Wednesday, December 11, 2013

ගං ඉවුරේ පන් නෙලන්නී ඈ









පන් නෙලන්නීය, වෙලට බැස මිත්තණිය
වැතිර ඉඳිමි මා ගං ඉවුරේ.
ඉදී බෙරි වී පැලුණ කිරල ගෙඩිවල  සුවඳ
කූරු ගායි මගේ නාස් පුඩු.


ඉව කරමින් ඒ මිහිරි සුවඳ
ඇවිද යමි ගං ඉවුර දිගේ
බලමින් දෙපස, සොයමින් කිරල ගෙඩි
මඩ තුල වැතිරුණ.
කඩොලාන මුල් අතර
ඉස්සො පැටව්
නටති, පනිති, දඟලති.

පෙනෙයි සේයාවක් පැහැදිලි ගං දියේ.
දිගු නොවූ හිසකේ, බෝරිච්චි ගවුමක්.
කුතුහළයෙන් වෙලුන ඇස් ඇති
කෙලි පොඩ්ඩියක්.

සවනත වැකෙයි මිත්තණියගේ කට හඬ.
" කෙල්ලේ, මෙහෙ වරෙන්."
මෑත් වී ගං තෙරෙන්
රුං ගා දුවමි ඇය වෙතට.

මිටි බඳියි නෙලූ පන් ඈ.
විසිර ඇති නියර මත.
බලා සිටිමි නොඉවසිල්ලෙන්,
ඔසවන තුරු පන් මිටියක්
මා හිස මතට.

ගනිමි එය හිස මතට, පාත් වී හිමිහිට.
විඳිමින් කොමල පහස,
වළාතර සැඟවෙන  සුමුදු හිරුගේ.

පා තබා සීරුවෙන්, ඇවිද යමි මා
කිරුළ හිසින් ගත් ‍රැජණක සේ.





ඕනෑම මොහොතක චිත්‍රයක් ඇඳ දෙන්න කියා ඉල්ලූ විට හැකි විගස එය කරදෙන වසන්තා ප්‍රනාන්දු ගුරු මහත්මියට මගේ ස්තූතිය පිරි නමමි.


(කවියක් ලියන්න ගත් උත්සාහය සාර්තක වුනාදැයි නොදනිමි. නමුත් මේ අතීත අත්දැකීම එලියට දැමීමට වෙන පහසු ක්‍රමයක් සොයා ගත නොහැකි විය.)

50 comments:

  1. රැගෙන ජංගි කොටයක් කිහිල්ලට
    ආතාට ලැබුන ගිහිපිරිතකට
    ඉරි ඉරි තුවායක් සමගින්
    අක්කපාන කෙල ‍කඩ කඩ
    ගල් පොකුනු ගල් පොත්ත උඩින්
    ධනවර්ධන මාමලාගේ
    මැංගුස් ගස් යටින්
    කුමාරි අක්කාගේ නංගා
    සුදු මැණිකාට අත වනමින්
    මායිම් කඩුල්ලෙන් පැන
    වෙද සීයලාගේ වත්තට
    උදය මාමලාගේ බොන ලිදට
    මැංගුස් ලෙල්ල විසිකරමින්
    රත්තාගල පාරෙන්
    තැන්නේ ලිදට
    ගිය අතීතයට මාව ඇදගන ගියා
    ගීං ගං අක්කේ උඹ:
    තැන්නේ ලිං පඩියට
    චීත්තය පත බාන ගමං
    සුසිල් මහත්තයා ආවේ නැද්ද
    කන්ඩ බටර් පාං අරගන
    මගේ අප්පාව අහන
    පිස්සු සෝමා නැන්දාට
    තිබ්බ නහයමයි තියෙන්නේ
    අක්කන්ඩියේ උඹට

    ReplyDelete
    Replies
    1. පොස්ටුවේ අයිතිකාරියටත් කමෙන්ටුවේ අයිතිකරුවාටත් මගේ ප්‍රණාමය ....!

      Delete
    2. සහන් ඔබටත් ඉතාම ස්තූතියි. නොකඩවාම මා දිරිමත් කිරීම ගැන. නොකඩවා ඔබේ පෝස්ට් කියවීමට නොහැකි වීම ගැන අමනාප නොවෙතියි සිතමි.

      Delete
    3. අර අරමගල පුස් කකා තියෙන්නේ දාහන්කෝ.. මේක ඒකේ.. හිටගෙන...

      Delete
    4. හි හි

      Delete
    5. කොහේ දැම්මහම මොකද උඹල කියවනවනේ

      Delete
    6. ඒකට කමක් නැහැ මානෙල් අක්කේ ... ඉඩ ලැබෙන හැටියට නෙව එන්නේ... හිතේ අහිතක් නැහැ..

