Wednesday, June 26, 2013

හරිත දෑත්




 සුරොව් හඳුනා ගැනීමට නොහැකි වීම ගැන මට කනගා‍ටුවක් දැනෙනුයේ ඔහු හා ඇසුරක් ඇති කර ගැනීමට මින්පසු කෙදිනක හෝ ඉඩක් නොලැබෙන නිසාය.මට මතක හැටියට ඔහු අවබෝධ කර ගත හැකි වුවත්      සංවාදයේ යෙදීමට තරම්  ඉංගිරිසි දැනුමක් නොතිබුනු  කුඩා නිහඬ මිනිසෙකි.ඔහුගේම මිතුරන්ට වුවද ඔහු තරමක ප්‍රහේලිකාවක් විය. මම සියොල්කොව්ස්කි  යානාවට ගොඩ බට හැමවිටමකිසිවෙකුට තම පෞද්ගලිකත්වය ‍රැක ගැනීමට අපහසු  අභ්‍යවකාශ   යානයක් තුල පවා තම සටහන් පිරික්සමින් හෝ අන්වීක්ෂයකට එබෙමින් තමාගේම ලෝකයක ගොනු වී සිටින ඔහු දැකගත හැකි විය.    

                                   ඔහු සමග වැඩ කල සෙස්සෝ එය එතරම් අරුමයක් ලෙස නොසැලකූහ.නමුත් ඔවුන් ඔහු සමගකතා කල ස්වරයේ එක්තරා ලබැඳියාවක් හා ගරුත්වයක් තිබිණි.
     එය එතරම් පුදුමයට  කරුණක් නොවූයේ, උත්තර ධ්‍රැවයේ ඉවසිය නොහැකි, ක‍ටුක, සීතල පරිසරයකට පවා ඔරොත්තු දිය හැකි පැලෑටි හා ශාක වගා කිරීමෙන්,රුසියාවේ ඉතාමත් පරසිඳු ශාක  විද්‍යාඥයා වීමේ භාග්‍යය ඔහුට ලැබීමයි. රුසියානු ගවේශණ කන්ඩායම හඳට  ශාක  විද්‍යාඥකු ගෙනයාම අවශේෂ    විද්‍යාඥයින්ගේ සිනහවට කරුනක් වී තිබුනත් එය ඇමෙරිකන් හා  බ්‍රිතාන්‍ය යානාවල ජීව  විද්‍යාඥයින් සිටිනවාට වඩා වෙනසක් නොවීය.   ප්‍රථම සඳ තරණයට වසර ගනනාවකට පෙර සිටම ගොනු කර ගත් සාධක අනුව (ජලය හා වාතය රහිත වුවත්, සඳේ යම් අන්දමක ශාකමය ජීවයක් ඇති බවට බොහෝ සාධක විය.) ඇමෙරිකා එක්සත් ජනපද විද්යා ඇකඩමියේ සභාපති මේ බව තරයේ විශ්වාස කල කෙනෙකි.ඔහුගේ වයස සඳ තරණයට  බාධාවක් වූ නිසා ඔහු ඊලඟට කල හැකි හොඳම දේ කලේය.ඒ අනුව රුසියන් ගවේශණයට සුරොව් ගේ නමද එක් කෙරිනි.


                  අපේ බලාපොරොත්තු සුනු විසුනු කරමින් ජීවී හෝ අඩුම වශයෙන් පොසිල වශයෙන් වත් කිසිම ශාක ප්‍රභේදයක් සඳ තලයේ සැතපුම් දහස් ගනනක් පීරා කළ ගවේශණ වලින් වත් අපට සොයා ගත නොහැකි විය. සඳේ කිසිම  අන්දමක ජීවයක් නොමැති බවට තරයේ ඇදහූ අය පවා ඔවුන් වැරදි යයි ඔප්පු කරනු ලැබීමට සතුටින් සිටියහ.  පස් වසරකට පසුමහා එරටොස්තීනස් තැන්නේ දී  රිචර්ඩ්ස් හා ෂැනොන් කල පුදුමාකාර සොයාගැනීම නිසා පසුව ඒ සියල්ල වෙනස් වුවත්, ප්‍රථම චන්ද්‍ර ගවේශණයේදී සුරොව් ගේ සඳට පැමිනීම නිශ්පල එකක් ලෙස හැමෝම සැලකූහ.

