Friday, October 25, 2013

සැටින් ගවුම













      ඇඟලුම් කම්හලක තරුණ ළඳක් සේවය කළාය.ඇගේ වේතනය සෑහුනේ ආහාර හා නවාතැන් කුලි සඳහා පමණි.එබැවින් ඇගේ පොහොසත් මිතුරියක ගේ විවා මගුලකට ඇරයුම් ලද විට කළ යුත්තේ කුමක් දැයි ඇය නොදත්තාය ඇගේ දුක්බර දිවියෙන් මොහොතකට මිදී සතු‍ටු වීමට මගක් පෑදී ඇත.එහෙත් උත්සවයකට සරිලන නවීන පන්නයේ ඇඳුමක් මිලදී ගැනීමට හෝ ඊට සුදුසු රෙදි කැබැල්ලක් මිලදී ගෙන ඇඳුමක් මසා ගැනිමට හෝ ඇයට වත්කමක් නොතිබිණි. 

    ඇය මෙම ගැටලුව තවත් මිතුරියකට පවසා ඇගෙන් උපදෙස් පැතුවාය.

               " ගැලපෙන ඇඳුමක් කුලියට ගන්න."  ඇගේ පිලිතුර විය.

      ඇය එදින සවසම නගරයේ ඇඳුම් කුලියට  දෙන සාප්පුවකට පිවිසුණාය.සාප්පුවේ පි‍ටුපස කෙලවර පු‍ටුවක දමා තිබූ අලංකාර රෝස පැහැති සැටින් ගව්මක් ඇගේ නෙතට හසුවිය.එම අසුන මතම කුඩා, රිදී පැහැ පෙට්ටියක  බහාලූ, ඇඳුමටම ගැලපෙන, කරාබු හා  කුඩා මාලයක් අඩංගු විය.දැරිය හැකි මිලකට ඇයට ඒ සැම එක් දිනකට කුලියට දීමට  සාප්පුව හිමිකරු එකඟ වූයේය. 


    පස් වනක් ප්‍රීතියෙන් පිනා යමින් උත්සවය පැවැත්වීමට නියමිත දින සවස් යාමයේ ඇය ඇඳුම නිවසට ‍රැගෙන ආවාය.

                   රෝස පැහැ සැටින් ඇඳුම ඇඳ, ගැලපෙන අබරණද පැළඳ, ඇය කැඩපතට එබී බැලුවාය.කැඩපතෙන් ඇය දෙස නෙත් නොහෙලා බලා සිටියේ , බැබලෙන කම්මුල්වලින් හෙබි, නොනිමි සතුටකින් කුල්මත් වුන පියකරු යුවතියකි. සාදයේදී අන් අයගෙන් ලැබිය හැකි ප්‍රතිචාර සිහි වන විට ඇගේ සිත වේගයෙන් ගැහිණි.

                             
     මනාව  පුයර උලා, කැඩපතෙන් නැවත අඩුපාඩු පිරික්සා යාමට හැරෙන විට ඇයට යම් අපැහැදිලි හඬක් ඇසිණ.ඇය මඳක් කන් දී ,කිසි සද්දයක් නොමැති තැන, නැවත යාමට හැරුණාය.

               " මගෙ ගව්ම දියන්. " 
  ඇයට ඇඟ කිලි පොලා යන හඬක් ඇසිණ.

  ඇය සිටි තැනම ගල් ගැසුණාය.ඇගේ නෙත්,  කතා කල තැනැත්තා සොයමින් කාමරය සිසෑරීය. කිසිවෙක් සිටියේ නැත.

                        ඇය තමාටම සිනාසුනාය. සිතේ ඇති චකිතය, මවා පාන දේවල හැටි! 

            ඇය අඩියට දෙකට පඩි පෙල බසිමින්, කැබ් රියක නැග උත්සව සාලවට පිවිසුණාය. ඇගේ මිතුරියෝ ඇයව නැ‍ටුම් ශාලාවට කැඳවා ගෙන ගියහ.යන මග දෙපස ඇගේ පෙනුමට ලොල් වූ බොහෝ ඇස් ඇය දු‍ටුවාය.ඉන් ඇගේ සිත උද්දාම විය. ඇය සින්ඩරෙල්ලාවක මෙන් කාලයෙන් උපරිම පල නෙලමින්, අනෙකුන් සමග සතු‍ටු වුණාය.

               නැ‍ටුම් අතරතුර ඇයට කෙමෙන් වර්ධනය  වන හිසරදයක සළකුනු දැනෙන්නට වන. තත්පර කිහිපයක කාමරය කැරකෙන්නා සේ ඇයට දැනිණ.ඒ හා සමගම, තම කාමරයේ දි ඇගේ සිත කීරි ගැස්සූ, බියකරු  මිමිනිල්ල නැවත ඇසිණ.
                  "හොඳ හිතින් මගේ ගවුම මට ආපහු දියන්."

