Tuesday, October 14, 2014

Winter Oak





Savushkin  always took a shortcut to school. So why was he always late?









(https://encrypted-tbn1.gstatic.com/images?q=tbn:ANd9GcRlJEFhl4DIi-yMvur71AmKAh9ZKXkec2RsofrEOFfETvsucgBU0Q)


                    ඒ උනුසුම් උදෑසන ගුරුතුමියගේ සිත,  සතුටින් පිරී ගියේය.සරසවියෙන් පිට වූ වහාම,පලමු පත්වීම ලබා, උවරොව්කා ගම්මානයට පැමින, තවම දෙවසරක් වත් ගතවී නැතත්, මුලු දිස්ත්‍රික්කයේ ම නම් දැරූ හොඳම රුසියන් ගුරුවරිය වූයේ ඇය ය.

                කුඩා ගම්මානවල හා නගරයේ අස්සක් මුල්ලක් නෑර සැවොම ඇය ගැන  දැන සිටියහ නැතහොත් අසා සිටියහ. ඔවුන්, ඇනා වැසිලියෙව්නා කියා නම අගට වාසගමද එක්කර ඇය ඇමතූයේ, ඔවුන් ගේ හදවත් වල ඇයට ඇති භක්ත්‍යාදරය විදහා දැක්වීමටය.

 ඇය උගැන් වූ පාසල  ගඩොලින් තැනුන, දෙමහල් ගොඩනැගිල්ලක් විය.එහි, කුඩා හිම පතුරු වලින් සායම් කළ, පුළුල් ජනෙල් කවුළු සහිත බිත්ති,  ළා  රත් පෑ සේයාවක්, හිම මත පතිත කළේය.

 ඇය එදින, පංති කාමරයට ඇතුලු වන විට, සුපුරුදු ලෙස, ළමෝ, "සුබ උදෑසනක් වේවා, ඇනා වැසිලියෙව්නා"  කියා ආචාර කළහ. ඔවුන් සමහරක ගේ වදන්, හිස් පලඳනා හා කරපටි අතරින්, අපැහැදිලිව, වාතයට මුසු විය.

 ඇනා ගේ පමු කාලඡේදය, 6 වසර සිසුන් සඳහා වෙන්විය.
          "ආයුබෝවන් ළමයි, අද අපි නාමපද ගැන ඉගෙන ගනිමු." ඇය සිනහ පිරුන මුවින්, ඔවුන් දෙස බැලුවාය.පසුගිය වසරේ, මෙම පාඩමට සූදානම් වෙද්දී, ඇය තුල තිබූ චකිතය, අද, දුරුව ගොස්ය.ඒ වෙනුවට, ආත්ම  විශ්වාසයෙන් ගත පිරිණ.ඇය, සන්සුන් ස්වරයකින්, පාඩම ඇරඹුවාය.

  "නාම පදයක් කියන්නෙ,කෙනෙක්, දෙයක් හෝ ගුනාංගයක් හැඳිවීමට යෙදෙන පදයක්. 'ඒ මොකක්ද, ඒ කවුද' කියන ප්‍රස්නවලට පිළිතුර නාම පදයක්. 'ඒ කවුද? මයෙක්, ඒ කුමක්ද? පොතක්'. "
 "ටීච, මං ඇතුලට එන්නද?"
 හොඳටම ගෙවී අබලන් වු, කබල් බූට් පාවහන් යුවලක් පැලඳි, කුඩා කොලුවෙක්, චකිතයෙන්, පංති කාමරයේ දොර අසල, සිටගෙන සිටියේය.
 ඔහුගේ රවුම් මුහුන, කොපමන සීතලෙන් රතු වී තිබුනේද කිවහොත්, එය දිලිසුණේ, ඉදී, පිපිරීමට ආසන්න, චෙරි ගෙඩියක් මෙනි.ඇහි බැමේ තැන්පත් වූ සියුම් හිම බිඳිති, සුදු පැහැයෙන් දිස්විය.
  " සවුශ්කින්, ඔයා අදත් පරක්කුයි."

