Saturday, February 11, 2017

අඳුර































 " ඇත්තෙන්ම  සමහරු හරි උද්ධච්ඡයි.ඔවුන් හිතනවා දෙවියන්ට පමණක් කළ හැකි දේ පවා ඔවුනට කළ හැකි බැව්ග්‍රීකයන්  එයට පවසන්නේ hubris-   එහි  අරුත නම්  - දේව අපහාසය-" 
                "එසේම ඔවුන් විස්වාස කරනවා, එසේ සිතන අයට නිසැකයෙන්ම දෙවියන් දඬුවම් කරන බව. -ate - "     ඕගස්ට් පොයින්ට්ඩෙක්ස්ටර් කීය.

     "බොහොම හරි." ආචාර්ය එඩ්වඩ් බැරන් නොඉවසිල්ලෙන් බිනීය. " හොඳයි. දැන් මා මා පැවසූ දේ සමග එහි සම්බන්ධයක් තිබේද" ?

ඔහු නළල  රැළි  කරන විට උස් වූ නළල් තලයේ වූ සිරස් රේඛා යටට ගිලී ගියේය.
           "හැම අතින්ම. " පොයින්ට්ඩෙක්ස්ටර් පිළිතුරු දිණි.
         "කාළ යන්ත්‍රයක් තැනීමට සිතීමම මිනිස් වර්ගයා ගේ ඉරණමට කරන අභියෝගයක්. ඔබේ ප්‍රබල ආත්ම විශ්වාසය එය තවත් සරදමට ලක් කරනවා.ඔබ ඔය කියන කාළ යන්ත්රය කිසිම වැරදීමකින් තොරව හරියටම තිතට වැඩ කරාවි යැයි ඔබට ඔපමණ විශ්වාස ඇයි?"
       මා මෙතෙක් දැන සිටියේ නෑ ඔබ අසීමිත මිථ්යා විශ්වාසවල එල්බ සිටින්නෙක් බව." බැරන් හඬ නැගීය. "කාළ  යන්ත්‍රයත් අනෙක් සියලුම මිනිස් නිමැවුම් ලෙස, හුදු යන්ත්‍රයක්  පමණයි.එය හරියට ශාෆ්ට් එකක් දිගේ ඉහළ පහළ යන සෝපානයක් වගේ. මොකක්ද ඉතින් සෝපාන  තියෙන උතුම් බව?"
           "සෝපානයක් ක්‍රියා කරන විට එහි විලෝමයක් නෑ. ඔබට පස්වන මහලේ සිට ආපසු සිව්වන මහලට විත්, ළමා වියේ පසුවන ඔබේ සීයා මරා දැමීමට බෑ."
         පොයින්ට්ඩෙක්ස්ටර්  උද්යෝගිමත්ව  කීය.
        ඉතාමත් නොඉවසිල්ලෙන් හිස වනමින්,  ආචාර්ය බැරන් තම මතය තහවුරු කිරීමේ උත්සාහයක යෙදුණේය.

"
හරියට හරි. ඔබ ඔය කරුණ ගැන සඳහන් කරන තෙක් මා බලා සිටියෙ.ඊලඟට ඔබ පවසාවි, මට මාවම මුණ ගැසේවි නැතහොත් හිරෝශිමාවේ  සිදුවීමට නියමිත මිනිස් සංහාරය ගැන ජපානය දැනුවත් කරාවි කියා.  මම  තවත් වරක් ඔබෙන් අසනවා. ඔබ කාළ යන්ත්‍රයේ යාමට එනවාද? නැද්ද?" 

