මගේ කලින් ලිපියේ, මා පීනීමට බිය බව ලිව්වෙමි.
එයට හේතුවූ ත්‍රාසජනක කතාව ඔබට කීමට තමා දැන් සූදානම.(මට නම් ඉතින් ත්‍රාසජනකයි. ඔබට කොහොම වේවිද මන්දා? ඒත් ඉතින් මේක කියවන්නම වෙනවනෙ. නැත්නම් ඉතින් මම ආයෙ ඔය ගෙවල් පැත්තෙ එනව කියලයැ.)
එකල මට වයස අවුරුදු පහක්, හයක් පමන ඇති. මගේ ඥාති සොයුරිය හා ඇගේ සොයුරන් සමග මා හවස නෑමට ගියෙමි. අම්මා ගෙදර සිටියේ නැත. සිටියා නම් මට හවස නෑමට යන්න දෙන්නේ නැත.
ගඟ ලඟ සිට අපේ ගෙදර පෙනේ. සිරිත් පරිදි මගේ සොයුරන් හා සොයුරිය ගඟට පැන ජබු ගසමින් නෑමට පටන් ගත්හ. මහ උජාරුවට නෑමට ගියද, පීනීමට බැරි නිසා මම ගඟට බසින තැනම සිට කෝප්පයකින් නෑමට පටන් ගතිමි.
අය්යලාගේ හා නංඟිගේ සමච්චල් බැලුම් හා සිනා මැද කිසිත් නොදන්නා සේ නමුත්, හිතේ වේදනාවෙන්, කෝප්පයෙන් වතුර ඔලුවට හලා ගතිමි.
හිතේ වේදනාව, තාත්තා තවම මට පීනන්න නොඉගැන් වූ නිසාය. තාත්තා හා ගඟේ නාන විට ඔහු මගේ කිහිල්ල යටින් අත යවා,මගේ හිස වතුරෙන් ඉහලට සිටින සේ බැලන්ස් කරගෙන ගඟ වටේ මා රවුමක් ගෙනයයි. මම වීරයකුසේ අත් වතුරෙන් පහලට වැටෙන්න සලස්වා, වතුරේ කකුල් ගසමින් යමි. සමහර දාට පියා, මා ඔහුගේ පිට උඩ තබාගෙන පීනයි.
අනන්ත මහා ජල කඳක් අතර තව කෙනෙක්ගේ වාරුවෙන් වුව පීනන විට හිතට දැනෙන හැඟීම මා විස්තර කරන්නේ කෙසේද?මා වාරු කරගෙන සිටින කෙනා ගැන මගේ ජීවිතයටත් වඩා විශ්වාසයක් තිබිය යුතු නොවන්නේද? ඔව්. මම මගේ පියා, මගේ ජීවිතයටත් වඩා විස්වාස කලෙමි.
සමහර සවස් කාලවල ඔහුට විවේකි ඇති විටකය, පිහිනුම් පාඩම් දීම සිදු වූයේ.නමුත් සාමාන්යයෙන්ම වතුරට ඇති මගේ බිය නිසා පාඩම් ඉතාමත් හිමීට සිදුවිය. මට හරි හැටි පීනන්නට බැරිවීමේ වැරැද්ද තාත්තා පිට දමා මම හිත සැහැල්ලු කර ගතිමි.
" හිටපල්ලකො!, මමත් ඉගෙනගෙන ඇවිල්ලා පීනන්න. උඹලට තරු පෙනෙයි මම පීනන හැටි දැක්කම" මම ඊරිසියාවෙන් තොල මැතුරුවෙමි.
මම ඇයට නීලියා කියන්නම්. නීලියා සබන් ගෑමට ගොඩට ආවාය.ඇය මගේ සුවඳ සබන් කැටය දෙස නෙත් කොනින් බැල්මක් හෙලා කාර්බලික් සබන් කැටය අතට ගත්තාය. මගේ ලක්ස් කැටය උජාරුවෙන් සබන් පෙට්ටියේ රෝස පාටට දිලිසුනේය. ඒ කාලයේත් ලක්ස් තිබිනි. ලක්ස් කොල එකතු කිරීම අපේ ප්‍රියතම විනෝදාංසවලින් එකක් විය.