  ගුරුතුමිය, පංති කාමරය තුල විනය තදින් ක්‍රියාත්මක කළද, මේ මොහොතේ ඇගේ හඬ අසරණ  ස්වරූපයක් ගත්තේය.ඒ අතර, සවුශ්කින්, බයාදු ලෙස, හිමිහිට ඇවිද ගොස්, තම අසුනේ ගුලි විය. ඔහු ගේ ප්‍රමාදය, ඇනා තුල කෝපයක් ඇති කළේය. ඔහු, තම කදිම උදෑසන, නාස්ති කළා සේ ඇයට දැනිණ.
           "හොඳයි, මයි, අපි ආපහු පාඩම මතක් කර ගනිමු.මම කිව්ව දේ ඔයගොල්ලන්ට තේරුනාද?"
 "ඕ......ව්..ව්..."   , ළමෝ,ලමෝ එකාවන්ව කෑගැසූහ.
 "බොහොම හොඳයි. එහෙනම් දෙන්නකො බලන්න මට නාම පදවලට උදාහරණ ටිකක්."
තරමක්, කල්පනා කර, සිසුවෙකු පිලිතුරු දුන්නේය.
  " ඩෙස්කය"
 "හරියට හරි" ඇනා සතු‍ටු සිතින් කීවාය.

  ළමෝ, දිගටම කෑ ගසා නාම පද කීහ.
  "බල්ලා" ,ජනේලය,මේසය,, බෝතලය, පෑන, පොත, කලු ලෑල්ල "
 හොඳයි. දැන් ඇති. හැමෝටම තේරුනා නෙ."
  එක්වරම, නින්දකින් අවදි වූවා සේ, සවුශ්කින්, පු‍ටුවෙන් නැගිට, උද්වේගයෙන් කෑ ගැසීය. "  winter oak"
                ළමෝ, මහ හඬින්, සිනාසුනහ.  ඔවුන් ගේ සිනා හඬ, පංති කාමරයෙන් එලියට විහිදී ගියේය. ගුරුවරිය, මේසයට තදින් තට්‍ටු කරමින්, ලමුන් නිහඬ කරවීමට උත්සාහ ගත්තාය.
                         "හැමෝම නිශ්ශබ්ද වන්න."
             තමා අවටින් ඇසෙන සිනා හඬ හෝ, ගුරුවරිය, ලමුන් නිහඬ කරවීමට දරන ප්‍රයත්නය ගැන කිසි නිනව්වක් නොමැතිව,  "winter oak "යැයි සවුශ්කින්, ප්‍රතිඋච්චාරණය කළේය.තනිව විඳිය නොහැකි, අපූරු රහසක් සේ, ඒ වදන් ඔහුගේ මුවින් ඉබේම ගලා ආ ය.
ගුරුතුමිය උරණ වූවාය. ඇයට , ඔහු කී දේ නොවැටහිණ.  කෝපය, ඉතා අපහසුවෙන්, පාළනය කර ගනිමින්, " ඇයි,  'winter oak' කියන්නෙ?  'oak'  කිව්වම හොඳටම ඇති. ඒක නාම පදයක් නෙ." යි ඇය තෙපලුවාය.

" අය්යෝ ඇනා වැසිලියෙව්නා,    oak වල කිසිම විශේෂත්වයක් නෑ.  ඒකටත් එක්ක winter oak, අන්න ඔයාගෙ නාම පදේ!"

 " සවුශ්කින්, වාඩි වෙන්න.පරක්කු වෙලා එනවා. ඇවිත් මෙතන විකාර කතා කියවනවා.  oak කියන්නෙ නාම පදයක්. winter oak කියන පදයෙ,  winter කියන එක මොන ගනයටද වැටෙන්නෙ කියල අපි තාම ඉගෙන ගත්තෙ නෑ." ඔයා  interval  එකේදි  staff room එකට එන්න."

...............................................................................................................................
ගුරු විවේකාගාරය, විවිධ හඬින් පිරී ගියේය. " සවුශ්කින්, ඉඳ ගන්න" ඇනා පැවසුවාය.