                                               සුරොව් බලාපොරොත්තු කඩ වූ බවක් පෙන්වූයේ නැත.තමාගේ අනෙක් සගයින් විවිධාකාර කටයුතු වල යෙදෙන අතරවාරයේ ඔහු පස් සාම්පල් පිරික්සමින්ද පීඩනයට බඳුන් කල විනිවිද පෙනෙන වීදුරු නල වූ ශාක ගොවිපල ‍රැක බලා ගැනීමටද තම කාලය යෙදවීය.( එම වීදුරු නල පෙනුනේ සියොල්කොව්ස්කි යානය පුරා විහිදි ජාල පද්ධතියක් සේය.) 
       අප හෝ ඇමෙරිකානුවන් අපේ ආහාර අපම වගා කිරීමේ කාර්යයට අත නොගැසුවේ පෘතුවියෙන් ආහාර ගෙන්වා ගැනීම මෙහි වගා කිරීමට වඩා වාසිදායක බැව් අප සිතූ නිසාය. අඩුම තරමේ සඳේ ස්ථීර වාසස්ථාන  ඉදිකිරීමේ අවස්ථාව  එලඹෙන තුරුවත් ඉවසීම සුදුසු බව අපේ විශ්වාසය විය.ආර්ථික වශයෙන් ඒ තීරණය නිවැරදි වුනත් එහි වරදක් මම දැක්කෙමි.නෙත් පොවන මානයේ දිස්වන අනන්ත අප්‍රමාණ හුදකලාවෙන් හෙම්බත් වූ අපේ නෙතට, වාතහාර පුංචි හරිතාගාර  තුල මැවූ සුරොව් ගේ කුරුමිටි එලවලු පැල හා පලතුරු ගස් රසඳුනක් බඳු විය.
                                      යානාවේ අණදෙන නිලධාරියා වශයෙන් මට වූ වඩාත්ම අවාසිය නම් පුලුල් චන්ද්‍ර ගවේශණයේ ලා මා ලද ඉඩකඩ ඉතාමත් සීමිත වීමයි.
         
මගේ කාලය, පෘථිවිය වෙත එවිය යුතු වාර්ථා සකසමින්ද, දිනපතා කඩිනමින් අවැසි දේ පිරික්සමින්ද, වැඩ මුර හා වැඩ සටහන් සකසමින්ද, ඇමෙරිකානු හා රුසියනු යානාවල සිටි අය සමග අදහස් බෙදා හදා ගනිමින්ද, බොහෝ විට සාර්ථක වුවද ඕනෑම  මොහොතක පැමිණිය හැකි කුමන හෝ අකරතැබ්බයකට මුහුන දීමට සූදානමින් ද ගෙවුන නිසා සමහර අවස්ථාවක මට දෙතුන් දිනකින් පවා කඳවුරෙන් බැහැරව සිටීමට අවස්ථාවක් ලබාගත නොහැකි විය.එබැවින් අප කඳවුරේ සැම සිනහවට පත් කරමින් මගේ ගගන ගාමී ඇඳුම් කට්ටලය ‍තෝතැන්නක් වී තිබුනේ කාවන්ටය. 
                              
                                  මේ හේතුව නිසාම මා කඳවුරෙන් බැහැර වූ සෑම අවස්ථාවක් ම ඉතාමත්ම විචිත්‍ර ලෙස මගේ මතකයේ ‍රැඳී තියේ.එවැනි එක් අවස්ථාවකයි මට ප්‍රථම හා අවසන් වරට  සුරොව් මුණ ගැසුණේ.එය දකුනු දිග කඳු වැටියට ඉහලින් හිරු ‍රැස් වැ‍ටුන දවාළක් විය. නව පොළොව ළා පැහැ රිදී ඉරක් ලෙස ඊට අංශක කීපයක් එහායින් දර්ශනය වෙමින් තිබුණි. හෙන්ඩර්සන් හට චුම්බක දත්ත ලබා ගැනීම සඳහා අපේ කඳවුරෙන් සැතපුම් කීපයක් නැගෙනහිරට යාමට ඇවැසි විය.හැමෝම තම රාජකාරිවල නිරතව සිටි බැවින්ද, ඒ මොහොතේ මට වෙනත් විශේෂ කටයුත්තක් නොතිබූ බැවින් ද මම ඔහුගේ සහයට ගියෙමි.ඒ චාරිකාව ස්කූටරයක නැග යායුතු තරමේ දුරක පිහිටා නොතිබූ නිසා අප ගියේ පයින්ය. (ඇරත් ස්කූටරයේ බැටරි බලය  අඩු වෙමින් තිබූ නිසා ඉන්ධන පිරිමසා ගැනීම අවශ්්‍ය  විය.)

