Friday, June 13, 2014

හිම වැටෙනා සැන්දෑවක ලඳු කැලයක සිරි නැරඹීමි










දනිමි යැයි සිතමි මම මේ ලඳු කැලය හිමිකරු.
වෙසෙසත් ඔහු ගම්මානයේ.
නොදකිනු ඇත ඔහු මා, නැවතී 
සිරි නරඹනු, හිම විසිරුන මේ ලන්ද.

සිතනු ඇත මගේ අසු අරුමයකැයි
මා ඉසුඹු ලනු, නැතිවුවත් අසලක  ගැමි ගෙයක්.
ලන්දත් මිදුන විලත් අතර ඇත්තේ
අඳුරුම අඳුරු හැන්දෑවකි.

ඌ උගේ ගිගිරි වැල් සොලවන්නේ
මා හට යම් වරදක් වීදෝයි අසන්නට මෙනි.
සවනත වැකෙනා අනෙක් එකම හඬ නම් 
සිහිල් මද නළ හා තුනිව වැටෙනා හිම පියලිය.


ලන්ද සොඳුරුය, අඳුරු හා ගැඹුරුය.
නමුත් ඇත මට රකින්නට පිළින
තවත් බොහෝ දුර ය යුතුය නින්දට පෙර.
තවත් බොහෝ දුර යා යුතුය නින්දට පෙර.


Stopping by Woods on a Snowy Evening
BY ROBERT FROST

Whose woods these are I think I know.   
His house is in the village though;   
He will not see me stopping here   
To watch his woods fill up with snow.   

My little horse must think it queer   
To stop without a farmhouse near   
Between the woods and frozen lake   
The darkest evening of the year.   

He gives his harness bells a shake   
To ask if there is some mistake.   
The only other sound’s the sweep   
Of easy wind and downy flake.   

The woods are lovely, dark and deep,   
But I have promises to keep,   
And miles to go before I sleep,   

And miles to go before I sleep.







ඉංග්‍රිසි සාහිත්‍යයේ කවිවලින් මා ඉතාමත් ප්‍රිය කරන කවිය මේ යයි කීවොත් නිවැරදිය. එය පරිවර්තනය කිරීමට බොහෝ කළක සිට සිතුවෙමි. නමුත් එසේ කිරිමට බිය වූයෙමි. මා ඉතාමත් කැමති බ්ලොගයක් වන    PARIVARTHANA   හි මෙය පරිවර්තනය කර තිබෙනු දු‍ටු විට එය නොකියවාම  මෙය පරිවර්තනය කළෙමි. නොකියවූයේ , එසේ කළහොත් එය මගේ පරිවර්තනයට බල පෑ හැකි නිසාය.



11 comments:

  1. Very nice way of writing. I read all your articles without any tiredness. Keep on writing. You have good future and good luck for you.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබේ වදන්වලට.

      Delete
  2. අපූරු පරිවර්තනයක්...
    ඇත්තටම විශිෂ්ටයි

    ReplyDelete
    Replies
    1. මාව දිරිමත් කිරීම ගැන තුති.

      Delete
  3. මම මේකේ ඉංගිරිස් එකනම් එපාවෙනකල් ඇසුරු කරලා තියෙනවා. ඒ මොකද අපි ලංකාවේ O/L English Literature paper marking කලානේ කාලයක්.

    මේ සිංහල පරිවර්තනයක් දැකපු පළවෙනි වතාව.

    ReplyDelete
    Replies
    1. ඔව්. මාත් මේ කවිය ඇති වෙන්න උගන්නල තියෙනවා. paper marking නම් ගියෙ නෑ. කොලඹ යන්න ඕන නිසා.Robert Frost ගෙ කවිවලට මං ගොඩක් කැමතියි.

      Delete
  4. ඉංගිරිසි එකත් තිබුන නං හොදයි...

    ReplyDelete