Saturday, September 13, 2014

දිව්‍යමය රථය

             








      සර්බිටන්වල බකිංහැම් උද්‍යාන වීදියේ නො. 28 හි විසූ දරුවා,


                           තම නිවස ඉදිරිපස ඉදිකර තිබූ පැරණි සංඥා පුවරුව ගැන පෙර සිටම සිටියේ කුතුහලයෙනි.ඔහු ඒ පිලිබඳව තම මෑණියන් විචාල විට ඈ පිලිවදන් දුන්නේ එය නොහික්මුන  ගැටවරයන් කිහිපදෙනෙකුගේ ක්‍රියාවක් බවත් පොලිසිය එය ඉවත් කිරීමට උනන්දු විය යුතු බවත්ය.එම පුවරුව සරදමක් සේ සිතීමට කරුනු දෙකක් තිබිණ.ඉන් පළමුවැන්න නම්  වැසූ පාරක් දෙසට ගමන් මාර්ගය ඊතළයකින් සලකුනු කර තිබීමයි. දෙවැන්න,  බොහෝ කල් ගතවීම නිසා  බොඳ වූ අකුරුවලින්  'දෙව්ලොවට' කියා ලියා තිබීමයි.
                 
           "ඒක ලිව්වෙ මොන වගේ අයද, අම්මෙ?"

                     "ඔබේ පියා නම් මට කීවෙ එක්කෙනෙක් විශ්ව විද්‍යාල සිසුවෙක් කියා. යම් හේතුවක් නිසා ඒකෙන් එයාව පැන්නුවට පස්සෙ එයාගෙ ජීවිතේ කාලකන්නි වුනාලු. ඔබ පියාගෙන් ඇසුවොත් ඔහුත්, මා කී දේ සනථ කරවි".

 සවස තේ පානයට පැමිනෙන බොන්ස් පවුලට කේක් පිළිගැන්විය යුතුව තිබුනේ දරුවා විසිනි.එබැවින් මව , හොඳ ඇඳුමකින් සැරසීමට දරුවාට අණකර ඔහු උඩුමහළට යැව්වාය.ගතට හිර කලිසම අමාරුවෙන් අඳිනා අතරේ, ඒ ගැන වැඩි විස්තර බොන්ස් මහතාගෙන් විමසිය හැකි බැව් දරුවාට සිහිපත් විය.  


         දරුවාගේ පියා ඉතමත් කරුනාවන්ත පුද්ගලයෙක් වුවත්, ඔනෑම කුඩා ලමයෙක්  තම කුතුහලය සංසිඳුවා  ගනු වස්  අසන නොයෙක් මාදිලියේ  ප්‍රශ්නයන්ට කඳුලු පනින තෙක් සිනාසුනේය. අනෙක් අතට, බොන්ස් මහතා කරුනාවන්තව සියල්ල සාවධානයෙන් ඇසීය.


 පල්ලියේ  හා සාහිත්‍ය සංගමයේ භාරකාරත්වය දැරූ ඔහු නගරයේ අළංකාර නිවසක විසීය.නගර සභාවේ අසුනකට ඔහු තරඟ කළ අතර නාගරික පුස්තකාළයටද නොමසුරුව උදව් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පවා ඔහු හමුවීමට ආහ.කොටින්ම කිවහොත් නගරයේ සිටි  බුද්ධිමත්ම  මිනිසා වූයේ ඔහුය.

නමුත්, සංඥා පුවරුව ගැන විචාල විට බොන්ස් මහතාට පවා කිවහැකි වූයේ, එය ශෙලී නමැත්තෙකුගේ විහිලුවක් බව පමනි.

 "අන්න හරි." මව සැණෙකින් පිළිතුරු දුන්නාය.
       "ඒ තමා ඔහුගෙ නම. මට අමතකවෙලා තිබුනෙ."

              "ඔබ කෙදිනක හෝ අසා තිබෙනවාද ශෙලී ගැන?"  බොන්ස්, දරුවා විචාරීය.
 දරුවා කනස්සල්ලෙන් මුව බිමට නැඹුරු කර ගත්තේය.  "නැහැ."




  "ශෙලීගෙ කාව්‍ය ග්‍රන්ථ මෙහි නැතිද?"
        "මොකද නැත්තෙ?" ගෙහිමි කාන්තාව නැවතත් පිලිවදන් දුන්නාය.
  අඩුම ගානෙ ඔහුගෙ කෘතීන් දෙකක්වත් මෙහි ඇති බව මට නිසැකයි. එකක් මගේ විවාහයේදී මට ලැබුන තිලිණයක්.අනෙක කුඩා අකුරින් මුද්‍රණය වූ කොපියක්."