            කෙසේ වෙතත් සඳ මතුපිට ඇවිදීම සෑම විටම මා ඉතාමත් ප්‍රියකළ දෙයක් විය.එසේ වූයේ ඉතාමත් දර්ශනීය වුවත්, සමහර විට බොහෝ වරක් දැකිමෙන් ඇසට හුරු වන පරිසරය නිසා නොව, අභ්‍යවකාශ තරණයට පෙර මිනිසා සිහිනෙන් පමනක් දැන සිටි , මගේ දෙපා සඳ තලය මතින් මා ගෙනගිය විඩා රහිත මන්දගාමී, පියාසර කරන්නාක් බඳු ඇවිදීමේ රටාව නිසාය. 

                                                               
                             කෙසේ වෙතත් අප ආ කටයුතු නිමකර ආපසු කඳවුර බලා යමින් සිටියදී සැතපුමක් පමණ දකුනින්, රුසියන් කඳවූරට නුදුරින් මිනිස් රුවක් චලනය වනු දු‍ටුමි.ක්ෂේත්‍ර කන්නඩි මගේ හිස් පළඳනාවට සවි කරගෙන  ඔහු නිරීක්ශණය කළෙමි.
 ඇත්තෙන්ම, ඔබට, ලඟ සිටියත් ගගනගාමියෙකු ඔහුගේ ඇඳුමෙන් හඳුනා ගත නොහැක. නමුත් එය ගැටලුවක් නොවූයේ සැමට නියමිත වර්ණයක් හා අංකයක් තිබූ නිසාය.

     කවුද ඒ ? ”
  හෙන්ඩර්සන් ඔහුගේ කෙටි දුර රේඩියෝ යන්ත්‍රයෙන් මා ඇමතීය.

    " නිල්  ඇඳුම, නොම්මර තුන, ඒ සුරොව්. ඒත් මොකද එයා තනියම. "

    අපගේ චන්ද්‍ර ගවේශණයේ මූලික නීති රීති වලට අනුකූලව කිසිවෙකුට තනිව සඳ මතුපිට ඇවිදීම තහනම්ය.යමෙකුට, සගයෙකු සමග සිටියදී  ගනන් නොගන්නා තරම් සුලු වුනත්, තනිව සිටියදී මාරක  විය හැකි   විවිධ අන්දමේ අනතුරු වලට මුහුණ පැමට සිදුවිය හැක. 

 උදාහරණයක් ලෙස ඔබේ අභ්‍යවකාශ ඇඳුමේ පි‍ටුපස කාන්දුවීමක් සිදුවිය හොත් ඔබ තනිව එය අලුත් වැඩියා කර ගන්නේ කෙසේද ? මෙය විහිලුවක් සේ පෙනුනත් එවන් දෑ  සිදු වී තිබේ.

                  " සමහර විට ඔහුගේ සගයාට අනතුරක් ද දන්නෙ නෑ. අපි ගිහින් බලමුද ? "
      
 ඒ හෙන්ඩර්සන් ගේ කට හඬයි. මම හිස සොලවා එය ප්‍රතික්ශේප කළෙමි. සුරොව් ගේ කිසිම ඉක්මන්කමක් තිබුනේ නැත.

 ඔහු සඳ තලයේ සවාරියක් ගසා හිමින් සීරුවේ සියොල්කොව්ස්කි වෙත යන ගමනක් වගේ.ඔහුගේ අණ දෙන නිලධාරි, ක්‍රාස්නින්, තම මිනිසුන් සඳ මතුපිට තනියම ඇවිදීමට යවනවා නම් එය ඔහුට අයිති වැඩකි.

