Sunday, September 1, 2013

දිවි පැවැත්මේ යානය නොහොත් Survival Ship









 
 මිලියන භාගයක පමණ ජනතාව යානාවේ ගුවන් ගත වීම සියැසින් දැක ගැනීමට අභ්‍යවකාශ නැවතුම් පලට රොක්වූහ. පෘථිවියේ ද මිනිසුන්,  මිලියන සියයක පමණ වීඩියෝ තිරවලින් කපිතාන් මෙල්නික් ගේ හිස් වැසුම් ලු අතක් මිනිසුන්ට සමුදුන් අතර අනෙක් අත, යානාව කෘතිම චන්ද්‍රිකාවේ කක්ශයෙන් එපිට චන්ද්‍රයා හා සෞර ග්‍රහ මන්ඩලයේ අනෙක් ග්‍රහයන් පසු කරමින්, ඉමක් නැති, නාඳුනන,  හුදකලා අවකාශයට තල්ලු කිරීමට ඇවැසි බලය උත්පාදනය කිරීම සඳහා ලිවරය තද කරනු නැරඹූහ.



          අහස් නැවතුම් පලේත්, පෘථිවියේත්, සඳේත් සුබ පැතුම් සිය මිලියනයක් ජෙට් යානයේ උඩු තෙරපුම් බලයට  මුසු විය.‍රැඳවුම් අට්ටාලයේ ඉහලට නැගෙනා ගිනි දලු තෙවරක් ආසිරි ගැන්වූ  Survival  යානයේ පිටත්විම සනි‍ටුහන් කළේය. උත්තර ධ්‍රැවයේ සිට දක්ෂිණ ධ්‍රැවය  දක්වා දෙව් මැදුරුවල යෝධ යානාවට හා එහි සිට යානාව මෙහෙයවන  විසි දෙනා හා සිව් දෙනා හට වේගවත් ගමනක් පතමින් යාඥා මෙහෙයන් පැවැත්විණි.කඳු මුදුන්වල ඇටවූ දුර දක්නවල සවි කර තිබූ කැමරා කිහිපයකින් යානය චායාරූප ගත කරන ලදී.

          නිවෙසවල තිබූ කැමරා හා  යෝධ තිර අහසට හැරී සිටියේ, ගිනි ගනිමින් පහලට වැ‍ටුන,  මිනිස් දෑතින් නිමවූ තාරකාවේ   කෙමෙන් අඳුරු වන රූපය සටහන් කර ගැනීමටය.
               යානාව තුල කපිතාන් මෙල්නික් ගේ හස්තය ලීවරයෙන් මෑත් වී ත්වරණ කවිච්චියේ ඇති නිකට රඳවනය හා කන් ඇබ හරි ගැස්සීය.ඇස් මට්ටමට සවි කර තිබූ දර්ශක පැනලය එක්වරම සජීවී විය.තමාට හුරු පුරුදු ලෙස කවිච්චියේ හාන්සි වී පටි තද කර ගනිමින් කපිතාන් ගුවන් ගත වීමට යන කාලය සටහන් කරන යන්ත්‍රයේ ලොකු ක‍ටුව විමසිලිමත්ව කියවන අතර පැනලය කෙලවර ඇති ආලෝක  ධාරා දැල්වෙන්නට පටන් ගත් බව නිරීක්ශණය කළේය.දර්ශකය පලමු රතු ලකුණට  ලඟා විය.

                      " හරි. ෂෝ එක ඉවරයි. දැන් ඉතින් වැඩ පටන් ගනිමු." නිකට රඳවනයට සවිකර තිබූ මයික්‍රඵෝනයෙන් කපිතාන් ගේ ගැඹුරු කට හඬ යානාව පුරා සිසරා ගියේය.



" සියලුම අංශ වාර්තා කරන්න."

" අංක එක. සේරම හරි."

                               මෙල්නික්, කපිතන් ගේ යානය මෙහෙයවීමේ අසුන, නිසි පරිදි ක්‍රියා කරන බැව් අඟවමින්, දැල්වෙන පලමු කොල පැහැ බල්බය හිතින් ටික් කලේය

                     "නොම්මර දෙක. සේරම හරි."

