මට මතක ඇතිදා සිට ගිං ඔය මගේ තනියට සිටියාය. කුඩා කල මා හැදීවැඩුනේ ගිං ඔය අසබඩ කුඩා නිවසකය. එකල ගං ඉවුරේ සිට මගේ ඥාති සොයුරන් තිදෙනා හා මා හා සම වයසේ පසුවූ මගේ ඥාති සොයුරිය දිය බුං ගසනවා විස්මය පිරි දෙනෙතින් බලා සිටියෙමි. මගේ පියාගේ වැඩිමල් සොයුරිය වාසය කලේ අපට යාබද නිවසේය. එබැවින් මගේ මව හා නැන්දා උයා පිහා අහවර වීමෙන් අනතුරුව අප සැම කැටුව ගඟට යන්නෝය.මව හා නැන්දා රෙදි සේදීම අරඹන අතර ඉතිරි සැමෝම දියට පනිති.මා විතරක් ගං ඉවුරේ ඉතුරුවේ.(ගිං ඔය අසල හැදී වැඩුනත් මට පීනීමට බැරිය. එය ත්‍රාසජනක කතාවකි. පසුව කිවීමට බලාපොරොත්තු වෙමි.)
හවස් කාලයේ සැවොම නිදියන විට මම ගං ඉවුරේ වාඩිවී ගඟ දෙස බල සිටීමට පුරුදුවී සිටියෙමි. නැතහොත් ගං ඉවුර දිගේ ඇවිද ගොස් කිරල ගෙඩි අහුලා කැවෙමි.
සමහර දිනවල අය්යලා ඔරු පදින විට මර බියෙන් වුවද එහි වාඩිවී ගියෙමි.
මා තරමක් ලොකුවූ විට සීයා සමග දැල් ගසා මාලු ඇල්ලීමට ගියෙමි. (මාලු ඇල්ලුවේ මා නොව සීයාය. මම ඉස්සන් හා මාලුන් එකතු කලෙමි.)
සමහර දාට ආච්චි සමග පන් කැපීමට ගියෙමි. ආච්චීට ලස්සනට පැදුරු විවීමට පුලුවන.
යාලුවන් නොසිටි, කුඩා කල සිටම කුලැටි, ලැජ්ජාශීලි ලමයෙකුවූ මා තනිකම පාලුව මකා ගත්තේ ගඟ සමීපයේ ගැවසෙමිනි.මා හා කතා නොකලත් ගඟ මා තේරුම් ගත්තා යයි මට සිතේ. තනිකම මැකීමට ස්වභාව ධර්මයේ පිහිට පැතිම නිසා එහි මිහිර මගේ චිත්ත සන්තානයේ ගැඹුරට කිඳා බැස්සේය.
මා කියවීමට හා ලිවීමට හුරු වුනේත්, ස්වභාවධර්මයේ ලස්සන රස විඳිය හැකි මනසක් ඇතිවුනේත් ගඟ අසබඩ ගතකරමින් මා ලබාගත් අත්දැකීම් නිසාය.
දිය පහරක ඇති මිහිරියාව, පිවිතුරු බව හා විඩාබරිත සිත් සතන් සනහාලීමේ ගුනය මා ගිනිය නොහෙන වාරයක් පසක් කොටගෙන ඇත්තෙමි.
එබැවින් මගේ නව බ්ලොගය "ගිං ඔය අද්දර" කියා නම් කිරීම වඩාත් සුදුසු යයි ඔබ නොසිතන්නේද?
ගිං ඔය අද්දර කියන නම මේ විස්තරයට අනුව නම් හොඳටම ගැලපෙනවා, නිල් මානෙල්. ඔය කියලා තියෙන්නෙ ගිං ගඟ අසබඩ ළමා කාලය ලස්සනට. තව කතන්දර කීපයකට මුල පුරලත් තියෙන්නේ. එහෙම නම් පටන් ගනිමු.
ReplyDeleteමේ අකුරු තියෙන පසු බිම තව පොඩ්ඩක් ලා පාට වුනොත් හොඳයි කියලා තිතෙනවා අකුරු කලු පාට නිසා.
ඔව් ඇහැට ටිකක් අමාරුයි
Deleteබොහොමත්ම ස්තූතියි දිරිදීමට. කවදත් ඔබේ කමෙන්ට් එක මගේ බ්ලොග් එකේ මුලින්ම තියෙනවනෙ.පාට ගැන නම් මටත් සැකයක් තිබුනා.අලුත් බ්ලොග් එක බ්ලොග් රෝලෙ එල්ල ගත්තට පින්.