                            ඊලඟ මාස දෙක අතරතුර  මගේ සගයින් බොහොමයක් සුරොව්ගේ හුදකලා ගවේශණ දැක තිබිණ.නමුත් ඒ සැම අවස්ථාවකම ඔහු ඔවුන් මග ඇරීමට සමත් විය.

                              කාර්ය මණ්ඩලය අඩුකම නිසා රුසියන් අණ දෙන නිලධාරියාට ඔහුගේ සමහර නීති රීති ලිහිල් කිරීමට සිදු වී ඇතිබව  දැන ගතිමි.නමුත් මා මෙන්ම ඔහුගේ අණ දෙන නිලධාරියාද  සුරොව් ගේ හුදකලා ගමන් වල අරමුණ  හාන්කවිසියක් වත් නොදැන සිටි බව නොසිතුවෙමි.
                                         ක්‍රාස්නින් ගේ හදිසි උදව් ඉල්ලීමේ සංඥාව ලැබෙන විට මට ඒ සියල්ල සිහිපත් විය. කලින් අවස්ථාවලද  මෙසේ සමහරු විවිධ අනතුරු වලට මුහුණ පා තිබුනත් යමෙකු නැති වූ ප්‍රථම අවස්ථාව මෙයවිය.කඩිනම් ගුවන් විදුලි පණිවුඩ  හුවමාරුවකින් පසු සැම යානාවකින්ම සෙවීම් කණ්ඩායම් දියත් කෙරිණි.


                       නැවත වරක් මා වැ‍ටුනේ හෙන්ඩර්සන් සමගය. එබැවින් අපේ දෙපා පලමු වරට සුරොව් දු‍ටු ඉසව්වට ලඟා වීම නිරායාසයෙන්ම සිදුවිය.දුශ්කර වුවද, කඳු ගැට සහිත බිම් කඩ නගිමින්ද බසිමින්ද  ඔහු සොයන අතරතුරේ, මේ රුසියානුවා අප සැමට හොරා යමක නියැලෙමින් සිටි බව මට හැඟී ගියේය.එහෙත්, ඒ කුමක්ද කියා නිශ්චය කිරීමේ හෝඩුවාවක්  නැතිය.

           අවසානයේ, හෙන්ඩර්සන්ට ඔහු හමුවිය.හෙන්ඩර්සන් උදව් ඉල්ලා කෑ ගැසුවත්, ඒ වන විටත් ප්‍රමාද වැඩිය.

 සුරොව්, ඔහුගේ වායු විරහිත, පොඩිවුන ඇඳුමත් සමග, මුහුණ බිමට තද කරගෙන වැතිරී සිටියේය.

          ඔහු දණ ගසාගෙන යමක නියැලෙමින් සිටින විට වේගවත් යමක් ඔහුගේ හිස් ආවරණයේ  ප්ලාස්ටික් වැස්ම කුඩු පට්ටම් කර තිබිණ.ඔහුට අත්වී තිබුනේ ක්ෂණික මරණයකි! 

                   අණ දෙන නිලධාරී ක්‍රාස්නින් අප වෙත් ලඟා වන විටත්, සුරොව් මරුමුව දකින විට  ඔහු පිරික්සමින් සිටි දේ වෙත අප නෙත් හෙලමින්  සිටියෙමු. 

        එය අඩි තුනක් පමණ උස් වූ,  කොල පැහැති, මැලවුන,පුලුල්ව විහිදුන  සිහින් පහුරු ජාලකයකින්  පාශාණ පෘශ්ඨය තදින් අල්ලාගත්, ඔව්- අල්ලාගත්: මක්නිසාද එය පැලෑටියකි. 
         ඊට යාර කීපයක් එහායින් නිසැකවම ඒ හා සමාන මැලවුන කුඩා පැල දෙකක් විය. ඒවා කලු ගැසී, පරවී තිබිණ.මවිතයෙන් මගේ මුව විවර විය. 

                " එහෙනම් සඳේ ජීවය තියෙනවා." 


