පන් නෙලන්නීය, වෙලට බැස මිත්තණිය
වැතිර ඉඳිමි මා ගං ඉවුරේ.
ඉදී බෙරි වී පැලුණ කිරල ගෙඩිවල සුවඳ
කූරු ගායි මගේ නාස් පුඩු.
ඉව කරමින් ඒ මිහිරි සුවඳ
ඇවිද යමි ගං ඉවුර දිගේ
බලමින් දෙපස, සොයමින් කිරල ගෙඩි
මඩ තුල වැතිරුණ.
කඩොලාන මුල් අතර
ඉස්සො පැටව්
නටති, පනිති, දඟලති.
පෙනෙයි සේයාවක් පැහැදිලි ගං දියේ.
දිගු නොවූ හිසකේ, බෝරිච්චි ගවුමක්.
කුතුහළයෙන් වෙලුන ඇස් ඇති
කෙලි පොඩ්ඩියක්.
සවනත වැකෙයි මිත්තණියගේ කට හඬ.
" කෙල්ලේ, මෙහෙ වරෙන්."
මෑත් වී ගං තෙරෙන්
රුං ගා දුවමි ඇය වෙතට.
මිටි බඳියි නෙලූ පන් ඈ.
විසිර ඇති නියර මත.
බලා සිටිමි නොඉවසිල්ලෙන්,
ඔසවන තුරු පන් මිටියක්
මා හිස මතට.
ගනිමි එය හිස මතට, පාත් වී හිමිහිට.
විඳිමින් කොමල පහස,
වළාතර සැඟවෙන සුමුදු හිරුගේ.
පා තබා සීරුවෙන්, ඇවිද යමි මා
කිරුළ හිසින් ගත් රැජණක සේ.
ඕනෑම මොහොතක චිත්‍රයක් ඇඳ දෙන්න කියා ඉල්ලූ විට හැකි විගස එය කරදෙන වසන්තා ප්‍රනාන්දු ගුරු මහත්මියට මගේ ස්තූතිය පිරි නමමි.
(කවියක් ලියන්න ගත් උත්සාහය සාර්තක වුනාදැයි නොදනිමි. නමුත් මේ අතීත අත්දැකීම එලියට දැමීමට වෙන පහසු ක්‍රමයක් සොයා ගත නොහැකි විය.)
රැගෙන ජංගි කොටයක් කිහිල්ලට
ReplyDeleteආතාට ලැබුන ගිහිපිරිතකට
ඉරි ඉරි තුවායක් සමගින්
අක්කපාන කෙල කඩ කඩ
ගල් පොකුනු ගල් පොත්ත උඩින්
ධනවර්ධන මාමලාගේ
මැංගුස් ගස් යටින්
කුමාරි අක්කාගේ නංගා
සුදු මැණිකාට අත වනමින්
මායිම් කඩුල්ලෙන් පැන
වෙද සීයලාගේ වත්තට
උදය මාමලාගේ බොන ලිදට
මැංගුස් ලෙල්ල විසිකරමින්
රත්තාගල පාරෙන්
තැන්නේ ලිදට
ගිය අතීතයට මාව ඇදගන ගියා
ගීං ගං අක්කේ උඹ:
තැන්නේ ලිං පඩියට
චීත්තය පත බාන ගමං
සුසිල් මහත්තයා ආවේ නැද්ද
කන්ඩ බටර් පාං අරගන
මගේ අප්පාව අහන
පිස්සු සෝමා නැන්දාට
තිබ්බ නහයමයි තියෙන්නේ
අක්කන්ඩියේ උඹට
පොස්ටුවේ අයිතිකාරියටත් කමෙන්ටුවේ අයිතිකරුවාටත් මගේ ප්‍රණාමය ....!
Deleteසහන් ඔබටත් ඉතාම ස්තූතියි. නොකඩවාම මා දිරිමත් කිරීම ගැන. නොකඩවා ඔබේ පෝස්ට් කියවීමට නොහැකි වීම ගැන අමනාප නොවෙතියි සිතමි.
Deleteඅර අරමගල පුස් කකා තියෙන්නේ දාහන්කෝ.. මේක ඒකේ.. හිටගෙන...
Deleteහි හි
Deleteකොහේ දැම්මහම මොකද උඹල කියවනවනේ
Deleteඒකට කමක් නැහැ මානෙල් අක්කේ ... ඉඩ ලැබෙන හැටියට නෙව එන්නේ... හිතේ අහිතක් නැහැ..
Deleteහරිම ලස්සනයි අටම්. මෙච්චර කාලෙකට මට ලැබුන සුන්දරම, හර්දයාංගම කොමෙන්ටුව.