මන්දස්මිත මුහුනකින් බොන්ස් මෙසේ පැවසීය. " ඔහුගෙ කෘතීන් ගනනාවක්මා සතුව තිබෙනවා."                    

 ඉනික්බිති, තම උදරය මත විසිරුණ කේක්  කුඩු පිස දමා ඔහු නැගී සිටියේ නිවෙස බලා යාමටය.

                 මවගේ ඉඟියකට අනුව, දරුවා ඔවුන් කැ‍ටුව උද්‍යාණයේ ගේට්‍ටුව අසලටම ගොස්, ඔවුන් නික්ම ගිය පසු, නැවත නිවසට නොපැමින, උද්‍යාන වීදීයේ ඈත මෑත බළමින් සිටියේය.

                      ඔවුහු උද්‍යාන වීදීයේ දකුණු පස නිවසක විසූහ.නො. 39 ට පසු එහි නිවෙස්වල ගුණාත්මක භාවය හා උසස් බව ඉතා වේගයෙන් පහළ ගියේය. නො. 64 නිවැසියන්ට මෙහෙකරු කාමර පවා නොතිබින. නමුත් මේ මොහොතේ, උද්‍යාන වීදීයේ නිවෙස්වල තිබූ උස් පහත්කම්, බැසයන හිරුගේ කසාවන් දීප්තියේ ගිලී අතුරුදහන් විය.
                 සිඟිති සියොතුන් ගේ කිචි බිචි නද අතරින් දරු පවුල් රකින්නන් ‍රැගෙන දුම්රිය, රිද්මයානුකූල ඝෝෂාවක් නගමින් සිල්වර් බර්ච් හා වුඩ් රෝස් ශාකයන්ගේ උදාරත්වයෙන්, සමස්ත සර්බිටන් පුරවරයේම සාඩම්බරය දෝතට ගුලි කරගත් ඇල්පයින් මිටියාවත හරහා ඇදි ගියේය.

           දරුවා තුල අසාමාන්‍ය හැඟීමක් ඇති කිරීමට මුල් වූ මේ කඳු අතරින් වැ‍ටුන දුම්රිය මග සැම දීප්තිමත්  දිනකම හරි හැටි විග්‍රහ කර ගත නොහැකි අමුතුම හැඟීමක් ඔහු තුල ජනිත කළේය.


ඔහුට ඇඬුම් ඒමට ආසන්න වන තෙක් ඒවා ඔහුගේ ඉස්  මුදුනේ සිට දෙපතුල දක්වා විහිද ගියේය.මෙදින එම හැඟීම වඩාත් තීව්‍රව ඔහුට දැනිණි.පාර පැන ඔහු අඳුරු ඇළියේ ඉදිරියටම දිව ගියේය. ප‍ටු ඇළිය වැටී තිබුනේ 'අයිවන් හෝ' හා බෙලා විස්ටා' යන නිවාසයන්හි උස් වූ තාප්ප අතරිණි. දුඟද හමන, යාර විස්සක් වත් දිගු නොවූ ඇලියේ කෙලවරට දරුවා ඉක්මනින් ලඟා විය.' මට ඔය ශෙලී කියන මිනිහට පයින් එකක් දෙන්න ඇත්නම්' ඔහු කෝපයෙන් හඬ නැගීය.ඒ සමගම තාප්පයේ අලවා ඇති කොල කැබැල්ලකට ඔහුගේ දෙනෙත් යොමු විය. ඔහු එය හඬ නගා කියවන්නට ගත්තේය.




                               S.AND C.R.C.C.
                  ප්‍රවාහන සේවා වෙනස්වීම් දැනුම් දීම  


             අනුග්‍රාහක භවතුන්ගේ හිඟකම නිසා අලුයම හා රාත්‍රී සේවා පමණක් ක්‍රියාත්මක වෙන බැව් කණගා‍ටුවෙන් යුතුව දැනුම් දෙමු. මහජනතාව තමනට රිසි පරිදි එය යොදා ගනිතැයි කල්පනා කරන පෙළඹවීමක් ලෙස, ප්‍රථම වරට, ආපසු පැමිනීමේ ප්‍රවේශ පත්‍රද එකවර නිකුත් කිරීමට  සමාගම තීරණය කර ඇති අතර  (එක් දිනකට පමණක් වලංගුය.)
      ඒවා රියදුරුගෙන් මිලදී ගත හැක.අනෙක් ගමනාන්තයෙන් ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන බැව් මගීන්ට කාරුනිකව දැනුම් දෙන අතර ඒ පිලිබඳව කිසිම පැමිණිල්ලක් භාර ගනු නොලැබේ.එමෙන්ම මගීන්ගේ අතපසු වීම් හා අමනෝඥ  ක්‍රියා, හිම කුණා‍ටු, අකුණු ගැසීම්, ටිකට්‍ටු අස්ථාන ගත්වීම් හා
                 කිසිම දේව කෝපයක් 
        සම්බන්ධයෙන් සමාගම වග කියනු නොලැබේ.