            ක්‍රාස්නින් ගේ කටහඬ මා සවන් පතිත වන තෙක්ම සත්්‍යය ඊටත් වඩා කොපමණ විශ්මයජනක දැයි මට නොහැඟිණි. 



                     " පව්. ව්ලැඩිමීර්.  අප දැනගෙන හිටියා ඔහු දක්ෂයෙකු බව. නමුත්, අප ඔහුට හිනා වුනා ඔහුගේ අරමුණ අප සමග කී විට. අනේ පව්. දුප්පතා. ඒ නිසා ඔහු තමාගේ ශ්‍රේෂ්ඨ සොයා ගැනීම රහසක්ව තියා ගත්තා.ඔහු උත්තර ධ්‍රැවයේ තිරිඟු වැවීමට සමත් වුනත් එය ආරම්බය පමණයි.ඔහු තමයි මුලින්ම  සඳට ජීවය ගෙනාවේ. ඒ වගේම මරණයත්."

     ඔහුගේ සටහන් සියලු දේ එලිදරව් කර තිබිණි.වසර ගනනාවක් කළ පර්යේශණ දාමයක ප්‍රථිපලයක් ලෙස රික්තකයක විසිය හැකි සේ සැකසුණ පිට පොත්තක් සහිත ශාකයක් අභිජනනය කිරිමට ඔහු සමත් වූ අතර එහි දුරට විහිදෙන, අම්ල ශ්‍රාවයික මුල්, ලයිකන පවා වැඩීමට අපහසු පාෂාණ මත  ජීවත් වීමේ හැකියාවක් ලබා දුන්නේය.එහි ප්‍රතිඵලයක් ලෙස අප දු‍ටු ශාකය- එනම් සුරොව් ගේ සිහිනය උපත ලැබීය. 
                  ඔහුගේ නම දැරූ පතොකය දැනට චන්ද්‍ර පාශාණ ස්ථරයේ සෑහෙන ව්‍යාප්තියක්  සඳහා තැබූ මූලික පියවරක් විය.ක්‍රාස්නින් නැඹුරුව ඔහුගේ සගයාගේ නිසල දේහය ආයාසයකින් තොරවම දෑතට ගත්තේය.කුඩා කැබිලිති වලට කැඩුන ප්ලාස්ටික් හිස් වැසුම අත ගෑ ඔහු අවුල් සහගතව හිස සැලීය.

        " එයාට මොකද වුනේ ? ඒක හරියට පැලෑටිය එයාව මැරුවා වගෙයි. නමුත් එහෙම හිතන එකත් විහිලුවක්. "    


                                  කොල පැහැති විශ්මයජනක ප්‍රහේළිකාව, තව දුරටත්
 මුඩුබිමක් නොවුන තැනිතලාවේ අභිරහස්‍යමය බලාපොරොත්තුවලින් අප උමතුවට පත්කරමින් නැගී සිටියේය.මඳ වේලාවකින් පසුව තමාටම කියා ගන්නාක් බඳු හඬකින් හෙන්ඩර්සන් දොඩමලු විය.

                                " මට හිතෙන්නෙ මට උත්තරේ ලැබුනා කියල. මම ඉස්සර ඉගෙනගත්තු බොට්නි පාඩමක් මතක් වුනා.සුරොව් මේ පැලෑටිය නිර්මාණය කලේ සඳේ පරිසරයට අනුකූළව නම් පැලෑටියේ බෝවීම කුමන ආකාරයට වනවාද කියා ඔහු දැන සිටිය යුතුයි.පැලෑටිය සාර්ථකව වැඩීමට නම් එහි ඇට මව් ශාකයේ සිට සෑහෙන දුරකට විහිදී නව ශාකයක් බිහි කිරීමට සුදුසු පරිසරයක් සොයා ගත් යුතුයි." 