"මට කියන්න, ඇයි ඔයා හැමදාම පරක්කු වෙලා එන්නෙ කියලා. "

 "මම දන්නෙ නෑ, ඇනා වැසිලියෙව්නා, මම ගෙදරින් පිටත් වෙන්නෙ පැයකට කලින්."

 "ඔයා ඉන්නෙ කුෂ්මින්කි වල නේද?"

  " නෑ, සැනටෝරියම් එක  ළඟ."


 "ඔයාට ලැජ්ජා නැද්ද බොරු කියන්න, ඔයා ගෙදරින් පැයකට කලින් පිටත් වෙනවා කියල. සැනටෝරියම් එක ළඟ ඉඳන් පාරට එන්න, ඕන නම් විනාඩි පහලවක් යයි.එතන ඉඳන්, ඉස්කෝලෙට එන්න පැය බාගයක් වත් යන්නෙ නැති බව මම හොඳටම දන්නවා."
           " ඒ වුනාට, මං ඒ පාරෙ නෙමේ ඉස්කෝලෙ එන්නෙ, කෙටි පාරකින්."

 "මේක නම් හරියන වැඩක් නොවෙයි. මට ඔයාගෙ දෙමව්පියන් එක්ක කතා කරන්න ඕනෙ, සවුශ්කින්."
 "මට ඉන්නෙ අම්මා විතරයි, ඇනා වැසිලියෙව්නා" දරුවා සිහින් හඬින් මිමිනීය.
 තමා ගේ නොසැලකිලිමත් වදන් ගැන, ගුරුවරිය ලැජ්ජාවට පත් වූවාය.ඇයට, සැනටෝරියමේ, ජල, චිකිත්සක අංශයේ සේවය කරන, කෙසඟ, විඩාබර වුවනකින් යුත් කාන්තාව සිහිපත් විය.ඇගේ සැමියා යුද බිමේ මිය ගොස්ය. දරුවන් සිව් දෙනෙකු හදා වඩා ගැනීමට ඇය දරන වෑයම මදිවාට, තම බාල දරුවා ගේ ගුරුවරිය ගේ පැමිණිලි වලටත් සවන් දීමට ඇයට සිදුවනු ඇත.
  "මට ඔයාගෙ අම්ම ව මුන ගැහෙන්න ඕනෙ. මොකද්ද එයා වැඩ කරන shift එක."
     "අම්මා වැඩට යන්නෙ හවස තුනට."
 "හොඳයි. මගෙ වැඩ දෙක වෙද්දි ඉවරයි. ඊට පස්සෙ, අපි දෙන්නම යමු අම්මව මුන ගැහෙන්න."

................................................................................. ...........................            

                  ගුරුතුමියට මග පෙන්වමින්, සවුශ්කින්, පාසල පි‍ටුපස අඩි පාරේ, ගමන් ඇරඹීය.එහි මද  දුරක් යත්ම හිමෙන් බරව නැමුන, ස්පෲස් ගසෙන් වට වූ, නිසල, සාමකාමී මායා ලොවක්   මවා පෑ කුඩා වන රොදකට ඔවුන් අවතීර්ණ වූහ. සවුශ්කින්, දිය මිදුන, කුඩා දිය දහරක් දිගේ, ඇවිද ගියේය.ඇනා, තමන් කෙදිනකවත් නොදු‍ටු,මේ අපූර්ව පරිසරයේ, සිරි නරඹමින්, ඔහු පසුපස පිය මැන්නාය. ඉඳහිට, හාවෙකුගේ හෝ ඊට තරමක් විශාල වෙනත් සතෙකු ගේ අඩි සටහන් ඔවුහු දුටහ.
                         "ගෝනෙක්"  සවුශ්කින් කෙඳිරීය.
  "ඔයා ගෝනෙක් ව  මෙහෙදි දැකල තියෙනවද?"   "අනේ නෑ. තාම මට ඒ වාසනාව ලැබුනෙ නෑ." ඔහු දිගු සුසුමක් හෙලුවේය.
                    කුඩා, අඳුරු  අඩි පාර දිගේ  ආ ඔවුන්, එක්වරම, ළා හිරු ‍රැසින් ආලෝකවත් වුන, එලිමහන් පෙදෙසකට පිළිපන්හ. එහි මධ්‍යගතව, ශ්වේත වන් ව, මහේශාක්‍ය  ලීලාවෙන්   දිදුලමින්,   , කෙනෙකුට බදා ගන්නට බැරි තරම්  විසල් තුරක්, තමා හාත්පස ඇති සියලුම ශාකයන්, එය ඉදිරියේ, නොවැදගත්, කුරු මිට්ටන්  බවට පත් කරමින්, නුබෝ ගැබට අතු පතර විහිදා, උස් ව නැගී සිටියේය.  එහි ගනකම් පොත්තේ,පැලුන විවරවල සැඟවුන, හිම පියලි දිස්වූයේ, ගස, රිදියෙන් කැටයම් කළා සේ ය.                                     