      දැනගැනීම සඳහා. 



          දරුවා මෙම දැන්වීම මීට පෙර කිසි දිනක මෙම ඇලියේ දැක තිබුනේ නැත.ඔහුට රථය කුමන ඉසව්වකට ගමන් කරනවා දැයි අනුමාන කළ නොහැකි විය. ඔහු දැන්වීමේ අකුරු guess කරන්නට උත්සාහ දැරීය. ඇත්තෙන්ම S  යනු සර්බිටන් ය. R.C.C. යනු Road  Car Company බව ඔහු දනිතැත්,අනෙක්      සී අකුරෙහි අරුත නිගමනය කිරීම ඔහුට අපහසු විය. එය සමහරවිට Comby and Maldon  හෝ City විය හැකිය.

                අනෙක් අන්තයෙන් ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන්නේ ඇයි? ඇරත් ගමනක් යන්න කදිම වෙලාව!

                                  මෙය ප්‍රයෝගයක් නොවේ නම්, තමා බොන්ස්ලාට සමු දෙන අතරතුරේ, රථය ගමනාරම්භ කළ යුතු බව ඔහු සිතීය.ඇලියට ලඟාවන අඳුර අතුරින් බිමට නැමී බැලූ විට, හරියටම කිව නොහැකි වුවත්,රෝද සළකුණුවලට සමාන යමක් ඔහු නෙත ගැටිණ. විමසිලිමත්ව බලා සිටියත්, ඇලියෙන් කිසිම රියක් මතුවූයේ නම් නැත.එමෙන්ම මින් පෙර කිසිම දිනක බකින්හැම් උද්‍යාන වීදීයේ රථයක් ගමන් කරනුද ඔහු දැක නැත.


ඔව්. එයත්,සංඥා පුවරුව, සුරඟන කතා හා තද නින්දේදී තිගැස්සී අවදිවන ස්වප්නයක් මෙන් මිථ්‍යාවක් විය යුතුය.
                                ඔහු ගැඹුරු සුසුමක් හෙලා ඇලියෙන් පිටතට පැමිනියේ, හරියටම ඔහු දෙසට ගමන් කරමින් සිටි පියා අභිමුවටය.

                           අහෝ! ඔහුගේ පියා කොපමණ නම් සිනාසුනිද?

                              "ටට් ටට් ටා...! අද නම් හොරේ අහුවුනා!                      හිමීට ඇවිද්දේ දිව්ය ලෝකෙට යන්න නේද? පව්.. මගෙ දුප්පත් පැටියා."


      පියා කියෙව්වේ, කඳුලු වගුරවමින්,  නැමී තට්ටම්වලට ගසා ගන්නා  අතරතුරේදීය. ඔහුගේ මව ද සිනාව යටපත් කරගැනීම නිසා මුහුනේ ඉපිලීමට තතනන මස්පිඩුවලින් හා ගැස්සෙන සිරුරෙන්, පඩි පෙළ මත සිටගෙන සැමියාට ආයාචනා කළාය. " අනේ බොබ්, ඔච්චර විහිලු කරන්න එපා.මාව මැරෙයි.ඔය අහිංසකයට ඉන්න දෙන්න."
                                        නමුත්, එදින මුලු සැඳෑ වරුවම පියාගේ සරදම් පැවතිණ. තමාවත් එහි ‍රැගෙන යන ලෙස, රතුවූ මුහුනින් පියා අයැදීය.ගමන වෙහෙසකර එකක්ද යන හා රියට ගොඩ වීමට පෙර කකුල් පිසදා ගතයුතුද  යන්න ඔහුට දැන ගැනීමට අවැසි විය.

                               දරුවා, හීන වූ දිරියෙන් හා කැලඹිලි සිතින්නින්දට ගියත්, තමා රථය පිලිබඳව කිසිවක් , කිසිවෙකුටත් නොපැවසීම ගැන නම් තනිව සතු‍ටු විය.එය ප්‍රබන්ධයක් සේ ඔහුගේ සිහිනවල වඩ වඩාත්  ජීවමානව දිස් වූ අතර සර්බිටන් හා එහි වීදි මායාවක් සේ හිතේ ඇඳී ගියේය.
                      පසු දින හිමිදිරි පාන්දර ඔහු කෑ ගසාගෙන අවදි වූයේ, ගමනාන්තය ගැන ඉඟියක් ඔහුට දැනුන නිසාය.