        "මෙහි, පොළොවේ සිදුවන ලෙස  බීජ වාහකයින් ලෙස ක්‍රියා කිරීමට සතුන් හෝ කුරුල්ලන් නෑ. මට හිතාගන්න පුලුවන් එක් ක්‍රමයක් පමනයි.දැනටමත් අපේ පොලොවේ වැඩෙන සමහර පැලෑටි ඒ ක්‍රමය භාවිතා  කරනවා. "

                        ඔහුගේ පැහැදිලි කිරීම මගේ බෙරිහන් දීම නිසා යටපත් විය. ඉතා වේගයෙන් ආ යමක් මගේ ලෝහමය ඉණ පටියේ ගැටී පරිසරය දෙදරවන හඬක් නිකුත් කළේය. මට හානියක් නොවුනත්, බලාපොරොතු නොවූ අවස්ථාවක වූ ඒ සිදුවීම, මා ගල් ගැස්සවීමට සමත් විය.මගේ පා මුල මිදි ඇටයක හැඩයෙන් හා ප්‍රමාණයෙන් යුත් කුඩා ඇටයක් වැටී තිබිණ.ඊට යාර කීපයක් එහායින් සුරොව් ගේ හිස් වැස්ම සිදුරු කල ඒ හා සමාන වූ අනෙක් බීජයද අපි සොයා ගතිමු.  පැළෑටියේ බීජ පරිණත වී ඇති බව ඔහු දැන සිටි නමුත්, ප්‍රීතියෙන් කුල්මත් වී සිටි ඔහු ඉන් අදහස් වන්නේ කුමක්ද කියා සිතුවේ නැත. පතොක් ශාකයක්, සඳේ අඩු ගුරුත්ව බලය යටතේ එහි බීජ සැතපුම් කාලක් පමණ දුරට විදිනවා මම දැක ඇත්තෙමි. 





            සුරොව්ටද සිදු වී තිබුනේ එයයි. ඔහුගේම විස්මයජනක නිපයුම වෙඩිල්ලක් සේ වේගවත් බීජයකින් එහි මැවුම්කරු විනාශ මුඛයට යැවීමට සමත්ව තිබිණ. 
   ...................................................................................................


                  Arthur.C.Clarke ගේ Green Fingers නම් කෙටිකතාවේ පරිවර්තනයකි.


  පසු වදන :
     මම මේ කෙටිකතාව කියෙව්වේ දැනට වසර විස්සකට පමණ පෙර.එහි තිබූ රසවත් බව නිසාම මට මෙය සිංහලට පෙරලන්න ඕන වුනා. පරිවර්තනය කර මගේ ලඟම මිතුරියන් කීපදෙනෙකුට කියවීමට දුන්නා. හොඳයි කියා කීවත් ඔවුනට එය වැටහුනු   බවක් පෙනෙන්නට තිබුනේ නැ.  


 ඉන්පසු මා කාටවත් මෙය කියවීමට දුන්නේ නෑ. ඔබ සැම තමා මගේ මුල් පාඨකයො. ඔබේ අදහස් කියවීමට නොඉවසිල්ලෙන් බලා සිටිනවා. ඔබට  ඇත්තටම දැනෙන දේ තමා  මට කෝටියක් තරම් වටින්නෙ.ඕනෑම අඩුපාඩුවක් ඇසීමට කැමතියි.  






                                      















        
   

36 comments:

  1. බොහොම සාර්ථකයි .. :) ක්ලාක් මහතාගේ පොත් කිහිපයක් කියවල තිබුනත් මේක නම් තාම හම්බුනේ නැහැ. තව හොයල බලන්න ඕනේ :D

    හේ හේ.. අපිද එතකොට මුල්ම පාඨකයෝ ....

    ReplyDelete
  2. මිතුරියෝ දෙන්නා හරි. ඇත්තෙන්ම හොඳටම හොඳයි.

    මේ වචන මෙහෙම ටයිප් කරන්න

    භාග්‍යය
    බ්‍රිතාන්‍ය
    අභ්‍යාවකාශ

    BaagaYaya
    brithaanaYa
    aBaYaavakaasha

    ReplyDelete
  3. කතාව කියවන්න බලවත් උවමනාවක් තිබුනට මේ බැක් ග්‍රවුන්ඩ් කලර් එක ඇහැට හරිම අමාරුයි. වෙනස් කරන්නැයි කළ ඉල්ලීම සළකා බැලෙන පාටකුත් නැති ගානයි.. වර්ඩ් එකටවත් කොපි පේස්ට් කරගෙන කියවලා කමෙන්ට් එකක් දාන්නම්..