 "winter oak " විස්මපත් ස්වරයකින් ඇනා කෙඳුරුවාය.ඉනික්බිති, විසල් තුර වෙතට, හිමිහිට පිය නගමින්, එහි පුලුල්  වියන් ස්ථරය පාමුල, සිට ගත්තාය.  
                  කුඩා සිසුවා, තම ගුරුතුමිය ගේ විස්මපත් හඬ හෝ, මේ මොහොතේ, ඇගේ චිත්ත සන්තානයේ රජයන අපූර්වතම හැඟීම් ගැන හෝකිසිම නිනව්වක් නැතිව, ගස පාමුල යමක් පිරික්සමින් සිටියේ,දු‍ටු ඕනෑම කෙනෙකුට,මේ ගස හා ඔහු අතර ඇති බැඳියාව මනාව විදහා දක්වමිනි   
  " ඇනා වැසිලියෙව්නා, ටිකකට මෙහෙට එනවද? ඔබට පෙන්වන්න යමක් තියෙනවා."

              "මේ බලන්න!" ඔහු, මතුපිට කුඩා හිම තට්‍ටුවක් හා ඒ සමග ඇති, පස් ගුලියක් පරිස්සමින් ගලවා ගනිමින්, ඉන් ඇතිවුන හිදැසේ, තැන්පත් ව තිබූ, දිරාපත් කොල රොඩු ඇමිනුන, කුඩා රවුම් හැඩැති, යමක් පෙන්වීය. "ඉත්තැ පැටියෙක්!" ඇනා ඇස් අදහා ගත නොහී කෑ ගෑවාය.
             සවුශ්කින්, ඉතාමත් පරිස්සමින්, හා හෙමිහිට,ඉත්තැ පැටියාගේ ගුල වැසී තිබූ පස් තට්‍ටුව හා හිම කැටිය, නැවත, නිසි ලෙස, ස්ථාපනය කළේය.
                       ඉන්පසු, ඔහු ඊට මදක් එහායින්  තවත් එවැනිම කුඩා පස් ගුලියක් හාරා,ඇබිත්තන් හිම කූරු එල්ලුන,විවරයක් අඩියේ සිටින, නිද්‍රාවකට වැටී සිටි, දුඹුරු පැහැ ගෙම්බෙකු, ඇනාට පෙන්වීය. "පේනව නේද, කට්ටකමට, හොරා වගේ ඉන්න හැටි." දරුවා ආහ්ලාදජනක  හඬකින් විචාලේය. "මැරිල වගේ ඉන්නෙ. ඒත් බලන්න ඕනෑ, අව් ‍රැළක් වැ‍ටුනම ඌ  පැන, පැන යන හැටි."   