                                දැල් වූ ගිනිකූරු එලියෙන්, හිරු උදාවට තවත් අඩ හෝරාවක් පමණ ඇති බැව් දරුවා දැන ගත්තේය.‍රැයේ ලන්ඩන් නගරයෙන් ගලා ආ ඝන මීදුම සර්බිටන් නගරයත්  තම ග්‍රහණයට  ගෙන, හාත්පස ඝන අඳුරේ ගිල්වීය.                                   



 බසය, සත්‍යයක් ද යන්න කෙසේ හෝ සොය ගැනීමට අදිටන් කරගත් දරුවා, වහා ඇ‍ඳෙන් බිමට පැන, තමාම ඇඳුම් ඇඳ ගත්තේ,' ඇත්ත දැන ගන්නා තුරු කොහොමත් මා මෝඩයෙක් වෙනවනෙ' යයි සිතමිනි.ඉනික්බිති, ප‍ටු, අඳුරු ඇලියට ඇතුල් වන  පහන් කනුව අසල වීදියේ, සීතලෙන් ගැහෙමින් ඔහු සිටගෙන සිටියේය.

                     ඇලිය, අඳුරු ගතියෙන් යුත්, තරමක බිය උපදවන සුලු එකක් වූ නිසා,එයට ඇතුලු වීමට නම් කෙනෙකුට යම් තරම දිරියක් තිබිය යුතුය. ඇරත්, රථයක් නැවැත්වීම කෙසේ වෙතත්, හැරවීම නම් කෙසේවත් කල නොහැක.

                           තමා පසුපසින්, බර අඩි තබා එන පොලිස් නිලදරුවකුගේ අඩි ශබ්දය නොවන්නට,ඔහු, ඇලියට ඇතුල් නොවන්නට ඉඩ තිබිණි. ඊලඟ  මොහොතේ, ඔහු දිරිය වඩා ගෙන ඊට ඇතුල් විය.නමුත්, අඳුරු , පාලු, වීදියේ,  මුව අයා, යමක් බලාපොරොත්තුවෙන් සිටින මෝඩ කොලුවෙකු ඇරෙන්නට, එහි වෙනත් කිසිවක් තිබුනේ නැත.එය සම්පූර්ණ ‍රැවටිල්ලකි.

                        " මම අම්මටයි, තාත්තටයි, මේ ගැන කියනවා. ඒ අය දැන ගන්න ඕන මගේ මෝඩ කම් ගැන. ඇත්තට මම කොච්චර මෝඩයෙක්ද දිව්‍ය ලෝකෙට මගීන් ගෙන යන රථයක් ගැන විශ්වස කරන්න!"

                ඔහු නැවත හැරී, තම නිවස දිසාවට ඇවිද්දේය. ගේට්‍ටු පියන අල්ලා එය ඇරීමට තැත් කරන අතරතුරේදී, තම ඔරලෝසුවේ වෙලාව වැඩියෙන් දුවන බව ඔහුට සිහිවිය.ඒ අනුව, ඉර උදාවට තව මිනිත්තු දෙකක පමණ කාළයක් තිබේ.'අන්තිම සැරේටත් චෙක් කරල බලල හිත හදාගමු'ඔහු සමච්චලයට මෙන් ඇලියට ඇවිද යන අතරතුර සිතීය.


      නමුත්, මෙවර රථය, ඇලියේ නවතා තිබිණ.
   නොකඩවා ගමනේ යෙදීම නිසා,තවමත් හති හලන,ජවාධිකයින් දෙදෙනෙකු බැඳුන රථයේ,විසල්, ඉදිරිපස පහන් දෙකේ ආලෝකය, මීදුම කපාගෙන , ප‍ටු ඇලියේ බිත්තිවල වැදී, එහි මකුලු දැල් හා පාසි, සුරඟන ලොවක  සැරසිලි මෙන් සිතුවම් කෙරීය.රියදුරා, හිසේ සිට වසාගත් සලුවකින් යුතුව, සීතලට වකු‍ටු වී රියදුරු අසුනේ සිටියේ ප‍ටු ඇලියේ තාප්පයට මුහුණ ලාය.
                          රථය මෙතරම්, නිහඬව හා සීරුවෙන් ප‍ටු ඇලිය තුලට කෙසේ ගත්තේද හා එය ඇලියෙන් ඉවතට ගන්නේ කෙසේද යන්න පිලිබඳව නොතිත් කුතුහළයෙන්  දරුවා රියට ආසන්න විය.