       පොයින්ට්ඩෙක්ස්ටර් තැතණීය.
"ඔබ අනවශ්ය් ලෙස කලබලයට පත්වෙලා. කාලය යනු නියතයක්. මා අතිතයට යනවා යයි කීමේ අරුත, එය මීට කලින් එසේ සිදු වී තිබීමයි.එනම්, මා අතීතයට ගොස් තිබීමයි. මා දැන් කිරීමට අපේක්ශා කරන හැමදේම එලෙස සිදු වන්නේ, ඒවා, අතීතයේද එලෙසම සිදු වී ඇති බැවිනුයි.
    නිසා මගේ මේ චාරිකව අනාගතයේ සිදුවන කිසිම දෙයකට බලපෑමක් ඇහි කරන්නේ නෑ.එවන් දෙයක් සිදු වීමේ ඉඩ කඩකුත් කොහෙත්ම නෑ."  
             "මා, මගේ සීයා ලමා අවදියේදී නැසීමට සිතා එය සිදු කලා නම් අද මා මෙතන නෑ. නමුත් දැන් මා ඉන්නවනෙ. ඉන් අදහස් වන්නේ , මා මගේ සීයාව නොනැසූ බව නේද?මා ඔහු නැසීමට කොපමන තැත් කලත්, යථාර්ථය නම් ඔහු නැසීමට මට හැකියාවක් නැති බවයි.  සත්‍යය කිසිවෙකුට වෙනස් කළ නොහැකියි. ඔබට තේරුම් යනවද මා පවසන දේ?"
               "මට වැටහෙනවා.නමුත් එය කොපමණ නිවැරදිද?"
  "මා  දොඩන දේ ඒකායන සත්‍යයක් බව මා සක් සුදක් සේ දන්නවා.ඔබ කාර්මිකයෙක් පමණක් නොවී, ගණිතඥයෙක් වූවා නම්, එය නිවැරදිව අවබෝධ වේවි."  බැරන්ට ඔහුගේ අවඟ්ඥාව තවදුරටත් සඟවා ගත නොහැකි විය.
  " මේ බලන්න පොයින්ට්ඩෙක්ස්ටර් මට කාළ යන්ත්රය සෑදීමට ඉඩ ලැබුණේ අභ්යවකාශය හා කාළ්ය යම් නියතයකින් බැඳී ඇති නිසා.ගණිතය පිළිබඳ පුළුල් දැනුමක් ඔබට නැතත්, මා පවසන දේ වටහා ගැනීමට තරම් ඔබ බුද්ධිමත් යැයි මා අනුමාන කරණවා.කාල යන්ත්‍රයක් සාදා නිමකිරිම නිසා මා යෙදූ යම් ගනිතමය සමීකරන හා කාලය අතර නියත සබඳතාවක් ඇති බව ඔප්පු කිරීමට මා සමත් වුනා.
           මම, මීට ඉහත, හාවුන් සතියක් නුදුරු අනාගතයට  යැවූ සැටිත්, උන්, එක්වරම, නැවත, අපේ කාලයට හැටිත් ඔබ දුටුවා. වගේම,උන් පැමින සතියකට පසු, නැවත සතියක් අතීතයට යවා, අනතුරක් නොවී, නැවත උන් ගෙන්වා ගත් හැටිත් ඔබ දුටුවා."
         " හරි, හරි. සියල්ල මා පිලි ගන්නවා."
  " එසේ නම්,  කාලය සෑදි තිබෙන්නේ නොවෙනස් වන අංශුවලින් කියන මූලධර්මයට අනුව මේ යන්ත්‍රය තනා ඇති වග ඔබ පිලි ගන්නවද? කාලය යනු නියතයක් නිසා, යම් හෙයකින් කාල අංශු සෑදී ඇති රටාවමොනම ක්‍රමයකින් හෝ වෙනස් වුවහොත්, සමීකරණය වැරදි අගයක් ගන්නා නිසා, යන්ත්‍රය නිසි ලෙස ක්‍රියා කිරීම නවතිනවා.යන්ත්‍රය ක්‍රියා නොකර, කාළ තරණය කිරීමට සිතීමත්, විහිලුවක්."
  පොයින්ට්ඩෙක්ස්ටර් තම විඩාබර දෙනෙත්, දෑතින් පිරි මැදීය.ඔහු කල්පනාවකට වැටිණි.
     "මාත් ඔබ වැනිම ගනිතඥයෙක් වූවා නම්........" ඔහු හුස්මක් ඉහලට ඇද්දේය.