        කොලු පැටියා, මේ රහස්‍යමය ලෝකයේ, තමා පමනක් දන්නා,  තමාටම සීමා වූ  සියලුම සොඳුරු  තැන්, තම ගුරුතුමියට අනාවරණය කළේය.
  ගස පාමුළ හා ඒ අවට අරක් ගත්, නිද්‍රාජනක මැඩියන්,ක‍ටුස්සන් හා කෲමින් ගිනිය නොහැකි තරම් විය.  උන් සමහරු, ගස මුල,  තම නිජ භූමිය කර ගත් අතර, සමහරු, පොත්තේ ගැඹුරු ස්ථරවල නිවහන් සාදා ගත්හ. ඇනා, ඒ සියල්ල, කුඩා දැරියක සේ, වශීකෘතව, නිරීක්ශණය කළාය.
          "අය්යෝ, මට අමතක වුනා! මෙලහකට අම්මා වැඩට ගිහිල්ලත් ඇති." ඇනා ඔරලෝසුවේ වෙලාව තුන පසු වි විනාඩි තිහක් පමන බැව් නිරීක්ශණය කළාය.
         මේ සුවිශේෂී තුරු රාජයා ගෙන්, යටි හිතින් සමාව අයැද සිටිමින්,        "ඔයාට දැන් තේරෙනවනෙ, කෙටි පාරවල්වලින් ඉස්කෝලෙ එන්න ගියාම වෙන දේ? හෙට ඉඳන්, ප්‍රධාන පාරෙන් එන්න" යැයි  ඇනා කාරුනික ස්වරයෙන් සවුශ්කින් ඇමතුවාය. ඔහු හිස, බිමට නැඹුරු කරගත්තා විනා, කිසිත් දෙඩුවේ නැත.
      ' අපොයි, මොකක්ද මම ඒ කලේ? ගුරුවරියක් වෙලත්,පොඩි ලමයෙකු ගෙ හිත තේරුම් ගන්න බැරි වුනා. ඒකෙන්ම පේනව මගෙ නොහැකියාව'  යි ඇනා විපිලිසරව සිතුවාය.
 "බොහොම ස්තූතියි,  සවුශ්කින්,මීට කලින් කවදාවත් දැකලා නැති, ලස්සණ, පුදුම දේවල් ටිකක් මට පෙන්නුවට." ඇය  හනික, නැවත තම හඬ අවදි කළාය. "අර මම දැන් ටිකකට කලින් කිව්ව දේ ඔයා අමතක කරලා දාන්න.ඔයා කැමති නම්, මේ පාරෙන්ම ඉස්කෝලෙ එන්න. "

              "Thank you, Anna Vasiliyevnaa" 
             සවුශ්කින් ගේ, ප්‍රීතියෙන් පිරුන වදන්, වා තලයේ පැතිර ගියේය. තමා, මින්පසු, කෙදිනකවත්, ප්‍රමාද නොවන බවට සපථ කිරීමට, ඔහුට තදින්ම උවමනා කළත්, එය ‍රැකීමට හැකි වේදෝ යන බියෙන්, ඔහු මුනිවත ‍රැක්කේය.සීතලෙන් බේරීමට ඔහු කොලරය උස්සා, හිස්වැස්ම පහලට තද කර ගත්තේය. 

"මම ටීචව ආපහු ඉස්කෝලෙ ගාවට ඇරලවන්නද?"

 "නෑ, නෑ, සවුශ්කින්, බොහොම ස්තූතියි. මට පාර මතකයි."
  ඇය මද දුරක් ගොස්, අවසන් වරට,  බැස යන හිරු ගේ රෝස පැහැය, තවරා ගත්, යෝධ වෘක්ෂ රාජයා දෙසට තවත් බැල්මක් හෙලුවාය.
  කුඩා, අඳුරු රුවක්, ගස පාමුළ, සිටගෙන සිටිනු, දක්නට හැකිවිය. කුඩා සිසුවා, තම ආදරණීය ගුරුතුමිය සුරක්ෂිතව පාසලට ලඟා වන තෙක් , ඇය යන මග, බලා සිටියේය.

                  ඒ, අඳුරු වන පෙතේ, සුවිශේෂී වූයේ,  රෝගීන් නාවන්නියක ගේ හා සටනේ දී මිය ගිය සෙබලකු ගේ පුතකු වූ, අබලන් බූට් සපත්තු යුවලක් පය ලා, අන්ඩ දැමූ, කඩමාලු, කබායක්  පැඳි,  ඒ කුඩා දරුවා මිස, යෝධ winter oak වෘක්ෂය නොවන බව , ආපසු යන අතරතුර ඇනාට පසක් විය.


                               නිමි.