ReplyDeleteලස්සන කවියයි චිත්රෙයි සහෝ...අටම්තුමාගේ කොමෙන්ටුවත් ඉස්තරම්
ReplyDeleteචිත්‍රෙ නම් මට මිස් කෙනෙක් ඇඳල දුන්නා. කොමෙන්ටුව පෝස්ට් එකට වඩා ලස්සනද මන්ද?
Deleteමේ ස්වභාව සෞන්දර්යය, මේ නිර්ව්‍යාජ ගැමි ජීවිතය, විඳගන්නට අපි පින් කරලා තිබුණා. ඒත් අද?
ReplyDeleteමේ කවිය නැවත කියවද්දිත් මට ඇඬුම් යන්නට ආවා. හරි දුකයි මිත්තනිය හා මා ගතකල ඒ අතීතය සිහිවන විට.
Deleteඅඩේ මේ බ්ලොග් එක අටමගෙද?? අටමිගෙද?? නැත්තම් කාගෙද??
ReplyDeleteමේ බ්ලොග් එක නිල් මානෙල් ගෙ. අටම්ල අපි බ්ලොග් සහුර්දයො. මීට කලින් ඇවිත් නෑ වගේ. පිලිගන්නම් ගාලු කොල්ලව මගෙ බ්ලොග් එකට.
Deleteසාර්ථකයි.. උත්සාහය.ඒක අගය කරනවා..
ReplyDeleteකිරල සුවදට නහය කූරු ගානවා කියන එක විදින්න හරියටම ලේක් එහෙක වැවිච්චි කිරළ ගස් ගොන්නක් අතරේ ඉන්නම ඕනත. ඇත්තටම නහය කූරු ගෑවෙනවා ඒ සුවදට
බයේ හිටියෙ. කවිය චොර වුනා කියල.
Deleteඇත්තටම ඔයත් කිරල ගෙඩි ඇහිඳන් කාල තියෙනවද? වැඩිය කන්නත් බෑනෙ. ඒ අත්දැකීම් ගත්ත තව අය ඉන්නව කියල අහන එකත් හරිම සතුටක්.
මම එව්ව ශෝට් ස්ටෝරීස් කියෙව්වද? නෑ නේද? :D
ලැබුනේ නෑනේ.. ආ අර දාපු ලින්කටුවද... තාම වෙලාවක් ලැබුනේ නැහැ. අපේ රාජ් දුන්නා ඇලන්පෝගේ ඔක්කෝම කතා තියෙන පීඩීඑෆ් එකක් ඒකේ ඕක ඇති අනිවා... ස්තුත්යි..
Deleteඒ අත්දැකීම් මට නෑ. හැබැයි, පද පෙළින් ඒ අත්දැකීම වින්දා!
ReplyDeleteඅපි විඳපු ඒ සොඳුරුඅත්දැකීම්වලින් සොච්චමයි මේ ප්‍රකාශ වෙන්නෙ. ඒව ඒ විදියටම කියන්න තරම් වචනවලින් මම පොහොසත් නෑ.
Deleteඔහේගේ කවියත් හරි.. අටමගෙ කවිය ඊට හපන්.. දෙකම පට්ටම පට්ට රහයි...
ReplyDeleteඇත්තටම අටම් ගෙ කවිය මම ලියපු එකටත් වඩා ලස්සනයි. අහල පහල මුලු නැදෑයො ගැනම කියල තියෙනවනෙ. ඒ මදිවට නහයක් ගැනත් කියල. හි හි
Deleteඔය අපේ ලොක්කත් කියල තියෙන්නේ.
Deleteඒ කාලේ මතක් කරනවා ඔබලා වැනි අයගේ මෙවැනි නිර්මාණ.
ආ කවිනෙ.. මම ආවෙ පරිවර්තනයක් කියවන්න.. ආයෙ එන්නම්..
ReplyDeleteකවි ඇලජික්ද
Deletesenna - පරිවර්තන දෙකක්ම පටන් ගත්තා. ඒත් මේක මතක් වුනා ලියන්නම හිතුනා. පරිවර්තනවලට ගොඩක් කාලය යනවා. එක දිගට ඒකෙ යෙදෙන්නත් බෑ.
Deleteහැකියාවක් තියන්වා කියලා පේනවා.. :-)
ReplyDeleteවිහිලුවක් කලෙ හොදට ලියල තියෙනවා.. තව කල් යද්දි හොදට ලියයි තව..
බොහොම ස්තූතියි. ගොඩක් ලස්සන නෑ කියල දන්නවා. ඒත් කවිවලට මම ආසයි. විශේශයෙන් නිසඳැස්. බ්ලොග් එකට ආදරෙන් පිලිගන්නවා.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteකවිය නම් ඇත්තටම ලස්සනයි.. සුන්දර ගැමි කමක් මතු වෙලා.. චිත්රේ කාගෙද කියන එක කියලා නැහැනේ..