කාර්බලික් සබන් දැන් වගේ මොඩිෆයි වී තිබුනේ නැත. එහි සැර ගඳ මගේ නාස් පුඩු පසාරු කරගෙන ගියේය. හොරැහින් මා දෙස බලමින් සබන් ගාන නීලියා ගැන මගේ සිතේ සියුම් දුකක් ඉපිදිනි. ඇය ඉඩ ලැබුන හැම වෙලේම මා මෝඩයකු කල මුත් මගේ ලක්ස් කැල්ල ඇඟේ ගෑමට ඈ තුල වූ ආසාව මට නොසලකා හැරීමට බැරි වුනේ සමහර සැතිරි ආක්‍රමනවලින් ඇය මා ගලවා ගත් නිසාය.
(ඒ කාලයේ එවන් ආක්‍රමන බොහොමයකට මට මුහුන දීමට සිදුවිය.)
මම ඇයට සබන් කෑල්ල දික් කලෙමි. මඳක් තෙපර බා සිට ඇය සබන් කැල්ල මගේ අතින් ගත්තාය මම සබන් කැටය දික් කර නැවත අරගනියි කියා ඇය සිතුවා විය හැකිය.
අනතුරුව එලඹියේ, ගඟේදී මගේ ප්‍රියතම ක්‍රියාකාරකමය.මම අතින් නාසය මිරිකාගෙන, කටෙන් හුස්ම නොගෙන දියේ ගිලුනෙමි. ( ලැජ්ජයි තමයි. ඒත් ඉතින් මෙහෙමවත් ගිලෙන්න එපැයි.) ඉමහත් ආස්වාදයක් ගෙන දුන් ඒ ක්‍රියාව ඉක්මනට නැවැත්වීමේ අදහසක් මගේ හිතේ කොහෙත්ම තිබුනේ නැත. නමුත් සිදුවීමට යන අබග්ගය ගැන සුලු හෝ ඉඟියක් තිබුනා නම් ගොඩට දුවන්නේ එක පයින්ය. කරුමෙට එසේ නොවිනි.
කිහිප විටක්ම ගිලෙමින් උඩට මතුවූ මට, එක් අවස්තාවකදී උඩට මතුවීමට නොහැකි බවක් හැඟුනි.මම ඔලුව ගසා වතුරෙන් මතු වීමට තැත් කලෙමි. සිහි තබා ගන්න. මේ සියල්ල සිදුවුනේ නිමේශයකින්ය. නමුත් මා හට විස්තර කිරීමට සිදුවන්නේ සිත්තර පටියක මෙන් සීන් බයි සීන් ය.
නිරායාසයෙන්ම මගේ අත්, හිස මතට ගියේය.නාසයට හා කටට වතුර යද්දී මම වියරුවෙන් මෙන් මගේ හිස මත ඇතිබාධකය ඉවත් කිරීමට යත්න දැරුවෙමි.නමුත් යකඩයක් බඳු අත් දෙකක් මගේ හිස, වතුරේ ඔබාගෙන ඉන්නවා මට හැඟිනි. මම කෑගැසීමට තැත්කලෙමි. නමුත් වුනේ වතුර ඉහින් කනින් ගොස් තදබල කැස්සක් ඇතිවීමයි. කුඩා වුවද, මර බිය සැමට සමාන බැව් වැටහුනේ එදාය. මට නිවැරදි තීරනයක් ගැනීමට තරම් හරි හැටි සිහි කල්පනාවක් නොවුනත්, දිවි ගලවා ගැනීමට නම් අර මාරක අත් හිසෙන් ඉවත් කිරීම අත්යවශ්ය බව මගේ මනස හදිසි විධානයක් දුන්නේය.
පෙවුන වතුර පෙනහැලිවලින් ඉවත් කිරීමට යත්න දරන මගේ සිරුර කිලි පොලා යද්දී, මම ගල් ගැසී සිට ගත්තෙමි.
බොඳ වූ ඇස් ඇර බලන විට මා දුටුවේ, අවඥා සහගතව සිනාසෙමින් මා දෙස බලා සිටින නීලියාගේ මුහුනයි.
කුඩා හිතකට එවන් වයිරයක් ඇතුලු වන්නේ කෙසේද? මම පිනූ ගමන් නීලියාගේ ඇඟ මගේ දරුනුම ආයුදයෙන් සිදුරු කලෙමි. මගේ දත්, ඇගේ අත් ගොබයේ එල්ලී සිටියේ කූඩැල්ලෙක් ලේ බොනවාක් මෙනි.