 (Translated from the short story "Winter Oak" by Yuri Nagibin.)
















































24 comments:

  1. ඔබ පරිවර්තනය කල කතා අතරින් වඩාත්ම මගේ සිත් ගත් කතාවක් මේක. අර සීතල මටත් දැනුන වගෙ. කුඩා දරුවා කල කී දේ ගැන සිතුවමක් මැවුනා.

    ReplyDelete
    Replies

    1. මේ කතාව මං ගොඩක් කාලෙකට කලින් කියවපු එකක්. එතකොට මං පරිවර්තන කරන්න පටන් අරන් තිබුනෙ නෑ. කියෝල ගොඩක් කාලෙකට පස්සෙ මේ කතාව ආයෙ මතක් වෙලා හෙව්වම හම්බ වුනා. මගෙ(Reader's Digest පොතක තිබිල) ඒ ගමන්ම පොටෝ කොපි කරල පරිවර්තනය කරන්න පටන් ගත්තා. සරල කතාවක් නිසා
      කවුරුත් ආස වෙයි කියා සිතුවා.

      Delete
  2. පට්ට
    මං ිතන්නෙ ඒක තමා හොදම වචනෙ...
    හරි අපුරුවට ඔබ මෙය පරිවර්තනය කරල තියෙනව...
    මුල් බසින් කළ පරිවර්තනයක්ද.....????

    යම් යම්තැන් වල අක්ෂර අඩුපාඩු තියෙනව බොහොම කලබලයෙන් කල පරිවර්තනයක් වගේ... නිවි සැනහිල්ලෙ ලියන්ට
    හරිඅපූරු කතාවක්
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. මගෙ ලොකු අඩුපාඩුවක් තමා හරියට කියවා නිවැරදි නොකිරීම.එක්පාරක් කියවල හැදුවා. ඒත් තව තියෙනවනෙ. සමහර ඒව බැලුවත් පේන්නෙ නෑ. මේක ඉන්ග්‍රිසියට පරිවර්තනය කරල Reader's Digest එකක තිබුන. ඒකෙන් ගත්තෙ.
      ස්තූතියි අගය කිරීමට. තව කතා ගොඩක් පරිවර්තන පෝලිමේ තියෙනවා.

      Delete
  3. හරිම ලස්සන, මම නෑසූ කතාවක්. ඇත්තෙන්ම ඔහොම ළමයි හිටපු කාලේ පහුවුනා. මම අදහස් කලේ ඔය වගේ පරිසරය විඳින්න වෙලාවක් තිබ්බ ළමයි හිටපු යුගය ගැනයි. දැන් ටෙක්ස්ට් කර කර, කනේ ඉයර්ෆෝන් ගහගෙන පාරේ යන අපිට වත් ඔය වගේ දේ පේන්නේ නෑ. පෙනුනත් එච්චර උනන්දුවක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව්. අර ඔයා කියනව වගේ, මේ කතාව කියෙව්වට පස්සෙ, තව කා එක්ක හරි බෙදා ගන්න හිතුන. එච්චරම හිතට කා වැදුන. මගෙ උත්සාහය සාර්තක වුනු හැඩයි.(මුල් රචකයට ස්තූති වෙන්න.)

      Delete
  4. මමත් මේ කතාව අහල නෑ.. අකුරු වල ටයිපින් මිස්ටේක් ටිකක් ඇරෙන්න මුළු කතාවම මම එක හුස්මට කියෙව්වෙ. තුන් පාරක්ම කියෙව්වා අන්තිම හරිය... හරිම ලස්සනයි.. ඔබ තෝරාගත් කතා අතරින් මෙය මගේ වඩාත්ම සිත්ගත් කතාවයි. ඔබට බෙහෙවින්ම ස්තුතියි වසිලියෙව්නා ටීචර්..

    තව එකක්. මට මේ කතාව කියවද්දි නිකමට මතක් උනා සුනිල් එදිරිසිංහ ගායනා කරන සිංදුවට කොටසක්.

    “පොත් පිටු අතරේ නොරැදෙන දෑසින්
    වන වඳුලේ අසිරිය සොයනා..