      Delete
  2. හරිම ලස්සනයි අටම්. මෙච්චර කාලෙකට මට ලැබුන සුන්දරම, හර්දයාංගම කොමෙන්‍ටුව.

    ReplyDelete
  3. ලස්සන කවියයි චිත්‍රෙයි සහෝ...අටම්තුමාගේ කොමෙන්ටුවත් ඉස්තරම්

    ReplyDelete
    Replies
    1. චිත්‍රෙ නම් මට මිස් කෙනෙක් ඇඳල දුන්නා. කොමෙන්‍ටුව පෝස්ට් එකට වඩා ලස්සනද මන්ද?

      Delete
  4. මේ ස්වභාව සෞන්දර්යය, මේ නිර්ව්‍යාජ ගැමි ජීවිතය, විඳගන්නට අපි පින් කරලා තිබුණා. ඒත් අද?

    ReplyDelete
    Replies
    1. මේ කවිය නැවත කියවද්දිත් මට ඇඬුම් යන්නට ආවා. හරි දුකයි මිත්තනිය හා මා ගතකල ඒ අතීතය සිහිවන විට.

      Delete
  5. අඩේ මේ බ්ලොග් එක අටමගෙද?? අටමිගෙද?? නැත්තම් කාගෙද??

    ReplyDelete
    Replies
    1. මේ බ්ලොග් එක නිල් මානෙල් ගෙ. අටම්ල අපි බ්ලොග් සහුර්දයො. මීට කලින් ඇවිත් නෑ වගේ. පිලිගන්නම් ගාලු කොල්ලව මගෙ බ්ලොග් එකට.

      Delete
  6. සාර්ථකයි.. උත්සාහය.ඒක අගය කරනවා..

    කිරල සුවදට නහය කූරු ගානවා කියන එක විදින්න හරියටම ලේක් එහෙක වැවිච්චි කිරළ ගස් ගොන්නක් අතරේ ඉන්නම ඕනත. ඇත්තටම නහය කූරු ගෑවෙනවා ඒ සුවදට

    ReplyDelete
    Replies
    1. බයේ හිටියෙ. කවිය චොර වුනා කියල.

      ඇත්තටම ඔයත් කිරල ගෙඩි ඇහිඳන් කාල තියෙනවද? වැඩිය කන්නත් බෑනෙ. ඒ අත්දැකීම් ගත්ත තව අය ඉන්නව කියල අහන එකත් හරිම සතුටක්.

      මම එව්ව ශෝට් ස්ටෝරීස් කියෙව්වද? නෑ නේද? :D

      Delete
    2. ලැබුනේ නෑනේ.. ආ අර දාපු ලින්කටුවද... තාම වෙලාවක් ලැබුනේ නැහැ. අපේ රාජ් දුන්නා ඇලන්පෝගේ ඔක්කෝම කතා තියෙන පීඩීඑෆ් එකක් ඒකේ ඕක ඇති අනිවා... ස්තුත්යි..

      Delete
  7. ඒ අත්දැකීම් මට නෑ. හැබැයි, පද පෙළින් ඒ අත්දැකීම වින්දා!

    ReplyDelete
    Replies
    1. අපි විඳපු ඒ සොඳුරුඅත්දැකීම්වලින් සොච්චමයි මේ ප්‍රකාශ වෙන්නෙ. ඒව ඒ විදියටම කියන්න තරම් වචනවලින් මම පොහොසත් නෑ.

      Delete
  8. ඔහේගේ කවියත් හරි.. අටමගෙ කවිය ඊට හපන්.. දෙකම පට්ටම පට්ට රහයි...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අටම් ගෙ කවිය මම ලියපු එකටත් වඩා ලස්සනයි. අහල පහල මුලු නැදෑයො ගැනම කියල තියෙනවනෙ. ඒ මදිවට නහයක් ගැනත් කියල. හි හි

      Delete
    2. ඔය අපේ ලොක්කත් කියල තියෙන්නේ.
      ඒ කාලේ මතක් කරනවා ඔබලා වැනි අයගේ මෙවැනි නිර්මාණ.

      Delete
  9. ආ කවිනෙ.. මම ආවෙ පරිවර්තනයක් කියවන්න.. ආයෙ එන්නම්..

    ReplyDelete
    Replies
    1. senna - පරිවර්තන දෙකක්ම පටන් ගත්තා. ඒත් මේක මතක් වුනා ලියන්නම හිතුනා. පරිවර්තනවලට ගොඩක් කාලය යනවා. එක දිගට ඒකෙ යෙදෙන්නත් බෑ.

      Delete
  10. හැකියාවක් තියන්වා කියලා පේනවා.. :-)
    විහිලුවක් කලෙ හොදට ලියල තියෙනවා.. තව කල් යද්දි හොදට ලියයි තව..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි. ගොඩක් ලස්සන නෑ කියල දන්නවා. ඒත් කවිවලට මම ආසයි. විශේශයෙන් නිසඳැස්. බ්ලොග් එකට ආදරෙන් පිලිගන්නවා.