මගේ මර බිය, අධික ශෝකයක් බවට පරිවර්තනය විය. මට සිදුවූ අසාධාරනය ගැන පැමිනිලි කිරීමට අම්මා හෝ තාත්තා එතන නොසිටි නිසාත් මා අසරන වුනාක් වැනි හැඟීමක් මට ඇති වූ නිසාත්, අත් ගොබය සපා ගනිමින්ම මම යටි ගිරියෙන් කෑ ගසා වැලපෙමින්, වෙඩි කෑ ඊරියක සේ උගුරෙන් අව්යක්ත හඬක් පිට කලෙමි.
නීලියාද යටි ගිරියෙන් විලාප තිබ්බාය. ඇගේ නෙත්වලින් වේදනාව උතුරා ගියේය.මා තල්ලු කර දැමීමට ඇය උත්සාහ කලද අසීමිත කෝපයකින් හා දුකකින්, ඇස්වලින් ගංගාවක් සේ ගලන කඳුලු වැල් අතරින් ඇගේ බාහුව ලේ පනින තරම්, තදින් දත්වලින් තද කලෙමි.
මේ සිදුවීම ගැන නොදත් ඇගේ සොයුරෝ සිරිත් පරිදි නානා ප්‍රකාර දේ කරමින් ගඟේ විනෝද වුනහ. (ඔවුන් ගොඩට වඩා වැඩිපුර ඉන්නේ වතුරේය. මාමා, ඔවුන්ගේ පියා ඔවුන්ට දඬුවම් කිරීමට ලැස්ති වන විටත් දුව ගොස් ගඟට පනිති.නැන්දා යමෙකුට කඩයට යාමට කියූ විටත් කොල්ලා නවතින්නේ ගඟේය.අහල පහල අය දරුවන්ගේ නඩු හබ ගැන පැමිනිලි කිරීමට ආ විටත් චුදිතයා බොහෝ විට නාන්න ගොස්ය.ගඟේ ද ඔවුන්කරන්නේගොඩදී කරන දේමය. එනම් එකිනෙකා හා ගුස්ති ඇල්ලීමය.පිලිවෙලින් අවුරුද්දක වයස් පරතරය ඇති කොල්ලෝ තුන් දෙනෙක් නැන්දා කොහොම මේච්චල් කලාදැයි තාමත් මට නොහැඟේ.)
අවසන, නොනවත්වා විලාප දෙන තම ආදරනීය නංගි පොඩ්ඩගේ කට හඬ ඔවුන්ගේ සවන් වැකිනි.නෑම පැත්තකට විසි කොට, දඩි බිඩි ගා ඔවුන් ගොඩට පැන, තම දයාබර සොයුරිය, ඇය සපාගෙන සිටින කොටි දෙනගෙන් වෙන් කලහ.කොටිදෙන ඔවුන්වත් කන තරම් ආවේගශීලිව සිටියත් කොලු නාම්බො තුන්දෙනෙකුට හානි කිරීමට තරම් ජවයක් ඇයට නොතිබුන බව කිව යුතුය. නැතිනම් අවස්තාවෙන් ප්‍රයෝජන ගෙන පරන කෙනෙහිලිකම්වලට වාඩුව ගැනීමට ඇගේ සිතේ නොතිබුනා නොවේ.
ඔවුන් මගේ අත්වලින් ඇද, මා බිමට තල්ලු කලහ. පොපි මලක් සේ රතු පාට වුනු අත්ගොබය අනිත් අතින් අල්ලාගෙන, කඳුලු වගුරවමින් හඬන නීලියාව වඩාගෙන ඔවුන් ගෙදර ගියේ නැන්දාට කේලම කීමටය.( සමාවන්න. මේ උපමාව ගත්තේ මා කියවූ ඉන්ගිරිසි කවියකින්ය. "මිඩ් ටර්ම් බ්‍රේක් - සීමස් හීනි - නැතහොත් එය දන්නා අය මා කොපි කැට් කෙනෙක් යයි සිතීමට පුලුවන.)