ReplyDeleteමම තමයි මේ බ්ලොගේට ගොඩ වැදුනු සිය වැනියා.
ReplyDeleteකෝ ඉතින් ෆලෝවර්ස් ලිස්ට් එක හෙම? :)
එහෙනම් මම 101 වෙනියා වෙන්නැති.මට මේ ගූග්ල් + එක හරි අවුල්. ෆලෝවර්ස් බට්න් එක දාපුවම සර්කල්ස් ගැන කියනවනේ.මගේ බ්ලු ලොටස් ප්‍රොෆය්ල් එකේ මගෙ මුන විතරක් කපල ගන්නෙ කොහොමද?(පොටෝ ෂොප් වලින්)
ReplyDeleteගූගල් + එක තවම ටිකක් අවුල් වගේ තමයි. මගෙත් Dude ප්‍රොෆයිල් එක ගියා.
Deleteඉතින් ඇයි ඒ ෆෝටෝ එකම ක්‍රොප් කරලා ගන්නේ? වෙන එකක් ගන්නකෝ.
හරි ඕනෙම නම් ගන්නෙ මෙහෙමයි. ඕකට ෆෝටෝ ෂොප් යන්න ඕනෙ නෑ. ඉස්සෙල්ලම ඒ ඔරිජිනල් එක කොපි කරලා වෙන තැනක අලවා ගන්න. ඊට පස්සෙ ඒ කොපි එක උඩ රයිට් ක්ලික් කරලා Open with ආවාම Microsoft Office Picture Manager වලින් අරින්න. ඒකෙ Edit Pictures ක්ලික් කරලා Crop ක්ලික් කලාම පින්තූරෙ ක්‍රොප් කලෑකි. හැබැයි ගූගල් + වලට හරි හතරැස් පික්චර් එකක් ඕනෙ මට මතක විදියට. ඊට පස්සෙ සේව් කරලා අප්ලෝඩ් කරන්න ගූගල් + එකට.
මම ඒ විස්තර කලේ නොදන්නම කෙනෙකුට උනත් තේරෙන්නෙයි. මේ විස්තර දැනටමත් නිල් මානෙල් දන්නවා නම් කේන්ති ගන්න එපා හරියට මෝඩයෙකුට කිව්වා වගේ කියලා තියෙන්නෙ කියලා.
මට කොහොමත් කියා දුන්නත් ටෙක්නිකල් දේවල් මතක හිටිනවා අඩුයි.ඔය කියපු ක්‍රමේ හොඳයි. තනියම ඉන්න පොටෝ එකක් නැ. තිබුනු ඒවා කොහෙද දන්නෙ නැ.සින්ගිරිසිවල ඉන්ග්‍රීසි ටය්ප් කරන්නෙ කොහොමද? මේ මනුස්සයගෙනුත් තියෙන කරදරේ!
ReplyDeleteමෙතන තියෙන පින්තූරේ නම් හරිම ලස්සනයි....
ReplyDeleteඔයාගේ කලින් බ්ලොග් එක තාම තියෙනවා නේද ?
මම නම් කැමති එකම බ්ලොග් එකේ භාෂා දෙකෙම්ම
පෝස්ට් දානවට ..ඔතොකොට එක ගලෙන් කුරුල්ලෝ
දෙන්නයි...සිංහල බලන්න එන අයට ඉංග්‍රීසි ලිපියක් බලන්න
ලැබෙනවා ..ඉංග්‍රීසි ලිපි බලන්න එන අයට සිංහල ඒවා බලන්න
ලැබෙනවා ..
කවි , නිසඳැස් , දේශපාලන , තාක්ෂනය , අරව මේවා ඔක්කොම
එකම බ්ලොග් එකේ දැම්මට කමක් නැහැ..එක දේකට ආසා කෙනෙක්
තව දෙයක් දකිනවා ඔතොකොට...
අන්න ඒක වැදගත්...ගුරුවරියක් විදිහට හොඳ වටිනාකමක් ඇති දේවල්
දාන්න හැකි වේවා..සුබ පැතුම්...
මාරු වෙල ඔයාගෙ උත්තරේ අඩවි රජාට දීල තියෙන්නෙ. මාරුව ඇරන් කියවන්න හොඳේ.