    ReplyDelete
    Replies
    1. මෙන්න ඉතුරු ටික ,,,, (මාත් මේක කියවලාම එන්නම් )

      ඉස්සර මං ගිය පාසැල ඇරිලා
      පුංචි පැටව් පෙරහැරෙ එනවා
      හේවිසි ගහගෙන හූ හඬ දීගෙන
      ලන්ද පුරා දුව පැන එනවා
      මේ දරු දැරියන් නොදුටුව දෑසින්
      එක දරුවෙක් තනිවී එනවා

      ගහකොළ සෙළවී ඔහු දෙස බැලුවා
      බිම් මල් හිනැහී හිස වැනුවා
      ඒ දඬුමංකඩ තිත්ත පැටවු රැළ
      ඔහුගේ සුවඳට ඉව කෙරුවා
      මේ විසිතුරු හැර කොතැනක යන්නද
      පුංචි දෙපා එක තැන රැඳුනා

      ඉර මල පිපිලා දොඹ ගහ මුදුනේ
      නෙළුම් රටාවකි තණ ගොල්ලේ
      නීල කොබෙයි රැළ පේලි සැදී හිඳ
      මුතු ඇහිඳියි මදටිය ගාලේ
      ගිනි මද්දහනේ කුසගිනි නොදැනී
      තාමත් ඔහු මේ වන නිල්ලේ

      පොත් පිටු අතරේ නොරැඳෙන දෑසින්
      වන වදුලේ අසිරිය දකිනා
      ගම් දරුවන් මැද මේ දරු පැටියා
      මගේ නෙතට කඳුලක් නැගුවා
      ඔහුට මුවාවී පාසැල් යන්නේ
      මා දැයි නිකමට මට සිතුනා

      ගායනය : විශාරද සුනිල් එදිරිසිංහ
      සංගීතය : එච්.එම්.ජයවර්ධන
      පද රචනය : කුමාරදාස සපුතන්ත්‍රී

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. To dheshakaya

      මං හිතුව හරියටම හරි. මං හිතුව දේසකය මේකට කැමති වෙයි කියල. කතාව සරල වීම හා මම යොදා ගත් සරල බස නිසා. ගොඩක් සං‍තෝසයි රස වින්ද නම්. publish කරන්න තියෙන හදිස්සිය නිසා වැඩිය වැරදි හොය හොය ඉන්නෙ නෑ.


      to sindhu ano

      ඔබේ සින්දුව, මගෙ කතාවට ඌන පූරණයක් වගේ. ඒ සින්දුවත්, කෙටි කතාවත් එකම තේමාව නෙ. ස්තූතියි ආවට හා ලස්සන සිංදුවක් දුන්නට.

      Delete
    4. මං ඉතිං සරල මනුස්සය නේ ටීචර්.. තැන්කුයි.. ආයිත් හොද එකක් ගේන්න හොදේ..

      Delete
  5. අපූරුයි! ළමයි කියන්නෙ කවුද කියල කියන්න යූරි නගිබින් තරම් පුළුවන් කෙනෙක් නෑ මං හිතන්නෙ.
    අතරු ප්‍රශ්නයක්, ඔය වින්ටර් ඕක් පොත/පීඩීඑෆ් තියනවද? තියනව නං ඒකෙ තියන කමරොෆ් කියන කතාවත් දාන්න. මම සෑහෙන්න කාලෙක ඉඳල හොයන්නෙ.

    ReplyDelete
    Replies
    1. කතාවට ගොඩක් හිත ගිය නිසා තමා පරිවර්තනය කලේ. කතාව ගත්තෙ මං ගාව තිබුනු පරන Reader's Digest පොතකින්. 'කමරොෆ්' කියන්නෙ, අර මොන්ටිසූරියකද කොහෙද ඉද්දි හොරෙන් එලියට ගිහින් ඇඳුං ගලෝල, තොප්පිය බුරිය උඩ තියන් උන්න, අර ගෙම්බෙකුයි තව මොනවදොයි එකතු කරපු පොඩි කොල්ලගෙ කතාවද? මාත් ඒක හොයනවා.

      වෙන පොත් නම් තියෙනවා. science fiction, historical novels, Agatha Kristie etc.......