                  "නොම්මර තුන........... හතර.... පහ............"
          රිද්මයානුකූලව සියලුම අංශ එකම වැකිය පුනරුච්චාරණය කලේය. සෑම අංශයක්ම නිවැරදිව ක්‍රියා කරන බව අඟවමින් එකින් එක දැල්වුන කොල පැහැ ආලෝක කදම්භය , කාල හෝරාව  'සියල්ලම නිවැරදිව ක්‍රියාත්මකය'  යනුවෙන් දෙනු ලැබූ සංඥාවට පසුව නිවී ගියේය. 

                   "සිහි විසඥ  භාවයට පත් වෙනු ලැබීමට තව ඇත්තේ තත්පර අටක් පමණයි."    කපිතාන් ගේ අවවාදාත්මක ස්වරය කාර්ය මංඩලය  දැනුවත් කළේය. " හත ..... හය... "stand by " තවරණ කම්පනයේ පලමු ඉඟිය හිස් ආවරණ පැලඳ සිටි හිස් විසි හතර පුරා සිහින් විද්්‍යුත් කදම්බයක් සේ ගලා ගියේය.
          "පහ... එය නිවැරදිව ක්‍රියා කළ යුතුයි." මෙල්නික් කෙමෙන් ලඟා වන සිහි මුර්චාව පරයා සිතීය.   "හතර. වැඩ කළ යුතුයි........වැඩ කළ යුතුයි.  ..... තුන.   වැඩ කළ......   .. දෙක.......... වැඩ කළ....."


අහස් නැවතුම්පලේ සිටි මිලියන අඩක නරඹන්නන් එලියට පැමිණ, තමන් පෘතිවිය කරා ගෙනයන රොකට්‍ටු ලඟා වන තෙක් බලා උන්හ.


                ඔවුන්ගේ දහසකුත් එකක් බලාපොරොත්තු කඩ වූයේ රොකට් අංගනයේ සුපුරුදු දේට වැඩි යමක් එදාද ඔවුන් නොදු‍ටු නිසාය.    අංගනය  වැටක් ගසා මුලුමනින් වෙන්කර තිබූ අතර ආරක්ශක නිලධාරී    පවුරු දෙකකින්ද එය සවිමත්ව තිබුනේ වඩාත් කුතුහලයක් ඇත්තවුන් අධර්්‍යයට පත් කරනු සඳහාය.  නිළ මට්ටමේ පැහැදිලි කිරීම් ලෙස,  නව එන්ජිම, යානයට යොදනු ලබන නවතම ඉන්දන වර්ගය,හා ගෑස් වලින් සිදුවිය හැකි අනතුරු  ගැන සඳහන් කෙරුනත්, නියම රහස කුමක්ද කියා සැවොම දැන සිටියහ.

                                            එය අන් කිසිවක් නොව යානාවේ කාර්ය මන්ඩලයයි.  වේදිකාවේ තිබූ දෑවැන්ත තිර වලින්,නිවෙස්වල සිට වුව නැරඹිය හැකි, යානාවේ සමීප රූප හා වෙනත් විස්තර සැපයුණේය.අවසන, ඔවුන් කපිතන් ගේ ග්ලවුසයක් පැලඳි අත පමනක් දුටහ.බලාපොරොත්තු කඩවූ ලක්ෂ සංඛ්‍යාත  ගැහැනුන් ගේ හා මිනිසුන් ගේ තොල් මැතිරීම් හා මැසිවිලි ඇසිණි.   නමුත්,එක් අතකින්, එම අවස්ථාව  නැර්ඹූ හැම ගැහැනියක, පිරිමියෙකු හා කුඩා වූවෙකුටම  එය ඓතිහාසික අවස්ථාවක් විය.