Deleteබලමු රජා කැමති වේවිද කියලා ..:D
Deleteකරුණු අනුව නං..... ගැලපෙනම නම තමා දාලා තියෙන්නේ :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
බොහොම ස්තූතියි ආවට. දිගටම එන්න. රජෙක් ඉන්නකොට හිතට හය්යක් එනවනෙ.
Deleteමටත් ඒ පින්තූරෙට හරි ආස හිතුනා. ගූග්ල් ඉමේජස්වලින් ගත්තෙ. බොහොම ස්තූතියි ආවට. බයේ හිටියෙ මේක මැස්සො ඇහිරෙයි කියලා. ඔයාගෙ යෝජනාව ක්‍රියාත්මක කරන්නම්. දැනට ටිකක් කල් දෙන්න.දිගට එන්න ආරදන කරනව. වැඩ වැඩි නිසා අනිත් බ්ලොග්වලට යන තියෙන කලය අඩුයි. ඒත් හැම එකකටම එන්න උපරිම ට්‍රයි කරනම්.
ReplyDeleteමේකෙ ෆලෝ විජෙට් එකක් නෑනේ.....
ReplyDeleteඇත්තටම නම ලස්සනයි........
බොහොම ස්තූතියි යසිත. ගොඩාක් ස්තූතියි ආවට.
Deleteෆලෝ කරන ගැජට් එක දාන්න , හැබැයි අර ගුගල්පස් එකනං එපා අර පරන එක දාන්න
ReplyDeleteඅටම්ස්. ස්තූතියි ආවට. පරන ෆලොවර්ස් එක අතුරුදහන් වුන්නනෙ. දැන් ආය හොයල ගන්න දන්නෙ නැ.
Deleteනම මොකක් උනත් කමක් නෑ. ලියන්නෙ මොනවද කියන එකයි වැදගත්.
ReplyDeleteඔව්. නමුත් පස්සෙ වෙන මාතෘකාවලට ගියත් නම, මුලින්ම අපි ලියන දේත් එක්ක ගැලපෙන්න ඕනනෙ.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteCongrats ! ! ! I love the beginning :)
ReplyDeleteඇත්තද? සන්තෝසයි අහන්න.
Delete"ගිං ඔය අද්දර" හ්ම් නම ලස්සනයි...ඒ වගේමයි අලුත් බ්ලොග් එකත් :) ඒත් ෆොලෝ විජට් එක නැති එක නම් අපරාදෙ.
ReplyDeleteබොහොම ස්තූතියි. කාලෙකින් දෙක්කෙ.ෆලොවර් විජට් එකේ ප්‍රස්නෙ විසඳන ක්‍රමයක් හොයන්න ඕන.
Deleteබෝම සුදුසුයි නම.කුඩලිගම කවියගෙ ජීවිතය කළු ගගත් එක්ක බැදිලා තිබුණ වගේ නිල් මානෙල් මලත් ගිං ගගට බැදිලා වගෙයි!
ReplyDeleteස්තූතියි මේ බ්ලොග් එකට ආවට. ඔව්. ගිං ඔය තමයි මාව මේ විදියට නිර්මානය කලේ.
Deleteෆලෝවර් ගැජට්ටුව නැත්ද..
ReplyDeleteෆලෝවර් ගැජට් එක ගන්න දන්නෙ නැ. ගූග්ල්+ දාපුවම බ්ලොගර් ෆලෝවර් ගජට් එක දාන්න බැ නේද? ඔයාගෙ බ්ලොග් එකේ කොමෙන්ට් කරන්න විදියක් නැනෙ. ඇනෝ කෙනෙක් විකාර කියවනවනෙ.මට දාපු කමෙන්ට් එක බලන්න.
Deleteඅයියෝ ඔය හාදයෝ කියන ඒව ගනන් ගන්න එපා... හෙහ්.. කිසිම කේස් එකක් නෑ ඔබ එන්න..
Deleteසිංහල බ්ලොග් අවකාශයේ දිගු ගමනකට සුභ පැතුම් :)
ReplyDeleteදැන් කාලේ ළමයින්ට මෙහෙම දෙයක් කියන්න තියෙනවාද කියලා සැක සහිතයි. ඒ අතින් බලද්දී මේ අත්දැකීම් වින්ද ඔබ වාසනාවන්තයි
This comment has been removed by the author.