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. කවිය නම් ඇත්තටම ලස්සනයි.. සුන්දර ගැමි කමක් මතු වෙලා.. චිත්‍රේ කාගෙද කියන එක කියලා නැහැනේ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මතක් කලාට . ඔන්න චිත්‍රය ඇන්ද කෙනාගෙ නම දැම්මා.
      තාමත් ඒ ගැමි විදියට තමා ලෝකය දකින්නෙ බාහිරෙන් නවීන වුනාට.

      Delete
  13. කවිය මසුරන් .
    මෙය කියවද්දී මට සිහියට ආවේ දුම්මලදෙනිය ගමේ පන්සල අසලින් ගිංගග පැත්තට ඇවිදගෙන යද්දී දුටු දේවල්ම ඒ අයුරින් ලියවිලා තිබීමයි මානෙල්.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එකට අද නේද ආවෙ. ආදරෙන් පිලි ගන්නවා.අගය කිරීමට ස්තූතියි.

      ඔයා කොහොමද දුම්මලදෙනිය පැත්තට ආවෙ. එහෙද ඉන්නෙ? ඒ පැත්ත හොඳට පුරුදුයි වගේ.

      Delete
  14. පොස්ටුවේ කවි කාරිටත් ,කොමෙන්ටුවේ කවි කාරයාටත් මල් මිටක්

    ReplyDelete
    Replies
    1. ඔව්.ඔව්. දෙන්නටම ප්‍රසන්සාව ලැබෙන්න ඕන. දෙකක් නෑ.

      Delete
  15. නිල් මානෙල්........ආපහු ගමට ගිහින් ආවා...රාජ් ලියලා තිබුනා පන් මතක් කරලා පෝස්ට් එකක්. ඒකත් හරිම ලස්සනයි.

    ReplyDelete
  16. මාත් ඒක ලියල ඉවර වෙනකල්ම හිතින් හිටියෙ ඒ පරිසරයෙ තමයි. දැනුත් ගඟ නම් තියෙනවා. ඉන්නෙත් ඒ කිට්‍ටුව. නමුත් පරිසරය ?

    ReplyDelete
  17. අපේ ගෙවල් පැත්තේ ගං ඉවුරුත් නෑ, කිරලත් නෑ. :D හැබැයි කවියයි, චිත්‍රෙයි රස වින්දා. ලස්සනයි..! :)

    ReplyDelete
  18. සුපිරියිනේ අප්පා.......

    ReplyDelete
  19. මෙච්චර පරක්කු වුනාට සමාව භජනය කරත්වා. ඔය කට්ටිය දීලා තියෙන්නේ ලෙසටම. ඔන්න ඉස්කෝලේ හාමිනේගේ තවත් සැඟවුනු කුසලතාවයක් එලි දැක්කා අද.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ඒ දක්සතාව ය නම් තව වැඩි දියුනු විය යුතුයි.

      Delete
  20. නිර්මාණය රස වින්දෙමි... තව පරිවර්තනයක් කරන්න කාලේ හරි වාගේ.. :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. කාලෙකින් බ්ලොග් එක ලිව්වෙ නෑ නේද?

      Delete
    2. ඔව්.. දැන් නම් ආයෙ හෙමින් හෙමින් ලියනව. :)

      Delete
  21. මං වැඩිය ඔය නිසදැස් වලට කැමති නෑ. මොකද දකින ඒව තුලින් කිසිම රහක් නේන නිසා(හැබැයි මට විතරක්).ඒත් කර්සරේ ටිකෙන් ටික පාත් වෙනකොට දැකපු චිත්‍රයට ලොබ සිතුනු මගේ සිත නිතැනින්ම ඔබ ලියා තිබුණු පදවැල්ද මුමුණන්ට අමතක කලේ නැත. ලස්සනයි. ඇත්තටම ලස්සනයි. උගතෙක් වියතෙක් නොවුණත් දුප්පත් මගේ සිතට මතක් වූයේ උසස් පෙළ කරද්දී හදවතින් විදින ලද කවි ගොන්නයි.(කාලයත් එක්ක වෙනත් දේ කියවන්න බැරිවුණු නිසා)......ඔහ්

    ReplyDelete
    Replies
    1. කවිය රස වින්දා නම් සතු‍ටුයි. අපි උගත්තුද වියත්තුද කියල තීරණය වෙන්නෙ අපි කරන දේවලින්. ඔය ඕන තරම් උගත්තු කියල කියා ගන්න අය හෙන මෝඩ වැඩ කරන්නෙ!

      Delete
  22. ඉතා කැමතියි!!!

    ReplyDelete
  23. තෙලිතුඩට නැගුනු මේ නිසඳැස මවයි සිත තුල සොදුරු සිතුවමක්

    ReplyDelete