                     " Survival  ගුවන් ගත වෙන කොට මම එතන හිටියා" හෝ එච්චර විශාල යානයක් මම මගෙ ජීවීතේටම දැකල  තිබුණෙ නෑ." කියා හෝ පසු කලෙක ඔවුනට කිව හැකි විය.       එසේ ඔවුනට කිව හැකිව තිබුණේ මෙම චාරිකාව , හුදෙක්, වෙනත් ග්‍රහ ලෝකයක් සොයා ගිය ගමනක්ම නොවූ නිසාය. එය "Survival"  නොහොත් "දිවි පැවැත්මේ" යානාවය. මෙතෙක් කලකට මානව ඉතිහාසයේ නිම කළ  විශිෂ්ටතම , ශ්‍රේෂ්ටතම හා අති දෑවැන්තම අභ්‍යවකාශ යානාවය. එය වෙනම විශ්වයක් සේ සැලකුවත් වැ‍රැද්දක් නැති තරමට  එහි අංගෝපාංග නිමවී තිබුණි.


   ජනයා ඒ  චාරිකාව ගැන සිතුවේ   තත්පරයට සැතපුම් ලෙස නොවේ. "සිරියස් තාරකාවට වසර පහලවකින් " ලෙසය.

                 රිවි දින පුවත් පත් අතිරේකයන් ගේ සිට සම්මානනීය දෙසති සඟරා දක්වා මෙහි තතු පළ කෙරිණි.වර්ණවත් හා දීප්තිමත් ප්‍රස්තාරවලින් යානයේ, ස්වභාවික ජීවි සමතුලිතතාව, පරිසර පද්ධති පෙරනයන්, ආහාර ගබඩා කෙරෙන අයුරු පෙන්වූ අතර දේශන හා වීඩියෝ පට මගින් යානය තුල කේන්ද්‍ර අපසාරී බලය, ගුරුත්වාකර්ශණ බලයට හරවා ගන්නා ආකාරය පැහැදිලි කෙරිණි.

                  යානය ගුවන් ගත වීමට මාස කිහිපයකට පෙරම ඒ සඳහා කාර්ය මන්ඩලය, සතුන් හා අනෙකුත් ජීවීන් වන සූදානම ඉතාම සියුම් විස්තරය දක්වා එලිදරව් කෙරුණේය. යානාවේ ඇති කිරීමට නියමිත ඌරන්, වසු පැටවුන් හා කුකුලන් ගේ අන්වර්ත නාමයන් පවා ලොව පුරා දනන් මුවග ‍රැව් දුනි. එපමණක් නොව මෙම ව්‍යාපෘතියට සම්බන්ධව ක්‍රියා කළ ජීව රසායනඥයින් ගේ අමන්දානන්දයට හේතු වූ, සෑම කොටසක්ම ආහාරයට ගත හැකි, පෝශ්‍යදායී,ඉතාමත් ප්‍රනීත රසැති, මෙතෙක් සොයා ගනු ලැබූ පිපාසිතම කාබන් ඩයොක්සයිඩ් උරාගන්නා ලෙස නම් කෙරුනු, මේතාක් දුරට  රහසක් ව තබා ගත් දෙමුහුන් ශාකයේ නම පවා එලිදරව් විය. 

       නමුත් පෘතුවියේ ජනයා හෝ යානාව ගුවන් ගතවනු සියැසින්ම නැරඹීමට ගිය මිලියන අඩක ජනතාව හෝ කාර්ය මන්ඩලයේ විසි දෙනාගේ හා සිව් දෙනාගේ නියම නම් හෝ ඔවුන් ගැන වෙනත් කිසිම තොරතුරක් හෝ දැන ගැනීමට අපොහොසත් වූහ.දහස් ගනනින් ඒ සඳහා ඉල්ලුම් කළ බවත්, පරීක්ශණ මාලාවක මූලික අදියරට ලඟාවීමට නම් අඩුම තරමේ වයස විසි පහට නොවැඩි, අවිවාහක, ඉන්ජිනේරුවකු විය යුතු බවත් නොරහසකි.