   
බැරන් මෙසේ පිලිතුරු සැපයීය.
  "මේ කරුණු සලකා බලන්න.ඔබ සාවුන් සති දෙකක් අතීතයට යැවීමට තැත් කළා නොවෙද, ඔවුන් සතියක් අතීතයේ සිට ආවිට.(එය කාළ මූල ධර්මවලට පටහැනියි.)
නමුත් සිදු වුනේ කුමක්ද?කාල දර්ශකය, පලමු සතිය ලකුණු කළ ලක්ෂය ළඟ නැවතුණා.ඉන් එහාට දශමයක්වත් හෙලවුනේ නෑ. ඉන් පිළිඹිඹු වන්නේන්‍යායන්ට විරුදුව කිසිවක් සිදු නොවන වගයි...... ඉතින්...... ඔබ මා සමග  එනවාද?"  

 
පොයින්ට්ඩෙක්ස්ටර් අතීරණයේ අබිමුව සිට ක්ෂණික තීරණයක් ගති.   "නෑ!"
  "තනිවයන්ත්‍රය මෙහෙයවිය හැකි වූවා නම්, මා ඔබට මෙසේ පින්සෙන්ඩු වන්නේ නෑ." 
"ගමනේ සාර්ථකත්වයට ඉතාමත් තීරණාත්මකව බලපාන,  propulshions හා standards නිරවද්‍යව මෙහෙයවීමට,අඩුම තරමේ දෙදෙනෙකු වත් උවමනායි. අපේ ගවේශණයේ නිරුපද්‍රිත නැවත පැමිනීම   ආගමණය රැඳී තිබෙන්නේ එහි සියයට සියක  නිවැරදි ක්‍රියාකාරිත්වය මතයි.මෙහි ගෞරවය, අප දෙදෙනාට තනිව බෙදා ගත හැකිව තිබියදී, තව , තුන්වැන්නෙකුත් හවුල් කරගන්නේ කුමකටද? ලොව, පළමු කාළ තීර්ථකයින් ලෙස, ලොව පරසිඳු වූ පසු, තුන්වැන්නෙකුට ඉඩ දෙමු." 

     "
දෙයියන්ගෙ නාමෙට, අප දැනට වසර සියයකට නැත්නම් වසර දහසකට එහා හිටියෙ කොහොමද කියා දැන ගන්න ඔබට උවමනාවක් කොහෙත්ම නැතිද? එහෙමත් නැතිනම්, ඔබට, බුදුන් වහන්සේ, ජේසු තුමා එහෙමත් නැතිනම් නැපෝලියන්, අයිසැක් නිව්ටන්, වගේ කෙනෙක්ව මුන ගැසීමට ආශාවක් නැතිද?එතකොට අපි හරියට........... හරියට ...... බැරන්, ස්වප්නයක නිමග්න වූ සේ තොල මැතිරීය. "දෙවිවරු වගේ."

        "
නිසැකයෙන්ම." -  hurbis. පොයින්ට්ඩෙක්ස්ටර්  සිහින්   හඬක් නගා එය අනුමත කළ සෙයක් ඇඟවීය.
 " කාළ  තරණයේ අවදානම, දේවත්වයට සම කළ නොහැකියි.මේ යන්ත්‍රය, මගේ කාළයෙන්, එපිටට මා ගෙනගොස් ,  නොදන්නා කාළයක  මා අතර මං නොකරා වි යැයි සිතන්නේ කෙළෙසකද?"


   " hurbis.
අතරමං වීම." "ඔබ, පුහු  බියක්  ඇතිකරගෙන. අප කාල  අංශු දිගේ ගමන් කරන්නේ, හරියට  ගොඩනැගිල්ලක, පහල සිට ඉහලට යන සෝපානයක වගේ.කාල තරණය, සෝපානයක ගමන් කරනවාට වඩා ආරක්ශාකාරී වන්නේ, සෝපාන කේබලයක් හදිසියේ කැඩී යා හැකි වුවද, කාල තරණයේ දී, අපව පහලට අදින බලයක් නැති නිසා කිසිම අනතුරක් වීමට කොහෙත්ම ඉඩ කඩක්  නෑ. මම එය සහතික වෙනවා." දකුණතේ ඇඟිල්ලෙන් පපුවට තට්ටු කර ගනිමින් බැරන් අවධාරණය කළේය. " මම සහතික වෙනවා."
 "hurbis." පොයින්ට්ඩෙක්ස්ටර් පුනරුච්චාරණය කළේය. නමුත් එකඟ වනවාට වඩා යමක් කිරීමට ඔහු අපොහොසත් විය. ...............
       