මම වැල්ලේ ඉඳගෙන අඬමින්ම ඔවුන් යන දෙස බලා හිටියෙමි. මගේ කෝපය හා දුක ක්‍රමයෙන් තුනි විය. නමුත් මට මුහුන දීමට සිදුවන නඩු විභාගය හා තාත්තාගෙන් සිකුරටම ලැබෙන කෝටු පාර මතක් වන විට දුක පරයා බිය උඩට ආවේය. මම නැවත මඳක් ඇඬුවෙමි. අම්මා ගෙදර ඇවිත් ඇද්දැයි මම කර ඔසවා බැලුවෙමි. මා ඉන්නා තැනට අපේ මිදුල පෙනේ. අම්මා ආවා නම් අනිවාර්යයෙන්ම මා සොයනවාය. අම්මාට වෙන ලමයි නොසිටි නිසා ඉතින් කෝකටත් තෛලය මාය.පරිස්සම් කරන්න, ආදරේ කරන්න, ගහන්න, බනින්න, කඩේ අරින්න. මෙකී නොකී හැම දේටම.
නමුත්, මේ වෙලාවේ අම්මා සිටී නම් මට වාසියකි. මා හරි වුනත් වැරදි වුනත්, මේ වගේ ක්‍රියාවකට තාත්තා අනිවාර්යයෙන්ම දඬුවම් දෙන්නේය. ඔහු කියන්නේ විහිලු ඉවසීමට පුරුදු විය යුතු බවය. එයා නම් කියයි.මාර පුත්‍රයො එක්ක හැමදාම දුක් විඳින්න ඕනෙ මමනෙ. ඔවුන් තාත්තාට ඉතාමත් ආදරය කලහ. මාමේ කියා ඔවුන් නිතරම තාත්තා සොයාගෙන ආහ. ඔවුන් මට ගොඩක් රිද්දුවෙත්, තාත්තාගේ ආදරය මට වඩාත් ලැබෙන බව ඔවුන් දන්නා නිසාය. ඇයි? ඔවුන්ගෙ පියා? ඔබ ඇසීමට පුලුවන. අපෝ. එයා නම් මහ මුස්පේන්තුවෙක්.(ඒ වචනෙ විතරයි මට යොදන්න පුලුවන්.)
ඔහු තම දියනියට හැර පිරිමි දරුවන් තිදෙනාට නිකරුනේ දඬුවම් කලේය. කිසි වැරැද්දක් නැතිව වුනත් ඔවුන්ව ගස්වල බැඳ තැබීම ඔහුගේ විනෝදාංසය විය. එසේ කිරීමට කුමන හෝ සුලු වැරැද්දක් ඔහු සොයා ගනී. සමහර දාට මගේ පියා රැ බෝවී ගෙදර එනතෙක්ම ඔවුන් ගස්වල බැඳ සිටිති. නැන්දා ඔවුන් ලිහීමට නොයයි. එසේ කලහොත් ඇයටද ගුටි බැට ලැබේ.
දැන් සිතා බලන විට පියාගේ ආදරය නොලැබුන ඔවුන්, කරුනාවන්ත හිතක් ඇති, ඉවසිලිවන්ත,ආදරනීය මගේ පියාගෙන් ආදරය බලාපොරොත්තු වීම යුක්තිසහගතය. මගේ තාත්තා ඔවුන්ට ආදරේ නිසා ඔවුන්ගේ වැරදි පැමිනිලි කිරීම පලක් නැති ක්‍රියාවකි. එසේ කල හැම විටම මට ලැබෙන්නේ තරවටුවකි. එය දන්නා නිසා ඔවුන්ගේ හිරිහැර වඩාත් උග්‍ර විය. නීලියා උව ත්මට මෙසේ කරන්නට ඇත්තේ ඒ නිසා විය හැක.
මෙසේ ගඟ ලඟ වැලි ගොඩේ අඬමින් සිටින මා හට චායාවක් නෙත ගැටිනි. අපේ ගෙට පේන දුරින් සිටින ලොකු අම්මා (අම්මාගේ මව) කුමක් හෝ උවමනාවකට අපේ ගෙදර ඇවිත්ය.අම්මා නැති නිසා මා කුමක් කරන්නේදැයි බැලීමටයි ඇ පැමින ඇත්තේ. මා ගෙදර නැති නිසා ඇ ගඟ ලඟට පැමින ඇත.
ඇය දකිත්ම මා ඇඬිල්ල අලුත් කලෙමි. ඒවා පසුව මට පක්ශ සාක්කි බවට පත්වී තාත්තාගේ දඬුවමින් මා බේරා ගැනීමට ක්‍රියා කරයි.