             කාර්ය මන්ඩලය ගැහැනු හා පිරිමි සංයුතියක්  වූයේ බලාපොරොත්තු වූ ලෙස, සිරියස් හි  දිගුකාලීනව  නැවතීමේ සම්භාව්‍යතාවක් ඇත්නම්  ආපසු පැමිනෙන චාරිකාව සඳහා දෙවන පරම්පරාවක් බිහි කිරීමේ බලපොරොත්තුවෙන් හුදෙක්ම සැකසූ ලදරු කාමරය භාවිතයට ඉඩ ප්‍රස්තාවක් ලබා දෙමිනි.

                    දිගු කාලීන ව පොලොවේ නෑසිය හිත මිතුරන්ගෙන් වෙන්ව, හුදකලා ලොවක තනිවන මේ කිහිප දෙනගේ හැසිරීම් රටාව හඳුනා ගැනීමට රුකුලක් ලෙසින් ඔවුන්ගේ සියලුම ගති ලක්ෂණ හා පුද්ගලයාගෙන් පුද්ගලයට වෙන් වූ තමන්ටම ආවේනික, සුවිශේෂී හැසිරීම් නිරීක්ෂණය කෙරිණි. උදාහරණයක් ලෙස, ඔවුන් කන, බොන, අඳින, පලඳින දෑ, ඔවුන් ගේ ජනප්‍රිය ක්‍රීඩා,චිත්‍රපට, සංගීතය, පොත් පත්, පූජකවරුන් හා දේශපාලන පක්ෂ විචාරයට ලක් කෙරිණි.    සියල්ලන්ම නොදත්, කිසිවෙකුටත් සොයා ගත නොහැකි වූ දේ නම් කාර්ය මන්ඩලයේ නම් හා ඔවුන් ගේ නම් රහසක් ව තබා ගැනීමේ හේතුවයි.
  පුවත් පත් හා ගුවන් විදුලි වාර්තා කරුවන් ගනනටම වගේ ඒ ගැන ඕපාදූප ද පැතිර ගියේය.

   එම කරුණු එසේ රහසිගතව තබා ගැනීම අරබයා දහසකුත් එකක් පැහැදිලි කිරිම් ද ඉදිරිපත් විය. නමුත්, ව්‍යාපෘතිය සැළසුම් කළ පනසක් පමණ වූ ඉහලම මට්ටමේ නිලධාරින්ද කාර්ය මන්ඩලය ද ඇරෙන්නට තවමත් වෙනත් කිසිවකු ඒ ගැන නොදත්හ.

   කුඩා තිතක් සේ පෙනුන යානය ක්‍රමයෙන් රූප වාහිනී තිරවලින් මැකී ගිය පසු යෝධ යානයේ ත්වරණය මිනිස් සිරුරට ගැලපෙන සේ හැඩ ගැසීමට පටන් ගති. කාර්ය මන්ඩල පරිහරණය සඳහා වෙන් වූ කුටිවල ගුරුත්වය, පොලොවේ පරිසරයට අනුව වෙනස් විය. යානය ගුවන් ගතවන විට නිපදවෙන කේන්ද්‍ර අපසාරී බලයෙන් සිරුරු අභ්‍යන්තරයට  වන දරුනු හානිය වලක්වා ගැනීමට සවිකල ත්වරණ කවිච්චිවල පටි අතරට තද වුන, තැලුන පොඩි වුන සිරුරුවලට සැහැල්ලුවක් දැනිණ.මෙතෙක් වේලා විසඥව, ගල් ගැසී තිබුන මොලයේ ස්නායු, අනතුරු සංඥා කිසිවක් සෛලවලින් නිකුත් නොකරණ බව සැක හැර දැන ගත් පසු නිසි පරිදි ක්‍රියා කිරීම ඇරඹුවේය.