             
දෙදෙනාම කාල යන්ත්‍රය අවතීර්ණ වූහ.

 ගනිතඥයකු නොවූ නිසා, යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වය ගැන, හසළ දැනුමක් නොතිබුණත්, එය හැසිරවිය යුත්තේ කෙසේදැයි  අවබෝදයක් පොයින්ට්ඩෙක්ස්ටර්  තුල තිබිණි. 


   කාල යන්ත්‍රය, නිසි අක්ෂයක් ඔස්සේ,යාත්‍රා කරවීමට අවැසි බලය සපයන,propulshions අසල බැරන් සිටගෙන සිටියේය. 


     යන්ත්‍රයේ, පළමු චලනය, ගතට දැනෙන විටම, ඔහුගේ දත් එකට ගැටිණි.සෝපාන චලනයක දී දැනෙන, නමුත් එයටත් වඩා සියුම් හැඟීමක් ගත පුරා විහිද ගියේය. ඔහු යමක් කීමට මුව විවර කළේය. " හොඳයි. අපි හිතමු............"


   
    බැරන්, දැඩි ස්වරයකින් එය බාධා කළේය. " පිං සිද්ද වෙයි. කට පියාගෙන ඉන්නවද? කිසි දෙයක් වැරදෙන්න ක්‍රමයක් නෑ."  
   

     
එක්වරමයන්ත්‍රයේ වේගවත් ගැස්සීමක් ඇතිවියපොයින්ට්ඩෙක්ස්ටර්  විසිවී ගොස්, බිත්තියේ වැදී, බිම ඉන්දවිණ.   "මොන මළ ඉළව්වක්ද වුනේ?" බැරන් ගිගුරුම් දුන්නේය
 "අය්යෝ මේ මොකද්ද සිද්ධ වුනේ!" පොයින්ට්ඩෙක්ස්ටර් ඉහළට ගත් හුස්ම පහළට නොහෙළාම කෙඳිරි ගෑ .
    "දන්නෙ නෑ. බලමු.ඒත් කිසි ප්‍රස්නයක් වෙන්න විදියක් නෑ. අපි තාම අනාගතයේ පැය 22 ක දුරක ඉන්නෙ. පිටතට ගොස් බලමු." 
       
            යන්ත්‍රයේ දොර, පැනලයෙන් විවර විය.පොයින්ට්ඩෙක්ස්ටර් හතිලමින් හුස්ම පිට කළේය.
                 "කෝ. එලියෙ මොකවත් පේන්න නෑ."
       කිසිත් නැත.ආලෝකයක් හෝ වෙනත් කිසිවක් නැත.වට පිටාවේ රජ කළේ අඳුර පමණි.
      හදිසියේම , යමක් සිහි වී පොයින්ට්ඩෙක්ස්ටර්  යටිගිරියෙන් කෑ ගෑවේය.
   පොළොව කැරකුණ බව  අපට අමතක වුනා නේද? පැය 22 ක් ඇතුලත, එය අභ්‍යවකාශයේ සැතපුම් දහස් ගණනක් දුරට යන්නට ඇති."
       "කොහෙත්ම නෑ."  බැරන්  සිහින් ස්වරයකින් තෙපළීය."මට එය අමතක වුනේ නෑ. යන්ත්‍රය සාදා ඇත්තේ පෘථිවි භ්‍රමණයට සමාන්තරවයි. ඇරත්, පෘථිවිය ගමන් කළා නම්, කෝ හිරු ? කෝ තාරකා?"
  බැරන් නැවත පාළන පුවරුවට පැමිණ, යතුරු, එකින් එක ක්‍රියාත්මක කළේය.යන්ත්‍රය සෙළ්වුනේ වත්, කිසිවක් ක්‍රියා කළේවත් නැත. අඳුර පමණි.
    පොයින්ට්ඩෙක්ස්ටර් හුස්ම ගැනීමේ අපහසුවක් ඇතිවිය.වදන් පිට කිරීමට ඉමහත් උත්සාහයක් ගනිමින්, "එසේ නම් සිදු වී ඇත්තේ කුමක්ද" යැයි ඔහු විචාළේය.