    ReplyDelete
    Replies
    1. උඹේ ඇස් කේස් කියල අපි පලිද ඒවට.. හැක්

      Delete
    2. මේකේ පාටේ එච්චරම අවුලක් නෑනේ සෙන්නා...

      Delete
    3. මටනම් හෙන අමාරුයි හිරූ.. කියවලා ඉවර වුනාම ඇස් නිලන්කාර වෙනවා.. වයසටද මංදා.. :D

      දේශා, උඹ පලි තමා ඒවාට.. :D

      Delete
  4. මේ කෙටි කතාවේ මුල් කෘතියේ මීට වඩා දෙබස් තිබුනා නේද???

    ReplyDelete
  5. ඔබ අසාර්ථක නැත.

    ReplyDelete
  6. මේ ජාතියේ කතා වලට මං ඉස්සර හරිම පෙරේතයි... හි හි...

    අර හදේ වැළලිච්ච යානේ කතාව කාටහරි මතකද.. පොඩි කාලේ කියෙව්වේ.. කතාව මතකයි.. නම මතක නෑ...

    ReplyDelete
  7. ඉතාම ලස්සනයි ඔබේ පරිවර්තනය.

    ReplyDelete
  8. ඇත්තමයි පරිවර්තනය කිරීම ගොඩක් හොදයි.

    ReplyDelete



  9. මං නැති අතරෙ කට්ටිය ඇවිල්ල සාකච්චාවකුත් පටන් අරගෙන. බොහොම හොඳයි.බොහොම හොඳයි. ඉඩ ලැබෙන වෙලාවට ඔයාල හැමෝගෙම ගෙවල් පැත්තෙ ඇවිත් යන්නම්. ඒත් තරහ වෙන්න එපා මං මැශින් එක බෙදා ගන්නෙ තව පාට්නර් කෙනෙක් එක්ක. එයා හරි ආත්මාර්තකාමියි! ඉතින් එයාට නිදිමත හැදුනාම තමා මට ඉඩ හම්බවෙන්නෙ. එහෙම නැතිනම් එයාට වැඩ තියෙන කොට. ඔහොම තමයි ලෝකෙ හැටි.

    @කසුන්

    ස්තූතියි කමෙන්ට් එකට. ක්ලාක් ගෙ e books තියෙනවා. ඕනෙ නම් ඊමේල් එකක් එවන්න.
    @ඩූඩ්

    ස්තූතියි. මං ඊමේල් එකක් එව්වා.

    @ සෙන්නා,

    ඔයා කිව් නිසා තමයි මං තද නිල් පාට වෙනුවට ලා නිල් පාට දැම්මෙ. ඒත් කෙනෙක් කිව්ව (ටෙක්නිකල් ඩීටේල්ස් දන්න කෙනෙක්) ලාපාට දැම්මම ලෝඩ් වෙන්න වෙලා යනව කියල.එහෙම වුනොත් පරන පාටම දාන්න වෙනව. තරහ නෑ නේද?
    සුපුරුදු ලෙස මගෙ බ්ලොග් එකට එයි කියා බලාපොරොත්තු වෙනවා.

    @ දේශා,
    මුල් කෘතියෙ දෙබස් සේරම ඒ විදියටම දාල තියෙන්නෙ. මේකෙ වැඩිය දෙබස් නෑ.

    @ නලින්,

    ස්තූතියි ඔබේ වදන්වලට

    @ හිරු,

    මේ වගේ ඒවාට පුරුදු වුනාම අබිං වගේ තමා. මට නම් එහෙමයි. ඒ කතාව A Fall of Moondust ඒකත් ක්ලාර්ක්ගෙ.

    @අයිලාස්,

    ස්තූතියි. අයිලාස් ඔබට.

    @ ශෙහාන්,

    බොහොම ස්තූතිය් ශෙහාන්. දිගටම එන්න.



    ReplyDelete
  10. මොනවා කියන්ද ඉත්න් හැමදමට් වගේ උපරිමයි
    ජයවේවා

    ReplyDelete
  11. දැන් සින්හල ටයිප් කරන්න පුලුවන් නේද? ස්තූතියි කොමෙන්ට් එකට.

