඔබතුමිය කාලෙකින් මොකුත් ලිව්වේ නැහැ නේද? බ්ලොග් එක මෙහෙම පාලුවට යන්න දෙන්න එපා. අනෙක අසනීප තත්වය කොහොමද දැන්. මම ප්රාර්ථනා කරනවා ඉක්මනට සනීප වෙන්න කියල
ReplyDeleteතදබල අසනීපයක් නෙවෙයි. නමුත් ලියන්න උනන්දුවක් ඇතිවෙන තරමෙ සනීපෙකුත් නෑ. මේ ටිකේ ඉඳහිට online ඇවිල්ල අනිත් ලිපි කියවල යනවා. අද පොඩි short story එකක් හොයාගත්තා. මගෙ සාමන්ය style එකට වෙනස් එකක්. ඉක්මනට දාන්නම්. බොහොම ස්තූතියි විපරම් කරල බැලුවට.
ReplyDeleteනියම කතාව... හිහි.. අපේ ගෙදරත් ඉන්නවා මේ වගේම බඩජාරි තැඹිලි පාට පූසෙක්.. :D
ReplyDeleteඑහෙනම් ඉතින් දන්නවා ඇතිනෙ උන්ගෙ වැඩ! මේ ටිකේ ලිව්වෙ නෑ නේද?
Delete