   බැරන්, අමාරුවෙන්, යන්ත්‍රය  මධය්‍යට ඇවිද විත්, වේදනාත්මක හඬකින් මෙසේ කීය. "කාල අංශු. මම හිතන්නෙ  අප, කාල අංශු දෙකක් අතර හිර වෙළා.


පොයින්ට්ඩෙක්ස්ටර් අත මිට මෙලවීමට අසාර්ථක ප්‍රයත්නයක යෙදුණේය. "මට වැටහෙන්නේ නෑ."
    "සෝපානයක වගේ. හරියට සෝපානයක වගේ." ඔහුගේ වදන් හැසිරවීමේ හැකියාව අඩු වී යමින් තිබිණ.කළහැකි වූයේ තොල් සෙලවීම පමණකි.
    "සෝපානයක තට්‍ටු දෙකක් අතර වගේ, කාල අංශු දෙකක් අතර අප හිර වෙළා!"
         පොයින්ට්ඩෙක්ස්ටර් ගේ තොල් සෙලවීමත් නැවතිණ.ඔහු සිතීය. නිකාලයේ කිසිත් සිදු වන්නේ නැත.
                         සියලුම චලන, සිතිවිලි, අදහස්, සියලුම දෑ.
            වේගයෙන් ආ රියක් බ්‍රේක් ගසා නැවතුනා සේ හැඟීමක් ඔහු තුල ජනිත විය. මේ අතර යන්ත්‍රය තුල ආලෝකය අඳුරු වී ගියේය.
               හැඟීම්, දැනීම් හා සියලුම චාලක ප්‍රතික්‍රියා ගල්  ගැසුණේය.
   එක් අවසන් සිතුවිල්ලක්.එකම එක අවසන් සිතුවිල්ලක්. 
                        hurbris. ate.

             
 ඒ සිතුවිල්ලත් නැවතිණ.
        කිසිත් නැත.සදහටම, අනන්ත කාලයටම, අනන්තයත් තේරුම්   රහිත වන මොහොතක් වන තෙක්

              අඳුරම පමණක් පවතිනු ඇත.


    


Friday, December 16, 2016

CATYWAMPUS




                                                       (image is from google)


           විට්සන් මහතා හයේ පන්තියේ නව ගුරුතුමා ලෙස පත් වී ආයේය.ආ මුල් දිනම, ඔහු, අයිස් යුගයේ මිහි මතින් තුරන් වුණ කැටිවැම්පස් නම් නිශාචර සත්වයෙකු ගැන අපට උගැන්වීය.උගන්වන අතරතුර, ඔහු, හිස්කබලක් අතින් අතට යාමට සැලැස්වූයේය.
     අපි සැවොම, ගුරුතුමා උගන්වන දෑ  සටහන් කර ගතිමු.පසුව, ඒ පාඩම අප කෙතෙක් දුරට ග්‍රහණය කර ගත්තා දැයි පිරික්සීමට ලිඛිත පරීක්ශණයක් ද පවත්වන ලදී.