                            ඇය, තමා අසළ සිටින්නන්ට  සන්තෝස මුහුනක් පෙන්නීමට තැත් කලද, එය නිශ්ඵල උත්සාහයක් විය.හිස බර ගතිය වැඩි වී, කෑ දේ  වමනය කිරීමට තරම් අපුල ගතියක් ඇයට දැනිණ. තම නැ‍ටුම් සහකරුවාට මුසාවක් පවසා ඇය හනිකට උත්සව ශාලාවෙන් පිට වුණාය. මහත් අපහසුවෙන් කැබ් රියක නැගුන ඇය තම කාමරයට පිවිසියේ පඩි පෙල දිගේ බඩ ගාමින් මෙන්ය.

                       වෙවුලන ඇඟිලිවලින් කාමරයේ අගුලු ඇරි ඈට කාමරය හරහා ඇවිද යාමට වත් සවියක් නොතිබිණි. කාමරයේ ඇද වැ‍ටුන ඇය දෑත්වලින් බඩ ගා යමින්, ඇඳට වැ‍ටුනාය. ඇගේ සිහිය විකල් වී යාමට ආසන්න විය. බියකරු හඬක් ඇගේ හිස පුරා ගිගුරුම් දුන්නේය. ඇය තම හිස බිත්තියේ හප්පා ගත්තාය. 

              "මගෙ ගවුම දියන්. උඹ ඒක හොරකම් කලේ මලවුන්ගෙන්."



         
           පසු දින උදැසන ඇය තම ඇඳ  මතම මියැදී සිටියාය.


                                           කලින් දා ඇය සමග විනෝද වූ ඇගේ මිතුරියනට එය මහත් ප්‍රහේලිකාවක් විය. මරණ පරීක්ශණයක් කැඳවිණ. ඇගේ මරණයට හේතුව, එම්බාම් දියරය ශරීර ගත වීම බැව්  අනාවරණය විය. මරණ පරීක්ශණයට පැමිනි නිලධාරීහු ගවුම කුලියට ගත්, රිසිට් පත ඔස්සේ,  සාප්පු හිමිකරුගෙන් හරස් ප්‍රස්ණ ඇසීම ඇරඹූහ.


                          ඒ අනුව, තරුණ කත සාදයට හැඳි ගවුම, අන් කිසිවක් නොව,  මිනි පෙට්ටිය ඇණ ගසා, වැලලීමට මොහොතකට පෙර, කාන්තා මළ සිරුරකින් ඉවත් කර ගත්තක් බැව් අනාවරණය විය.








 Translated from the short story ' The Satin Dress'  by D.K. Steseer in Spooky New York.






30 comments:

  1. ඇත්තමයි මේ කියන්නේ ඇඟේ මයිල් කෙළින් උනා... o 0

    ReplyDelete
    Replies
    1. එච්චර බය හිතුනද ආ? නැත්නම් මගෙ කකුලෙන් අදිනවද?

      Delete
  2. හප්පේ කාලෙකින් ලියල තියෙන එක ගැන සාහෙනන් සතුටුයි ඔබ තුමිය මේ දිනවල ගොඩක් කාර්‍යබහුල වෙලා වගෙයි.
    හැබෑවටම මගෙත් කොන්ද දිගේ විදුලියක් ගියා වගේ හැඟීමක් ආවා.

    ReplyDelete
    Replies
    1. කාර්ය බහුල නම් නෑ. ඒත් ලියන්න තියෙන ආසාව අඩුවෙලා වගේ.හිතට මහන්සියි.ස්තූතියි විපරම් කර බලනවාට. මට දැනගන්න පුලුවන්ද කොන්ද දිගේ විදුලියක් ගියා වගේ දැනුනෙ කොයි කොටස කියවද්දිද කියල?

      Delete
    2. "මගෙ ගවුම දියන්. උඹ ඒක හොරකම් කලේ මලවුන්ගෙන්."

      "ඒ අනුව, තරුණ කත සාදයට හැඳි ගවුම, අන් කිසිවක් නොව, මිනි පෙට්ටිය ඇණ ගසා, වැලලීමට මොහොතකට පෙර, කාන්තා මළ සිරුරකින් ඉවත් කර ගත්තක් බැව් අනාවරණය විය."

      Delete
  3. ඉදල ඉදල ලියුවේ , දෙගොඩ හරි ජාමේ චු බර හැදෙන කතාවක්නේ

    ReplyDelete
    Replies
    1. අය්යෝ මං හිතුවෙ අටම් දෙගොඩ හරි ජාමෙ වුනත් මිනි පිටියක් ලඟින් යන්න පුලුවන් පිරිමි පරානයක් කියල. හි හි

      Delete
  4. හෆ්ෆා.. මාරම කතාවක්නේ.. අන්තිම කියෙවුවම නිකන් පිස්සු වගේ දැන්..

    ReplyDelete
    Replies
    1. අද රෑට හොඳට කාමරේ දොර ජනෙල් වහගන්න . පස්සෙ හීනෙන් බයවෙලා මට දොස් කියන්න එපා.

      Delete
  5. කතාව ලස්සනයි... ඒ වගේම පරිවර්තයත් නියමෙට නියමයි.. මේ වගේ පුංචි කතා පරිකල්පනයට ඉතා වැදගත්...