ලොකු අම්මා කාරනය ඇසුවාය. අනතුරුව වැඩි යමක් නොකියාම මා ඇගේ ගෙදර කැටුව ගියාය. අම්මා එනතෙක් මා එහි සිටි අතර රැ බෝවී තාත්තාත් ආ පසු, මව හා පියා මහ ගෙදර ආහ. එයසිරිත් පරිදි සිදුවන දෙයකි. (මට සිදු වූ ඉතාමත්ම ත්‍රාසජනක අත්දෙකීමක් මෙහිදී මට මතක්වේ. එයත් ලඟදීම ලියන්නම්. )
ලොකු අම්මා ඔවුනට කුමක් කීවාදැයි මම නොදනිමි. නමුත් ඉන් පසු අම්මා කිසිම විටක මා තනිකර කොහේවත් ගියේ නැත. යනවා නම් මා ලොකු අම්මා හා පුන්චා බාරයට පත්වේ. එය නම් සැබෑ සිර දඬුවමකි. වෙනදාට නම් අම්මා සුලු උවමනා සඳහා පිටට යනවිට නැන්දා මා බලාගනී. එවන් අවස්තාවකය මේ සිද්ධිය වුනේ.
පසු දිනක, තාත්තා මා හා සෙල්ලම් කරමින් ඉන්නා විටක ඔහු මට මගේ සොයුරු සොයුරියන් සමග සිටිය යුතු ආකාරයත්, ඔවුන්ගේ පියා ඔවුන්ට ආදරය නැති නිසා අප ඔවුන්ට අනුකම්පා කල යුතු බවත් ,ඔවුන් සමග සාමයෙන් සිටිය යුතු බවත් පවසා, කුඩා දේ පවසා අම්මාගේ හිත අවුල් නොකරන ලෙසත් මට කීවේය. අම්මා ඔවුන් සමග හිත නොහොඳින් පසු වූ බව මා දැන ගත්තේ පසුවය. (අපේ දබර නිසා. එකට හතරයිනෙ!)ඒ නොහොඳ නෝක්කඩුව අපේ ජීවිත නොසිතූ විරූ ලෙස වෙනස් කෙරීය. ඒ විස්තරත් පසුවට.
මා නිදි යයි සිතා මගේ ඇඳේ ඉඳගෙන අම්මා හා පුංචා කල කතා බහකට ඇහුම්කන් දී, තාත්තා මගේ සිද්ධිය ගැන නැන්දාට දොස් පැවරූ බව දැන ගතිමි. කුඩා නීලියා බරක් පතලක් නොදැන එසේ කලත්, ඉන් මගේ ජීවිතයට හානියක් වීමට බොහෝ දුරට ඉඩ තිබිනි. දරුවන් ගැන වඩා අවදානයක් යොමුනොකල නිසාය තාත්තා නැන්දාට බැන්නේ.
ඒ සිද්ධියෙන් පසුව ඔවුන් පුරුදු ලෙස ඇසුරු කිරීමට මට ඉඩ නොලැබිනි. ඉන් වසර කිහිපයකට පසුව මා පියා ඔහුගේ තාත්තා සමග වාසය කිරීමට ගියේය. නමුත් මගේ ඉගෙනීමේ කටයුතුවලට බාධා වෙන නිසා මා මෙහි දමා යාමට ඔවුන් තීරනය කලහ.
ඒ සිද්ධියෙන් පසුව ඔවුන් පුරුදු ලෙස ඇසුරු කිරීමට මට ඉඩ නොලැබිනි. ඉන් වසර කිහිපයකට පසුව මා පියා ඔහුගේ තාත්තා සමග වාසය කිරීමට ගියේය. නමුත් මගේ ඉගෙනීමේ කටයුතුවලට බාධා වෙන නිසා මා මෙහි දමා යාමට ඔවුන් තීරනය කලහ.
මා ලොකු අම්මාගේ බාරයට පත් විය.සමහර විට මා ගෙදර තනිව සිටින විට නැන්දාගේ දරුවන් සමග මා සෙල්ලම් කල හැටි, කුස්සියෙන් හොරෙන්කෑ හැටි මතක් වන විට සිතට දුකක් දැනිනි. කුඩා වුවත්, මේ ගැටලුව දුර දිග යාමට මාත් වගකිව යුතු බව මට ඉවෙන් වගේ හැඟිනි.නමුත් ඒ සිදුවීම නම් කුඩා මට කිසිසේත් සිතේ සඟවාගත හැකිවූවක් නොවේ.