                        පිළිතුරු පත් ළමුන් අතර බෙදිණි.මගේ  පිළිතුරු පත  ළැබුන විට මම විශ්මයට පත් වූයෙමි. සෑම පිළිතුරක් ඉදිරියෙන්ම රතු පෑනෙන් කතිරයක් වැටී තිබිණි.මම පරීක්ෂණයෙන් අසමත්. කුමක් හෝ  වැරදීමක් වී ඇති හැඩයි.  ගුරුවරයා උගැන් වූ කරුණු, නිවැරදිව මම ප්‍රශ්ණ පත්‍රයේ සටහන් කළෙමි.එසේ නම් මා අසමත් වීමට හේතුව කුමක්ද?මඳක් විපරම් කර බළන විට, පන්තියේ අනෙක් සගයන් ගේද සියළුම පිළිතුරු වැරදි බව දිස්විය.කුමක් සිදුවීද?


' බොහොම සරළයි.' විට්සන් මහතා කීය.ඔහු කැටිවැම්පස්කට් ගැන කළ දීර්ඝ දේශණ ඔහුගේම ප්රබන්ධයකි.

                 එවන් සත්වයෙක් කිසි කළෙක මිහිපිට දිවි ගෙවා නොමැත්තේය. අප, ඉතා උවමනාවෙන් සටහන් කළ කරුනු,කිසි වැදගම්මකට නැති, අසත්‍ය ඒවාය.

ඉදින්, අප අසත්‍ය පිළිතුරුවලට, හරි ලකුණු බලාපොරොත්තු වන්නේද?
  කෙනෙකුට, බළාපොරොත්තු විය හැකි සේම, අපි සැම වියරු වැටුණෙමු. 'මොන තාලෙ ලිඛිත පරීක්ෂණයක් ද මේ! මොන ජාතියෙ ගුරුවරයෙක් ද මෙයා?' කෝපයෙන් හා විළියෙන්  රතු කරගත් මුහුණුවළින් අපි ඔහු දෙස නෙත් යොමු කළෙමු. 

  'ඔබ එය වටහා ගත යුතුව තිබුණා'. විට්සන් ගුරුතුමා හිමිහිට හඬ අවදි කලා. 'ඇරත් කැටිවැම්පස් ගේ හිස්කබළ,(සැබවින්ම එය තඩි බළලෙකු ගේ ය.) අතින් අත යවන අතරතුර, ඒ සත්වයා ගේ කිසිම සළකුණක් මෙළොව ඉතිරිව නැති බව මා ඔබට පැවසුවේ නැතිද' ? 
               ඔහු ඒ සතා ගේ රාත්‍රි දෘශ්ටිතාව,ලොම්වල වර්ණය,හා ඔහු නොදැන තිබිය යුතු කරුණු බොහොමයක් පාඩමේදී විස්තර කෙරිණි. ගුරුතුමා ඒ සතා ට විකාර නමක් පවා දමා තිබිය දීත් අප කිසිවෙක් ඒ ගැන සැක පහළ කළේ නැත.අපේ, දුබල නිරීක්ශණ හා තාර්කික හැකියාවන්  හේතුවෙන් අප ලබාගත් බින්දු ලකුණු,ඔහුගේ ලකුනු පොතේ එසේම සටහන් වනු ඇති යැයි විට්සන් මහතා තව දුරටත් ප්‍රකාශ කළේය. එය එසේම විය.
                                               මේ අත්දැකීමෙන්, අප යමක් ඉගෙනගගන්නට ඇතැයි ඔහු පැවසීය.ගුරුවරු හා පෙළ  පොත් සැමවිටම නිවැරදි නැත.ඇත්ත වශයෙන්ම කියනවා නම්, කිසිවෙකු, සැමවිටම සියයටසියයක් නිවැරදිනැත.අවශ්‍යවන්නේඅපේමනස,සැමවිටම අවදියෙන් තබා ගැනීම බව ඔහු අවධාරණය කළේය.
               පාඩම් පොත හෝ ගුරුතුමා වැරදි වන විට නොපැකිළව එය පෙන්වා දිය යුතු බව ඔහු අපට ඒත්තු ගැන්වීය. ඔහු ගේ සෑම පාඩමක් ම අපේ ජීවිතවලට නව්යමය අත්දැකීමක් එකතු කළේය.