                   "මට කරුනාකරල දැනගන්න පුලුවන්ද මේ අර දැන්වීමෙ කියල තිබුන රථයද කියා?"
                         දරුවාගේ චකිතය හා බිය මුසු කට හඬ අපිරිසිදු වාතයෙන් පිරුන ඇලියේ ‍රැව් දිණ.

                 "ඔව්. එය තමා." හිස නොහරවාම රියදුරා පිලිතුරු දුන්නේය.
                           
 මොහොතක නිහැඬියාවකි.දරුවා නැවත ප්‍රස්න කිරීම ඇරඹීය.
                  "මෙය පිටත් වන්නෙ කීයටද?"

                          "ඉර උදාවන විට"

                      "කොපමණ දුර යනවද?"
                          "මුලු දුරම"
   "මට යන්න එන්න දෙකටම මෙතනින්  ටිකට් ගන්න පුලුවන්ද?"

                            "ඔව්. පුලුවන්."


                "දැන්නම් මට එන්නම කියල හිතෙනවා."
  රියදුරා කිසිත් නොබිනීය.ඒ වෙනුවට හේ තිරිංග බුරුල් කළේය.දරුවා රියට පනිනවාත් සමගම රථය ගමන ඇරඹීය.
         දරුවාගේ සිතේ නැවත ප්‍රස්ණයක් පැන නැගිණ. රියක් හැරවීමට කොහෙත්ම ඉඩ කඩක් නොතිබූ ඇලියේ, රියදුරා තම රථය හැරෙව්වේ කෙසේද? ඇරත්, රථය නවතා තිබුනේ තාප්පයට මුහුන ලාය.
           නමුත් දැන්, දුඹුරු පැහැයෙන් කසාවන් පැහැයට හැරෙන මීදුම හරහා එය සාමාන්‍ය වේගයකින් ගමනේ යෙදේ.
                       රථයේ එකම මගියා ඔහු වීය. මනාව නිමකල රථයක් වුවත් එහි ඇතුලතින් දැනෙන සීතල හා නිතර භාවිතයට  නොගැනෙන වාහනයකින් හමන පුස් ගඳ, එහි තනිව ගමන කාංසියක් දැනවීය.


                                                                                                                                               නිවසේ,  උනුසුම් ඇඳ ඇතිරිලි, උනු උනුවේ දුම් දමන උදය ආහාර, දරුවාගේ සිතුවිලි දුබල කලේ තමා මෝඩ ක්‍රියාවක් කල බව සිතමිනි.තම මේ ගමන නො ආ යුතුව තිබූ බව ඔහු කනගා‍ටුවෙන්සිතිය.ඔහුගේ මාපියන් නම් ඔහු ගත් මේ තීරණය කිසිදා අනුමත නොකරනු ඇත.
 කාළගුනය අයහපත් නොවූවා නම් ඔහු නැවත මාපියන් වෙත යනු ඇත.
               අධික සීතලෙන් වැළකීමට ඔහු තම කබාය තවත් ඇඟට තද කර ගත්තේය.එසැනින් ඔහුට තම සාක්කුව දැනිණි.
                  ඔහුට තම පොකැට්‍ටුව අමතක වී ඇත.

"නවත්වන්න. නවත්වන්න" ඔහු මොර ගැසීය. 
                නමුත් නිවසේදී නිතරම අසන්නට ලැබෙන විනීත ගති පැවතුම් ගැන උපදෙස් සිහි වී රියදුරාගේ නමින්ම ඔහු ඇමතීමට රථයේ නාම පුවරුව දෙස නෙත් හෙලීය. "බ්‍රව්නි මහත්මයා, නවත්වන්න. අනේ, කරුනාකර නවත්වන්න"
             රියදුරා රථය නොනැවත් වූ නමුත්, කුඩා කවුළුවකින් ඔහු දෙස බැලුවේය. දරුවා පුදුමයට පත් කරමින්, ඔහු දෙස බලා සිටියේ,කරුනාවත්, නිහතමානි මුහුණකි.

                          "බ්‍රව්නි මහත්මයා. මුදල් පසුම්බිය අමතක වී ඇති නිසා ඔබට ගෙවීමට සතයක් වත් මා ලඟ දැන් නෑ. ඒ වෙනුවට මගෙ අත් ඔරලෝසුව ගන්න හැකිද කරුනාකර"?

                    රියදුරා මුවෙන් නොබැණම ටිකට්‍ටුව ඔහු අතට පත් කළේය. "සමාවෙන්න. අවසර පතට අය නොකලාට තුති." ඔහු කිසිත් නොදොඩා දරුවාට තමා අසලින් අසුන් ගන්නා ලෙසට සන් කළේය.