    ReplyDelete
  12. මාරයිනෙ.. මට ඇවටාර් ෆිල්ම් එක මතක් උනා මුලදි. ඒත් මේක වෙනස්නෙ.. මං හිතුවෙ ඉස්සෙල්ල කතාවෙ මගේ ගහට පණ ඇවිත් එයාව මරන්න ඇති කියල.

    (අර කෝඩ් එක කොපි කරන් තියෙන්නෙ අඩුවෙන්. ඒකයි අරම වැටිල තියෙන්නෙ. මේකයි සම්පූර්ණ කෝඩ් එක.)

    <center><div dir="ltr" style="text-align: center;" trbidi="on"><a href="http://www.sanhida.com/"><img alt="logo" src="http://2.bp.blogspot.com/-ek7Nhj-PyT8/Ub8jhUUTggI/AAAAAAAABKI/6_Pv_1DwdQo/s1600/logo+white.png" title="Think Soft" /></a></div></center>

    ReplyDelete
    Replies
    1. ඇවටාර් වලත් මෙහෙමද?මට කතාව හරියට මතක නෑ. කෝඩ් එක හිමීට දාන්නම්. thank you ආවට. e-mail eka evanavadha? podi udavvak one.

      Delete
    2. email එක :: info@yasith.net

      Delete
  13. ආසාවෙන් කියෙව්වා ..දිගටම ලියමු මේ වගේ ඒවා ..

    ReplyDelete
  14. කියවා රස වින්දා නම් හොඳයි. තවත් පරිවර්තනයක් කරනවා. හැබැයි ගොඩක් කල් යනවා.අනිත් බ්ලොග් එකෙත් ලියන්න එපායැ.

    ReplyDelete
  15. හරිම ලස්සන කතාවක්.. බොහොම ආසාවෙන්, කුතුහලයෙන් කියෙව්වා.

    ReplyDelete
  16. බොහොම ස්තූතියි. ඒත් මට පොඩි සැකයක් තිබුනා කතාව නියම විදියට තේරෙයිද කියල.

    ReplyDelete
  17. ඔන්න මාත් ආව නිල් මානෙල් බලන්න....
    කතාව ලස්සනට ලියල තියෙනවා.....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සමනලී.ඔන්න මාත් ඔයාගෙ ගෙවල් පැත්තෙ ගිහින් කමෙන්ට් එකකුත් දාල ආව.

      Delete
  18. ෂුවර් එකටම යාළුවෝ දෙන්නාට විදය ප්‍රබද්ධ ඇලජික්...
    කථාව හොඳට තේරුණා..

    ReplyDelete
    Replies
    1. මාත් හිතන්නෙ එහෙම තමයි. ඔබ රස වින්දා නම් සතු‍ටුයි.බ්ලොග් ලෝකෙට අලුත් කෙනෙක්ද? මීට කලින් දැකල නෑ. එන්නම් ඔයාවත් බලල යන්න.

      Delete
  19. ඔය ගහේ බීජ වලින් බට තුවක්කුවක් හැදුවොත් කොහොමට තියේවිද :)

    ReplyDelete
    Replies
    1. අලුත්ම අදහසක්. හදල බලන්න තිබුන නම් ශෝක් නේද?

      Delete
  20. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  21. නොදන්න කරුණු වලින් අපිව දැනුවත් කිරීම පිළිබඳව ස්තුතයි.

    ReplyDelete
  22. මං පරක්කු උනානේ , ලස්සන කතාව. දිගටම ලියන්න . පෝස්ට් ඉක්මනට දාන්න

    ReplyDelete
    Replies
    1. ප්‍රස්නයක් නෑ. පරක්කු වෙලා හරි ආවට ස්තූතියි.

      Delete
  23. හරි කරදරේ. අකවුන්ට් දෙක මාරු වෙනවා.

    ReplyDelete
  24. රුසියානු සාහිත්‍ය හරිම අපූරුයි. ලස්සන කතාවක්. ඔවුන්ගේ කෙටි කතාවලින් මම වැඩි ඇල්මක් දක්වන්නේ විද්‍යා ප්‍රබන්ද වලටයි.

    ReplyDelete
  25. මේක Arthur.C.Clarke ගෙ කතාවක් රුසියන් විද්‍යාඥයෙක් ගැන.

    ReplyDelete