              තවමත්,  මට ඔහු ගේ සමහර විද්්‍යා පාඩම්සිහියට නගා ගත හැක.
                                 වරක්, ඔහු, තම මෝටර් රථය, සජීවි යැයි ප්‍රකාශ කළ විට, එය සාවද්්‍ය බව ඔප්පු කිරීමට, අපි දෙදිනක් පුරා,  තර්ක  ගෙන හැර පැවෙමු. අපගේ පිළිතුරෙන් පමණක් සැහීමට පත් නොවී, සත්‍ය වෙනුවෙන් පෙනී සිටීමට අප තුල ඇති කැපවිම දැන ගන්නාතෙක් ඔහු අප ගෙන හැර පැ තර්ක නොපිළිගත්තේය. 
                               නවමු තර්ක වලින් පිබිදුන මනසින් අපි අනෙක් විශයයන් දෙසට හැරුනෙමු. කරදර පටන් ගත්තේ එවිට ය.සාම්ප්‍රදායික ව උගන්වන විෂය නිර්දේශය, අභියෝගය ට ලක්වීම,  සමහර ගුරුවරුනට දරා ගත නොහෙන පීඩනයක් උපැද්දීය.  ඉතිහාස ගුරුතුමා පාඩම  පැහැදිලි කරන  අතරතුර,උගුර පෑදීමක් ඇසේ.අනතුරුව සගයෙක්, 'කැටිවම්පස්' යයි තොල මතුරන්නේ, අපේ දෙතොලට සිනා පොදක් මතු කරමිනි.
                  පාසල්වල,විශය නිර්දේශ ගැටලුවලට විසඳුමක් යෝජනා කරන්න යැයි කිසිවකු මට පැවසුව හොත්, මම අනිවාර්යයෙන් ම විට්සන් මහතා ගේ නම යෝජනා කරමි.
                 නව විද්්‍යාත්මක සොයාගැනීම් කිරීමට මා අපොහොසත් වුවත්, විට්සන් ගුරුතුමා ගේ පාඩම්, ඒ හා සමානවම වැදගත් යමක් මට හා මගේ පන්තියේ අනෙක් සගයන්ට දායාද කර ඇත. එනම්, යමෙකු ගේ මුහුණ දෙස කෙළින් බලා ඔහු වැරදි යයි කීමේ ධෛර්යයයි.
 නමුත්, හැමෝම එහි වටිනාකම තේරුම් ගත්තේ නැත.

                             මෑතක දී මම, ප්‍රාථමික පාසල ක ගුරුවරයෙකු ට විට්සන් මහතා ගැන විස්තර කළෙමි.ඔහු මුව අයා ගත්තේය. "ඔබව එසේ මුළා කිරීම වැරදියි" ඔහු බිණීය.

                    මම, මඳක් නැවතී සිට, ඔහු ගේ දෙනෙත් දෙස, කෙළින් බලා "ඔබ වැරදියි" කීවෙමි.


(a translation of the short story, "The best teacher I ever had" by David Oven. )



























































































Monday, August 15, 2016

The Flight



හෝව්, හෝව්, කොහෙ යනවද මන්දා,
තව ටිකෙන් හැප්පෙනවා.

Saturday, April 30, 2016

මම කවුද?








 අනේ මන්දා!

  මට නම් පේන්නෙ 
චූටි රෝස පාට බෙලි කටුවකට
 හේත්තුව දාගෙන ඉන්න,
මූදෙන් ගහගෙන ආපු,
නිකන් නිකන් බෙලි කටුවක් වගේ.



( අලුතෙන් ගත්තු පොටෝ දාන්න ක්‍රමයක් හොයා ගන්නත් එපායැ.)


Tuesday, October 20, 2015

පින්තූරු

1 .ලෑන්ඩ්මාස්ටරයෙ තමා ගමන බිමන








2.

3.

4.

5.

6.


7.

8.

9.

10.

11.

12.

13.

14.


15.






පෙරුම් පුරල ගත්තු කැමරාවෙ ( nikon D 3200) මුල්ම photo ටික.  තාම මම කලුවරේ අතගානවා.ඒ නිසයි මේව ගැන ඔබේ අදහස් මට වටින්නෙ.