                      දෙදෙනා,  කහ පැහැයෙන්, ස්වේත වර්ණ ගන්නා ඝන මීදුම අතරින් රියේ ගමන් කළහ. දරුවා මුනිවත බින්දේය. "ඔබ මුල සිටම කලේ මේ ‍රැකියාවද?" 

                    "නෑ. මම මුලින් ශල්‍ය ශල්‍ය  වෛද්‍යවරයෙක්."

                      "ඉතින් ඇයි ඔබ ඒ ‍රැකියාව අත ඇරියෙ?ඔබ අසාර්ථක වුණාද?"

        "ශාරීරික රෝග සුවකරන්නෙක් ලෙස මා අසාර්ථක වුනේ, මගේ රෝගීන් මට කලින් පරලොව ගිය නිසායි. නමුත් ආත්ම සුව කරන්නෙක් ලෙස නම් මා නොසිතූ විරූ ලෙස සාර්ථක වුණා.මගේ හා අනෙක් වෙදදුරන්ගේ ඔසු අතර එතරම් වෙනසක් නොතිබුනත්, බොහෝ විට දුබල ආත්ම, ඒවායින් උගුරක් බී ප්‍රාණවත් වීමට රුචි කළා."

 මඳ විරාමයකට පසු, රියදුරා ගමනාන්තය ගැන බිඳක් දරුවාට හෙළි කළේය. නමුත්, ඔවුන් වැඩිදුර  කතා නොකළහ.
රියදුරා පැවසූ දෙයින් , තමා කළින් අසා තිබූ ශෙලී නමැත්තා  ගැන වැඩිදුර තොරතුරු අසන්නට ලැබිණ.

                      ඔහු ඉතා පරසිදු පුද්ගලයෙක් බවට පත්වි තිබූ අතර ඔහුටම කියා මගී ප්‍රවාහන රියක්ද තිබිණි. ප්‍රවාහන සමාගමේ සේවයේ යෙදෙන, එවන්, තව බොහෝ රියදුරන් ගැන, රථාචාර්යයා දොඩමලු විය.
                මේ අතර, මීදුම  මැදින් ආලෝකය කෙමෙන් වැඩි වර්ධනය වී ය.ඒ අතරින් යන විට දරුවාට දැනුණේ, තමන් වලාකුලු අතරින් යනවා සේය.

                     ප්‍රහේළිකාත්මක ලෙස,දෙහෝරාවක පමණ තැන් සිට, අසුන් දෙදෙනා කන්දක් නගින බැව් දරුවාට දැනුනේ, උන්, කොලරය මත බර දරා, රිය ඇදි නිසාවෙනි.ඔවුන් නගින්නේ රිච්මන්ඩ් වුවත් (බෑවුම් සහිත පෙදෙසකි) ඔවුන් ගත කල කාලය අනුව මේ වන විට එහි මුදුනට පැමිනිය යුතුවිය.සමහරවිට එය එප්සම් හෝ නෝත් ඩවුන්ස් විය හැක.නමුත්, ඔවුන් සිසාරා හැමූ සුලඟ, ඒ පරිසරයට වඩා බොහෝ සිහිල් බවක් පෑය.
   නමුත්, සර් බ්‍රව්නි, ගමනාන්තය ගැන තවදුරටත් මුනිවත ‍රැකීය.

    අකුණක් කෙටීය.

 "මගෙ දෙවියනේ! මේ ලඟම වැදුනෙ. හරියට කන්දක මෙන් දෝංකාර දෙන අයුරු."
ඔහු තම මව හා පියා ගැන සිතීය. කුණා‍ටුවේ හඬට සවන් දෙමින්, ඔවුන් රාත්‍රි ආහාරය ගන්නා අයුරු හා තම හිස් වූ අසුන  ඔහු මනසින් දිටීය. 

 ප්‍රස්න කිරීම්,බියවීම්, තර්ක විතර්ක හා සැනසිලි වදන් පැවසෙනු ඇති. නමුත් ඔවුන් දිවා ආහාරයට දරුවා බලාපොරොත්තු වනු ඇති. අනෙක් අතට, දිවා ආහාරයට හෝ සවස තේ පානයට නිවසට පැමිනීමේ  හැකියාවක් නැතත්, ඔහුගේ හිතුවක්කාර සවාරියෙන් පසු, නොවරදවාම, දරුවා,  රාත්‍රි ආහාරයට නම් නිවස බලා පිය මනිනු ඇති. ගත යුත්තේ කුමක් දැයි නිනව්වක් නැති මුත්, තම පසුම්බිය තිබුනා නම් ඔහු ඔවුන්   දෙදෙනාට යමක් මිලදී ගන්නේය.