      Delete
  6. මේක නං මරු...

    පරණ මුතුහර සඟරා කියෙව්ව හැටි මතක් උනේ...

    ReplyDelete
    Replies
    1. කාලෙකින් දැක්කෙ. ගොඩක් අය මේ කතාවට කැමතියි වගේ. ඉස්සර මාත් මනහර කියවනවා.

      Delete
  7. හරිම ලස්සනයි මිස්, කතාවයි, පර්වර්තනයයි දෙකම.

    මේ චරිතය ඇතුළෙ මම මාව හොයන්න උත්සහ කළා. ඒත් අසාර්ථකයි. මේ වගේ ලස්සනට ලෝකය දකින්න අපි පාසල් යන කාලෙ අවස්ථාවක් ලැබුනෙ නෑ
    (8 සීනුව ගැහුවට පස්සෙ පාසලට එන එක ඇරෙන්න)

    ReplyDelete
    Replies
    1. thank you සිඳූ, ලමා ලෝකය හරි පුදුමයි නේද? අපි කොච්චර ලමයි එක්ක හිටියත්, වෙලාවකට එයාලට ගව් ගානක් ඈතින් අපි ඉන්නෙ කියල හිතෙනවා. හරි අමාරුයි එයාල හිතන හැටි තේරුම් ගන්න.

      ඔය වගේ ගවේශණය නොකලත්, මාත් පොඩි කාලෙ ඒ වගේ සුන්දර ලෝකයක් දැක්කා.

      Delete
  8. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete
  9. වෙනද හැමදාම මේ පරිවර්තන මග අරින්නේ නැතුව කියවනවා. කොහෙද දැන් මේ අපේ බොසාට තේරෙන්නේ නැහැනේ මේවයි වටිනාකම. කරුමෙට ඒ මනුස්සයට සිංහල අකුරු කියවන්න බැහැ. ඉතින් පුරුදු කරන්නවත් බැහැනේ. :(

    අපහු වෙලාවක් හදා ගන්න ඕන බ්ලොග් කියවන්න..

    වින්ටර් ඔක්.......
    හැමදාම විචාර අවශ්‍ය නැහැනේ, හැමදාම වගේ සාර්ථකයි :)

    ReplyDelete
  10. thank you for coming. I appreciate your comments.

    ReplyDelete
  11. හරිම අපූරු කතාවක්.. පරිවර්තනයත් ඒ වගේම අපූරුයි..රසය නොමකා බොහොම වෙහෙසක් අරන් කල දෙයක්..

    ReplyDelete
  12. බොහොම ස්තූතියි කියෙව්වට. මේ මගෙ බ්ලොග් එකට ආව පලමු වතාව නේද? සාදරයෙන් පිලිගන්නවා.

    ReplyDelete
  13. මගෙ පුන්චි කාලෙ අම්මයි තාත්තයි එක්ක ඉස්කොලෙ ගිය හැටි මතක් උනා. හරිම ලස්සනයි ඒ මතකය.. පරිසරය..
    අපිට උදේම ඇහුනෙ " පිනිබර යාමෙ සැවුලන් හඩළනවා - අම්මා වට කර ලිප ගිනි මෙලවෙනවා " . අපෙ ගෙදර ගෙට්ටුවෙන් බැස්ස ගමන් තිබ්බෙ පින්න මල් යායක්. තාතා හිමින් මුමුනව " පින්න මලේ සුද ඇන්න ගිහින්වද - මුණ පුරා පෙම් පිරිල " , සුලන් කපොල්ලෙන් යනකොට තත්තා හයියෙන් මාව අල්ල ගන්නව... රේල් පාරෙන් පැනල යන කෙටි පාරෙදි අම්ම තනකොල වැලට වටිල තියන පුංචි පෙණ බිංඩු පෙන්නුව.. අව්ව පායද්දි කියල දුන්න ජිවිතෙ නම් තණ අග පිනි බිදු වැන්නෙ කියලා... මාව අතිතේට ගෙනාව කතාවයි කොම්මෙන්ටුයි....

    ReplyDelete