ඔන්න ඔහොමයි මම ගඟේ නෑවේ. ඉන් පසුව කිහිප විටක්ම මා පීනීමට උත්සාහ කලද, එක්වරම අර සිදුවීම සිහියට එයි. එවිට මගේ මුලු ඇඟම හිරි වැටී යනවාක් සේ දැනේ. පසුව මම උත්සාහය මුලුමනින්ම අත් හැර දැම්මෙමි.වැහිඩිටියෙක් වූ පසු, ඒ නොහැකියාව නිසා මට බොහෝ අපහසුතාවලට හා ලැජ්ජාවන්ට මුහුන දීමට සිදුවිය.
නමුත් මේ සිද්ධිය මම කිසිවෙකුට නොකිව්වෙමි. එය මගේ සැමියාවත් දන්නවාදැයි සැක සහිතය. නමුත් දැන් ඔබ සැම එය දනිත්. ඉඳින් මා කෝප්පයෙන් නානවා ඔබ දුටුවොත් මට සිනා නොවෙතැයි සිතමි.
නමුත් මේ සිද්ධිය මම කිසිවෙකුට නොකිව්වෙමි. එය මගේ සැමියාවත් දන්නවාදැයි සැක සහිතය. නමුත් දැන් ඔබ සැම එය දනිත්. ඉඳින් මා කෝප්පයෙන් නානවා ඔබ දුටුවොත් මට සිනා නොවෙතැයි සිතමි.
හය්ායා මටත් ඔය ව්දියට කමටහඅිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිි
ReplyDeleteමොකද අනේ මේ? මට තේරෙන්නෙ නැ.
Deleteදේශකයෝ ඔහොමමයි.. තේරෙන්න කියන්නෙ නෑ..
Deleteඅපේ දේශකයා මොන මගුලක් කිව්වත් ඔහොම තමයි. උගෙ වැඩත් එහෙමයි, හැටිත් එහෙමයි.
Deleteකොහොම වුණත් මම නම් හිනාවෙන්නෙ නෑ.මොකද මටත් පීනන්න බැරි නිසා.කුඹුක්කන් ඔය,බදුලු ඔය ආදී නානාප්‍රකාර වතුර ජලාස දැක්කම නම් සෑහෙන්න දුක හිතෙනවා...D හැබැයි ගිං ඔය අද්දර කෙනෙක් කෝප්පෙන් නානවා දැක්කම ඒක ටිකක් හිනාවෙන්න කාරණයක් තමයි.ඒත් ජීවිතේ හැඩ ගැහෙන්නෙ අපි ලබන අත්දැකීම් එක්කනේ..නේද?ඒ නිසා සමහර දේවල් සමහර අත්දැකීම් හින්දා වෙනස් වෙනවා.එහෙමවත් හිතලා අපි හිත හදාගමු!
ReplyDeleteඒක තමා නේද? එහෙම නම් කිසි කෙනෙක්ගෙන් සහනයක් බලාපොරොත්තු වෙන්න බැරි හැඩයි!
Deleteමේක කියවද්දි මගේ නම් ඇඟත් සීතල උනා.
ReplyDeleteපොඩි කමට ඔය වගේ දේවල් කරනව නම්, ඔයාටත් තිබුණනේ කරන්න.
හරිම බය හිතෙන නරක විහිලුවක්
මං පොඩි කාලෙ එයාලට හරි බයයි. ඇයි ඉතින් නංගි එක්ක රන්ඩු වුනාම අය්යලාගෙන් ගුටි හම්බවෙනවනෙ.
Deleteදැන් කෝප්පයක් මදිනේ.. ඒ නිසා පනිට්ටුවෙන් නාන්න.
ReplyDeleteපෝස්ට් එක පබ්ලිෂ් කරන්න ඉස්සෙල්ලා ප්‍රිවීව් කරලා බලන්න. එතකොට මේ ස්පේස් වැඩි ඒවා හදාගන්න පුළුවන්.
දැනුත් නාන්නෙ ලොකු ප්ලාස්ටික් කෝප්පෙකින්.හි,හි.
Deleteකීප විටක් එඩිට් කරල ප්‍රිවීව් කරල තමා බ්ලොග් එක දාන්නෙ. නමුත් බ්ලොග් එකේදි ස්පේස් වැඩි වෙනවා.
මගෙ බ්ලොග් එකේ ඔය සින්ඩිය සිම්බල් එක දාගන්නෙ කොහොමද?