    ශබ්දය හා ආලෝකය එකවර පිටවිය.පණ ඇතිවාක් මෙන් වලාකුළු වෙව්ලීය.රථය බිඳුන මීදුම් කැටිති පසුකර වේගයෙන් ගමන් ගති.
           "ඔබ බියද?" සර් බ්‍රව්නි විචාළේය.
 "බියවන්නේ කුමකටද, ඔබ සිටින විට? තව බොහෝ දුර යා යුතුද?"
  කම්මලක යකඩ තලන්නා සේ කන් බිහිරි කරවන හඬක් නගමින්,රත් පැහැ ගිනි බෝලයක් ඔවුන් නුදුරින් පුපුරා යත්ම, අසුන් නැවතුණහ.

    මුලු වලාකුළම පුපුරා හැලුණේය.
           "ඇහුම්කන් දෙන්න, සර්. බ්‍රව්නි, නෑ මං කියන්නෙ බලන්න. ඒ නම් ඇහෙන්නෙ දේදුන්නක් පායා එන හැටි."
          අසු කුරවල සිට ඈත  ක්‍රමයෙන් දියවන මීදුම දක්වා, වක්‍රාකාරව පුලුල් වෙමින්, දේදුන්නක් නැගී ඒම ඇරඹීය.

 "කොපමණ චමත්කාරජනකද? කෙතරම් සුන්දර පැහැයන්ද?එය නවතින්නේ කොතනින්ද?එය නම් මා දකිනවල සිහිනවල ඇති, ඇවිද යාහැකි දේදුන්නක් වගේ."
     දේදුන්නේ, පැහැය හා හඬ ක්‍රමයෙන් වැඩි විය.එය, ඇසට නොපෙනෙන තරම් විසල් පෙදෙසක් වසා ගත්තේය.වලාවෝ, එය හරහාත්, උඩින් හා යටිනුත්, පාවී ගියහ. අවසන, දේදුන්න, වලාකුළුවලට වඩා ඝන වූ යමක හැපී නතරවිය.

 "දරුවා ඈත මෑත බැළීය. "අර ඈතින් දිස්වන්නේ කුමක්ද?දේදුන්න ‍රැඳුනේ කුමක් මතද?" 
            උදෑසන හිරු එලියෙන් ඈත කඳු ගැටයක් වැනි යමක් දිස්විය. නැතහොත් එය මාලිගාවක්ද? අශ්වයෝ නැවත් ගමනාරම්භ කළහ. උන්ගේ කුර දේදුන්න මතින් පාවී ගියේය.

 "අර බලන්න."දරුවා විස්මිතව කෑගැසීය.




 



"අර ගුහාවෙන් එන හඬට ඇහුම් කන් දෙන්න. අර කඳු ගැටය මත මට මිනිසුන් හා ගස් වැල් පෙනෙනවා."
 "පහල බලන්න. දිව්‍යමය  ඇචිරොන්ට ඇහුම් කන් දෙන්න." සර් ‍තෝමස් බ්‍රව්නි සිහින් හඬින් කීය.

 දේදුන්නෙන් පිටවන ගිනිදලුවලින් වැසුන රියේ රෝද අතරින්,දරුවා දෙනෙත් දැල්වීය.
 ප්‍රපාතය පහව ගොස්ය. ඒ වෙනුවට, සදාතනික ගංගාව ගැඹුරේ ගලා ගියේය.හිරු කිරණ, හරිතවර්ණ පොකුනකට එළිය විහිදුවත්ම, එහි ගයමින්, කෙළිදොලෙන් සිටිනා ලලනාවෝ තිදෙනෙක් දෘශ්‍යමන වූහ.

 "දියේ සිටිනා ඔබට සුභාශිංෂන!" දරුවා කෑ ප්‍රීතියෙන් හඬ නැගීය."
 "පාලමේ ගමන් කරනා ඔබටත්, අපෙන් සුබපැතුම්." සංගීතයක් පාව ආයේය.  
 "ගැඹුරේත්,උස් තන්හීත්, දෘශ්‍යමාන වන්නේ, සත්‍යයම පමණි"

                      රථය ගමනාන්තයට ලඟා විය.

( දෙවන කොටස ඉක්මනටම.)




E.M.Forster ගේ  "The Celestial Omnibus" නම් කෙටිකතාවේ පරිවර්තනයකි.
(Images are from Google.)                                                      


  • Achiron  -       මිත්‍යා ගංගාවකි  -river of pain

  • Sir Thomas Browne- a famous essayist                                                        

                                                       

17 comments:

  1. මේ පෝස්ට් එක එකපාට්ටම අතුරුදහන් වුනානෙ.. කමෙන්ට් එක දාන්න යනකොට පෝස්ට් එක නෑ.. දැන් මට මතකත් නෑ මොනාද ටයිප් කලේ කියලත්..