ReplyDeleteස්තූතියි මතක් කලාට . ඔන්න චිත්‍රය ඇන්ද කෙනාගෙ නම දැම්මා.
Deleteතාමත් ඒ ගැමි විදියට තමා ලෝකය දකින්නෙ බාහිරෙන් නවීන වුනාට.
කවිය මසුරන් .
ReplyDeleteමෙය කියවද්දී මට සිහියට ආවේ දුම්මලදෙනිය ගමේ පන්සල අසලින් ගිංගග පැත්තට ඇවිදගෙන යද්දී දුටු දේවල්ම ඒ අයුරින් ලියවිලා තිබීමයි මානෙල්.
බ්ලොග් එකට අද නේද ආවෙ. ආදරෙන් පිලි ගන්නවා.අගය කිරීමට ස්තූතියි.
Deleteඔයා කොහොමද දුම්මලදෙනිය පැත්තට ආවෙ. එහෙද ඉන්නෙ? ඒ පැත්ත හොඳට පුරුදුයි වගේ.
පොස්ටුවේ කවි කාරිටත් ,කොමෙන්ටුවේ කවි කාරයාටත් මල් මිටක්
ReplyDeleteඔව්.ඔව්. දෙන්නටම ප්‍රසන්සාව ලැබෙන්න ඕන. දෙකක් නෑ.
Deleteනිල් මානෙල්........ආපහු ගමට ගිහින් ආවා...රාජ් ලියලා තිබුනා පන් මතක් කරලා පෝස්ට් එකක්. ඒකත් හරිම ලස්සනයි.
ReplyDeleteමාත් ඒක ලියල ඉවර වෙනකල්ම හිතින් හිටියෙ ඒ පරිසරයෙ තමයි. දැනුත් ගඟ නම් තියෙනවා. ඉන්නෙත් ඒ කිට්ටුව. නමුත් පරිසරය ?
ReplyDeleteඅපේ ගෙවල් පැත්තේ ගං ඉවුරුත් නෑ, කිරලත් නෑ. :D හැබැයි කවියයි, චිත්රෙයි රස වින්දා. ලස්සනයි..! :)
ReplyDelete
Deleteඑහෙමද? බොහොම ස්තූතියි අගය කිරීමට
:)
Deleteසුපිරියිනේ අප්පා.......
ReplyDeleteබොහොම ස්තූතියි.
ReplyDeleteමෙච්චර පරක්කු වුනාට සමාව භජනය කරත්වා. ඔය කට්ටිය දීලා තියෙන්නේ ලෙසටම. ඔන්න ඉස්කෝලේ හාමිනේගේ තවත් සැඟවුනු කුසලතාවයක් එලි දැක්කා අද.
ReplyDeleteස්තූතියි. ඒ දක්සතාව ය නම් තව වැඩි දියුනු විය යුතුයි.
Deleteනිර්මාණය රස වින්දෙමි... තව පරිවර්තනයක් කරන්න කාලේ හරි වාගේ.. :)
ReplyDeleteස්තූතියි. කාලෙකින් බ්ලොග් එක ලිව්වෙ නෑ නේද?
Deleteඔව්.. දැන් නම් ආයෙ හෙමින් හෙමින් ලියනව. :)
Deleteමං වැඩිය ඔය නිසදැස් වලට කැමති නෑ. මොකද දකින ඒව තුලින් කිසිම රහක් නේන නිසා(හැබැයි මට විතරක්).ඒත් කර්සරේ ටිකෙන් ටික පාත් වෙනකොට දැකපු චිත්‍රයට ලොබ සිතුනු මගේ සිත නිතැනින්ම ඔබ ලියා තිබුණු පදවැල්ද මුමුණන්ට අමතක කලේ නැත. ලස්සනයි. ඇත්තටම ලස්සනයි. උගතෙක් වියතෙක් නොවුණත් දුප්පත් මගේ සිතට මතක් වූයේ උසස් පෙළ කරද්දී හදවතින් විදින ලද කවි ගොන්නයි.(කාලයත් එක්ක වෙනත් දේ කියවන්න බැරිවුණු නිසා)......ඔහ්
ReplyDeleteකවිය රස වින්දා නම් සතුටුයි. අපි උගත්තුද වියත්තුද කියල තීරණය වෙන්නෙ අපි කරන දේවලින්. ඔය ඕන තරම් උගත්තු කියල කියා ගන්න අය හෙන මෝඩ වැඩ කරන්නෙ!
Deleteඉතා කැමතියි!!!
ReplyDeleteතෙලිතුඩට නැගුනු මේ නිසඳැස මවයි සිත තුල සොදුරු සිතුවමක්
ReplyDelete