මාරක අත්දැකීමක්නේ. ඇත්තෙන්ම ළමයින්ට තමන්වම බලාගන්න ඇරලා නිකං හිටියාම තමයි මේ ප්‍රශ්ණ ඔක්කොම. විශේෂයෙන්ම ගඟක් වගේ තැනක. වරදින්න වැඩි වෙලා යන්නේ නෑනේ.
ReplyDeleteඅනික අර ළමයට සබන් කෑල්ල දීලත්!
ඔව්. මං මැරුන නම් කොහොමද මේ වගේ බ්ලොග් යාලුවො ටිකක් ආස්‍රය කරන්නෙ.
Deleteවිශේශයෙන්ම ඩූඩ් කියල පිටරට ප්‍රොෆෙසර් කෙනෙක්ව.
පුදුමාකාර විදිහට බේරිලා තියෙන්නේ, ඉතාම ලස්සනට ලියලා තියෙනවා. අර උඩම තියෙන චිත්‍රය හරිම ලස්සනයි.
ReplyDeleteමැරෙන්න නියම නැත්නම් ගලේ ගහල වත් මරන්න බැ කියන්නෙ ඒකනෙ.බොහොම ස්තූතියි කතාව ලස්සනට ලියන්න පුලුවන් උනේ ඕගොල්ලන්ගෙ ලිපි කියවල තමා.
Deleteමට කැමරා ගැන විස්තර ටිකකුත් තියෙනවා අහන්න. සල්ලිත් ලෑස්ති කරගෙන ඉන්නවා. ඒත් කැමරාව ගන්න වැඩේ හැමදාම කල් යනවා.
කළ හොඳ පස්සෙන් ඇවිත්නෙ... තව පොඩ්ඩෙන් සෙල්ලම ලෙල්ලම වෙනවා... මොකක් හරි පරණ තරහක් වෙන්නැති පිරිමහන්න ඇත්තෙ !! නැත්නම් සබන් කෑල්ල දුන්නටත් පස්සෙ ඔහොම කරන්න මහ දුශ්ඨ හිතක් තියෙන්න එපෑයැ..
ReplyDeleteඒ ගොල්ලොත් එක්ක වර්තමාන තත්ත්වය කොහොමද ?
කොහොමත් ඉතින් නෑනල නෑනලත් බොහෝ දුරට අවුල් නෙ.එයාල ඉඩම ලොකු පුතාට ලිව්ව. මාම වේලාසනින්ම මැරුනා. ලොකු පුතා කසාද බැන්දට පස්සෙ මෙහෙ පදින්චියට එන්නෙ නැති නිසා ඉඩම විකුනුවා.දුවත් ඉතාම අඩු වයසින් බැන්දා. අම්ම දෙවෙනි පුතා ගාවට ගියා. මේ ලඟදි නැන්ද මැරුනා.මුන ගැහුනොත් කතා කරනව ඇරෙන්න විශේස ආස්‍රයක් දැන් නෑ.
ReplyDeleteහප්පා.. බරපතල විහිළුවක් නේ ඒක. කොහොමද වතුර පෙවුනම දැනෙන සනීපෙ. :( අපිත් පොඩි කාලේ ගොඩ කරන සෙල්ලම් වතුරේ කළා. දැන් නම් හිතෙනවා නොමැරී බේරුණු එකත් ලොකු දෙයක් කියල ඒ දඟලපු හැටියට. පීනන්න පුරුදු වුනේ පුහු පොල් ගෙඩි වලින් :)
ReplyDeleteඔබේ ලිවීම ලස්සනයි.. මේ විස්තර වල හැටියෙන් නම් තවත් රසවත් විස්තර ගොඩක් ඉදිරියේදී කියවන්න ලැබෙයි වාගේ..
වතුරපෙවුන හැටි නම් ජීවිතේට අමතක වෙන්නෙ නැ! ඒ අය්යලත් මුලින් පීනන්න පුරුදු වුනේ පුහු පොල්වලින් තමා.ස්තූතියි. ඉස්සරහටත් ලියන්න තියෙන්නෙ වතුරට සම්බන්ද සිද්දිම තමා.
ReplyDeleteඔය බය නැතිකරන්න තියන එකම ක්‍රමයත් ඒකමයි. පීනන්න ඉගෙන ගන්න එකයි..
ReplyDeleteඔව්. ඒත් පීනන්න ඉගෙන ගන්න නම් මං වයස වැඩියි.
ReplyDeleteහැපෝයි... ගඟක් ළඟ ඉඳලත් වතුරට බයද ? මට නම්.................................. පීනන්න බැරියෝ...