Deleteස්තූතියි ආවට. පරිසරයේ මිහිරියාව ගැන මම නම් ගොඩක් අත් විඳල තියෙනව.නමුත් අවාසනාවකට මගේ පුතාටවත් එහෙම අත්දැකීම් නැ.
Deleteමට මේ බ්ලොග් එකට එන්න ගොඩාක් අමාරු වුනා. දිගටම ලියන්න ඔබට සුබපතනවා. ඕන දෙයක් තියෙනවානම අහන්න.
ReplyDeleteස්තූතියි දිරි ගැන්වීමට. ඇයි එන්න අමාරු වුනේ? ලින්ක් එක වැඩ කලේ නැද්ද? මම ඔබේ රසිකාවියක්.( B.L.)
Deleteමම දන්නවා නිල් මානෙල්, ඔබ මගේ රසිකාවියක් බව. කලින් මගේ පොස්ට් වලට දුන්න ලින්ක් වැඩකලේ නැහැ. මම ඒ බව ඒ කොමෙන්ට් වලට රිප්ලයි කරලා තියෙනවා.
Deleteදිගටම කරගෙන යමු.
සුභ පැතුම් !
ReplyDeleteදිගටම ලියන්න.. රසවත් වෙයි කියලා පේනවා...
බොහොම ස්තූතියි. දිගටම ඇවිත් මාව දිරිමත් කරාවි කියා සිතනවා.
Deleteඔන්න මාත් ආමි :D
ReplyDeleteදැන් මේක ලියන්නෙ Blue Lotus ද ? නිල් මානෙල්ද ? කවුරුහරි කමක් නෑ දිගටම ලියන්නකො, අපි එන්නම් කියවන්න..
This comment has been removed by the author.
ReplyDeleteමේ ලියන්නෙ නිල් මානෙල්. පොඩි කාලෙ අහල පහල යාලුවො හිටියෙ නැති නිසා ගඟ පැත්තෙම කැරකුනු පොඩි කෙල්ලෙක්. (හරි කරදරේ. චරිත දෙක මාරු වෙනවා.)
ReplyDelete//ගිං ඔය අද්දර..// ලස්සන නම.
ReplyDelete//දිය පහරක ඇති මිහිරියාව, පිවිතුරු බව හා විඩාබරිත සිත් සතන් සනහාලීමේ ගුනය මා ගිනිය නොහෙන වාරයක් පසක් කොටගෙන ඇත්තෙමි.// සම්පූර්ණ ඇත්ත කතාව. අර උඩම තියන චිත්‍රය හරිම ලස්සනයි නේ. ඔබ ඇඳපු එකක් ද..?
බ්ලොග් කරණයට සුබ පැතුම්..!!
ස්තූතියි චන්දන ආවට.ඔයත් ඒ අත්දැකීම විඳල තියෙනව වගේ. ඒ චිත්‍රය දැක්කම මටත් පුදුම ආසාවක් ඇතිවුනා.ගූග්ල් දෙය්යො දුන්නෙ. චිත්‍ර අඳින්න මාත් හරි ආසයි. ඒත් බෑ. කාලෙක ඉඳන් ඉන්ගිරිසි බ්ලොග් එකක් කරනවා වැඩිය කට්ටිය එන්නෙ නැති නිසා ගොඩක් අය එක්ක සම්බන්ද වෙන්න තමයි සින්හල බ්ලොග් එක පටන් ගත්තෙ.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteබ්ලොග් එකට සාදරයෙන් පිලි ගන්නවා. බොහොම ස්තූතියි.
ReplyDeleteමෙය කිවවද්දී මට මාගේ මවගේ උපන් ගම වූ අම්බලන්ගොඩ පෙදෙස සිහියට නැගුනා එය පිහිටා ඇත්තේ මාදු ගඟ අසබර ඉහත සිරි ඇති පරිසරයකයි. මට අවුරුදු 3දි විතර අපේ තාත්තා ගින්තොටින් ගෙයක් අරන් ඉඳල තියෙනවා. පස්සේ රට ආවනේ දිගටම ඉන්න එක දැන් විකුනලා.
ReplyDeleteමාත් ඒ ගඟ ලඟ ගෙදර හිටියෙ පොඩි කාලෙ.එතකොට මට වයස අවුරුදු පහක් විතර ඇති. ඉන් පස්සෙ ඒ ගෙදරින් යන්න වුනානෙ. හරි දුකයි මතක් වෙන කොට.
ReplyDelete