    ReplyDelete
    Replies
    1. මං හිතුවෙ මේ වගේ කතා නිතරම අපිට ඇහිල තියෙන නිසා ඕගොල්ලන්ට boring කතාවක් වෙයි කියල. ස්තූතියි අගය කිරීමට.

      Delete
  6. පව් අයියෝ කෙල්ල

    ReplyDelete
    Replies
    1. ඒක තමා. සන්තෝස වෙන්න ගිහින් ජීවිතෙත් නැති කර ගත්තා.

      Delete
  7. හෆෝයි....හොම්මං... :o

    පරිවර්ථනය නියමයි..

    ReplyDelete
    Replies
    1. හොල්මන් වලට මාත් බයයි. ‍රැට කෙහෙල් ගහක් හෙල්ලුනත් හූවක් තියනවා.

      Delete
  8. ගිං ඔය අද්දර..ගොම්මං යාමේ....රෝස වස්ත්‍රයෙන්.....හ්ම්...හ්ම්...හා..හා...හැ..හෑ

    ReplyDelete
    Replies
    1. භුවෑඈඈඈඈඈ .

      ඔයා ඉන්නෙත් පිටරටද?

      Delete
    2. ඔව්නේ අප්පා.

      Delete
  9. පුංචි ලිඳේ වතුර රසයි.

    ඔය පරණ වාහන පාට්ස් ගන්නකොටත් මට හිතෙන දෙයක් තමයි ඕක.
    එක පාරක් මට හරිම ආසා හිතුනා රීකන්ඩිෂන් වාහන විකුණන යාඩ් එකක තිබිච්ච ටොයෝටා වෑන් එකකට. පට්ට අල්ස්සනයි. බැලින්නම් ඒක හර්ස් එකක්.

    ReplyDelete
    Replies
    1. ඔව් නේ.කියවන්නත් ලේසියි. ඉක්මනට පරිවර්තනය කරන්නත් පුලුවන්. ඒත් කෙටි කෙටි කතා මට හොයාගන්න අමරුයි.
      වාහන පාට්ස් ගද්දි ප්‍රස්නයක් නෑනෙ. හර්ස් එකකින් ගත්ත වුනත් කෑල්ලක් නෙ. ඒක ඔයාට පේන්නෙ නෑනෙ. ඇයි බයද? :D

      Delete
    2. මම ගන්න ගියේ පාට් එකක් නෙවෙයි, වෑන් එක. :D

      Delete
  10. අප්පට බොල , මයිල් කෙලින් වුනා කතාව කියවලා ,

    ReplyDelete
    Replies
    1. අපේ අනාගත පරම්පරාව ඔහොම බය වෙලා පුලුවන්ද? මං හිතනවා ඔබ අවිවාහක, ‍රැකියාවක් කරන, වයස විසි දෙකත් තිහත් අතර පුතෙක් කියල.

      Delete
    2. පලමුවෙන්ම ඔබ සැමට ඉතාමත් ස්තූතියි මේ බ්ලොග් එකට මැස්සො ඇරෙන්න නොදෙනවාට. ඒ සමගම අවංකවම කනගා‍ටු වෙනවා හා සමාව ඉල්ලනවා ඔබේ බ්ලොග් වලට නිතරම නොපැමිනීම ගැන හා කොමෙන්ට් නොදැමීම ගැන.

      Delete
    3. මං නම් හොඳ පොස්ටුවක් දැක්කොත් කොමෙන්ටුවක් දානවාමයි. එතනදී එයා මගේ බ්ලොග් එකට එනවද . කොමෙන්ට් කරනවද වගේ කාරනා නම් මම බලන්නේ නෑ, මගේ බ්ලොග් රෝලේ තියෙන බ්ලොග් ගාන එකසිය හැටකටත් වැඩියි ,එයාලගෙන් වැඩි දෙනෙක් මාව දන්නෙවත් නෑ,
      දිගටම ලියන්න , හොඳ පොසුවක් ලනග අනිවාර්යයෙන් අපි ඇති.
      මගේ වයසනම් ඊට වඩා වැඩියි දැන් තිස් දෙකක්...!

      Delete
    4. සාමාන්‍යෙයන් උණ කාරයෝ ඒවා ගැන තකන්නේ නැහැ. හොදෙයි කියල හිතෙන හැමදේම කියවනව ඒකට රිටන් එකක් බලාපොරොත්තු නොවීම .කොහොම උනත් ඉද හිට කිහිපයක සැරි සැරීම හොද දෙයක්

      Delete
  11. හම්බෝ... හොල්මනක් හොල්මනක්... සමහර කරවල වේලන්නෙ අර මිනී පුච්චන එකට දාලලු. ඒව කෑවම කොහොම ඇතිද :(

    සැටින් ගවුම කියන්නෙ සැටින් කියන රෙදි ජාතියෙන් හදපු එකක්ද ?

    ReplyDelete
  12. ඔව්. සැටින් රෙද්දෙන් මහපු ගවුමක්. සාමාන්යයෙන් මිනිවලට අන්දන්න සටින්වලින් ඇඳුම් මහනවා.

    ReplyDelete