ReplyDeleteහික්ස්... මමත් නාන්නෙ පනිට්ටුවෙන් තමයි.
අර මෝඩ නිලියා ඔයාව ගිල්ලවන්න හදන්න ඇත්තෙ ලක්ස් කැටේ ගන්නද දන්නෙ නෑ.. පොඩි කමට ඔහොම ගොං වැඩ කරනවනෙ
එහෙම නම් මට තනි නැ. පීනන්න් බැරි සංගමයට ගොඩක් සාමාජිකයො ඉන්නවා වගේ. නීලියා එහෙම කෙරුවෙ මාව බය කරන්න මගෙ හිතේ.
ReplyDeleteවතුරට බය උනාට මොකෝ වතුරේම ඉන්න මලක නමක් නේ ඔයාට තියෙන්නේ. "මර්සි" කියන්නෙත් ඔයාද? මගේ බ්ලොග් එක ෆලෝ කරලා තියනවා දැකලයි ආවේ (හැබැයි මර්සි කියන නමෙන්:).
ReplyDeleteමේක ලියල තියන විදියනම් ගොඩක් ලස්සනයි. මැවිලා පේන විදියට ලියලා.
බොහොම ස්තූතියි ආවට.ඒ දෙන්නම මම තමා. බ්ලොග් දෙකට නම් දෙකක්.
ReplyDeleteලියන්නේ නැත්තේ ඇයි
ReplyDeleteකොච්චර උත්සාහ කලත් ඉස්කෝලෙ යනකොට මාසෙකට එක පෝස්ට් එකකට වඩා ලියන්න අමරුයි. මේ දවස්වල මම ගොඩක් ආස කරන කෙටි කතාවක් පරිවර්තනය කරනවා බ්ලොග් එකේ දාන්න. මම පරිවර්තනය කරන්න ආසයි නමුත් එහි සාර්තකත්වය තීරනය කරන්න ඕනෙ කියවන අය. ඔබ් සැමගේ අව්ංක අදහස් බලාපොරොත්තු වෙනවා.ස්තූතියි බ්ලොග් එක ගැන සොයා බැලුවට.(අද ඉස්කෝලෙ ගියෙ නෑ!)
ReplyDeleteඑදා ඒ තීරණේ ගත්තු එක කෝකටත් හොඳයි. නැත්නම් අද ගින් ගඟ ගලන්නේ නැහැනේ.. නිල මානෙල් පිපෙන්නේත් නැති වෙයි :'(
ReplyDeleteමමත් ගමේ හිටියත් වැවකට ගිය කාලයක් මතක නැහැ :p ... බලාගෙන යද්දී ඔක්කොම ගොඩ පිනන බ්ලොගර්ස් ල .... :p
සියල්ල සිදු වන්නේ යහපතටය කියන්නෙ ඒකනෙ. ඔයා නම් යන්නෙ නැති කම. මට බැරි කම!
Deleteමම ත් නිල්වලා ගඟ අද්දර ලස්සන ගමක උන්න කෙනෙක්...පුංචි කාලේ පීනන එක හරිම අමාරු අත්දැකීමක් තමයි..එත්..මම නම් කොහොම හරි දනි පනී ගහලා පීනන්න්න පුරුදු වුනා....
ReplyDeleteඔය ගේ කතාවෙන් මම ගත්තු හොඳම ආදර්ශය ....අපි හැමදාම කියන...දරුවන් ගැන අවධානයෙන් සිටිය යුතුයි...කියන දේ..
ඔයා ඉස්කෝලේ යනවා...කිව්වේ...උගන්වනවාද...?
ඔව්. මාත් පන්ඩිත ගුරියක්. මම ගියා ඔයාගෙ බ්ලොග් එකට.
ReplyDeleteවිශ්වාස කොරන්න මටත් අවුරුදු 14 වෙනකල් පීනන්න බැහැ. පස්සේ ඉගෙනගත්තා ඇඟ සමබරව තබා ගැනීමයි වැදගත් මට පීනන්න බැරි දවස් වල පෙන්නන අයව මට පෙනුනේ මැජික් කාරයෝ සුපර් මෑන්ලා වගෙයි.
ReplyDeleteපීනන්න ඉගෙන ගන්න ඕනෙ පොඩි කාලෙම තමයි. ලොකු වුනාම බය වැඩි වෙනවා.
ReplyDelete