    දෙවියන්ගේ ක්‍රියා කිව්වේ Act of God ද ? ඒක ටිකක් අමුයි වගේ නේද ?

    ReplyDelete
    Replies
    1. මගෙ ඉන්ටර්නෙට් හරීම ස්ලෝ. ඊයෙ දවසෙම try කලා මේක publish කරන්න.හැන්දෑවෙ ඔය වෙලාවට වගේ එක සැරයක් පබ්ලිශ් වුනා. ඊට පස්සෙ බලනකොට පෝස්ට් එක නෑ.

      පස්සෙ බලනකොට තාම draft mode එකේ. ඊයෙ රෑ තමයි හරියටම පුලුවන් වුනේ පෝස්ට් එක දාන්න. ස්තූතියි ආවට.

      acts of God ඒකට මට වෙන වචනයක් නෑ. any suggestions?

      Delete
    2. මට ඉතින් අමුයි වගේ තේරුණාට එහෙමට අදහසක් නෑ යෝජනා කරන්න. ඩූඩ් හරි දේශා හරි අවොත් කියයි සමහර විට..

      Delete
    3. හනේ බං සෙන්නා උඹ මාවත් එක්ස්පර්ට් කෙනෙක් ගානට දාලා තියෙන හැටි! මටත් හිතෙන්නේ දෙවියන්ගේ ක්‍රියා තමයි දාන්න වෙන්නේ ඔතන අදහස් වෙන්නේ ස්වභාවික විපත් වුනාට.

      මේක ලියන්න මාර කට්ටක් නම් කාල තියෙන බව පේනවා. කලබල නෑ නිල් මානෙල් වෙලාව අරගෙන ලියන්න.

      Delete
    4. ආයෙ අමුතුවෙන් දාන්න ඕනයෑ.. උඹ එක්ස්පර්ට් තමා...

      Delete
  2. මට හිතුනු විදියටවෙනසක් කලා. ගැලපෙනවද මන්ද.

    ReplyDelete
    Replies
    1. කොහොමද " සමාගමේ/අපගේ පාලනයෙන් බැහැර ක්‍රියා" වගේ එකක්..?

      Delete
    2. සමාගම රන් කරන්නෙ මැරුන පසු දෙවිවරු වුන සාහිත්‍යකරුවො නෙ. ඉතින්, අපගේ පාලනයෙන් බැහැර ක්‍රියා කීවම, ඒකට දේව සම්බන්දයක් තියෙනව කියල අදහසක් එන්නෙ නෑ නේද?

      Delete
    3. නෑ නෑ මම කිව්වේ අදහසක් විතරයි.. ඩූඩුත් කන්ෆර්ම් කරලා තියන නිසා පළවෙනියට තිබුන එක හොඳා...

      Delete
  3. කියවලා ඉවර වෙද්දී ඊ ළඟ කොටස බලනකන් ඉවසිල්ලක් නැති ගතියක් දැනුනා. එකත් ඉක්මනටම දානවනම් අගෙයි...

    ReplyDelete
    Replies
    1. මුලු කතාවම පරිවර්තනය කරල ඉවරයි. ටයිප් කරන්න තමා තියෙන්නෙ. මේ සති අග ටයිප් කරන්න හිතන් ඉන්නවා. ස්තූතියි ආවට.

      Delete
    2. @ ඩූඩ්

      මේක පරිවර්තනය හරි අමාරු වුනා. කතාව කොහොම කියවන්නට තේරුම් යන විදියට පරිවර්තනය කරන්නද කියල.ගොඩක් ග්‍රීක හා රෝම සාහිත්‍යට සම්බන්ද දේ තිබුනා. සමහර ඒවා අත ඇරියා. fantacy typeනිසා කතාව හරියට තේරෙන්න නම් කතාවෙ සඳහන් කර ඇති දේ ගැන සාමාන්‍ය දැනුමක් තියෙන්න ඕන.ඒත් කියවන්නෙ විවිද රුචීන් ඇති අය නිසා ඔවුන් හැමෝම මෙහි පසුබිම ගැන දන්නව කියල හිතන එක සාධාරණ නෑ.

      සෙන්නා ඔබ ගැන කිව්ව දේට මාත් එකඟයි.

      Delete
  4. කියවා රස වින්දෙමි.. අනෙක් කොටස කියවන්නට එමි !

    ReplyDelete
  5. බොහොමත්ම ස්තූතියි

    ReplyDelete