                   මෙල්නික් පලමුව අවදි විය.පැනලයේ කොල පැහැති ආලෝක තීරු තවමත් දැල්වෙමින් තිබිණි. ත්වරණ කවිච්චියේ පටි ගැලවූ කපිතාන්, පැනලයේ අලෝක ධාරා නිවැරදිව ක්‍රියාත්මක වේදැයි තරමක තැතිගැන්මකි න් බලා සිටියේ, එක් කොල පැහැ ආලෝක තීරුවක් නිවී යන විටම සැනසුම් සුසුමක් හෙලීය.     
                   කපිතාන් පලමුවෙන්ම අවදි වීම අත්‍යවශ්‍ය කරුණක් වූ අතර එසේම එය සියල්ලම යහපත් ව සිදුවෙනවා යැයි ඇඟවෙන සුබ ලකුණක් ද විය. මිනිසුන්ගෙන් යමෙක්  මුලින්ම පියවි සිහිය ලැබුවේ නම් එය නරකට හැරීමට ඉඩ තිබිණි.පෘතිවියේ අනාදිමත් කලක් තිස්සේ  හුරු පුරුදු වුන හැඩ ගැසීම් වලට විරුදුව යමින් යානය තුල මෙසේ බලෙන් ආරෝපණය කරගත් තත්වයක්  මත කොපමණ කාලයක් ගෙවිය හැකි හැයි කපිතාන් කල්පනා කලේය.නමුත්, තවත් අතකට , එය එතරම් අපහසු කාර්යයක් ද නොවනු ඇත.

      අසාමාන්‍ය  හා අහඹු අවස්ථාවන්ට  සාර්ථකව මුහුණ දීමේ හැකියාවක් ඇති අතලොස්සක් පමණක් ‍තෝරා ගැනුණ අතර ඔවුන් සැම, සමීප පවුල් සබඳතා නැති, ප‍ටු මානසිකත්වයකින් තොර වූ අයවලුන් වූහ.යානය තුල, තම තමාට අයත් වගකීම් ඔවුන් පසුව වටහා ගනු ඇත. වඩාත් තීරණාත්මක සාධකය වනුයේ ඇරඹුමය.Survival චාරිකාව හුදෙක්, යානය තුල ශාක හා සත්ව සමබරතාවය ‍රැක ගැනීම හෝ කෘතිම ගුරුත්වයට එහා ගිය දෙයකි.

                      කපිතාන් බලා සිටියදී, තවත් කොල පැහැ ආලෝක පුලිඟුවක් නිවී ගියේය.- තවත් එකක්. දෙදෙනාම නිලධාරින්ය.සුබ ලකුණකි.තවත් අලෝක ධාරා තුනක් නිමිණ. ඉන්පසු පිරිමින් අවදි වීමට පටන් ගත් අතර, තම කවිච්චි පැනල වලින්, නිලදරුවන් මුලින්ම අවදි වූ බව ඔවුනට දකින්නට ලැබීම, කපිතාන් ගේ සිතට අස්වැසිල්ලක් ගෙන දුන්නේය.කෙසේ වුවත්, සිත සිතා සිටීමට දැන් ඉඩක් නැත.කළ යුතු දෑ බොහෝය.

                   සතුන්, ඔවුන් ගේ ගුරුත්ව කුටිවලින් මුදා, ඔවුනට සිදු වී ඇති හානි ගැන තක්සේරු කරන සේ, වහාම අණක් නිකුත් කෙරිණ.වසර ගනනාවක් පුරා මේ හුදකලා ජනාවාසය, සාර්තකවත්, උපරිම සැප පහසුවකිනුත් පවත්වා ගෙන යෑම සඳහා  මිනිස්, සත්ව හා ශාක අනුපාතය නිසි පරිදි පවත්වා ගනිමින්, තමා සුරක්ෂිතව හසුරුවා ගත යුතුව හෝ නැතහොත් මිය යා යුතුව තිබේ!


                කාර්ය මන්ඩල සාමාජිකයින් සියල්ලන්ම පාහේ අවදි වූ විට, තෙවන නිලධාරී, ලුතිනන් ජොන්සන් තවත් අට දෙනෙකුත් කැ‍ටුව හයිඩ්‍රොඵෝනික් තටාක පිරික්සීමට ගියේය.
                       සුවිසල් යානය ඇතුලත, එක් කෙලවරක සිට අනෙක් කෙලවර දක්වා, යානයේ ඇතුල් පරිධියේ මේ විශාල හයිඩ්‍රඵෝනික් තටාක පිහිටා තිබූ නිසා,ඔවුනට විශාල පෙදෙසක් නිරීක්ශණය කිරීමට සිදුවිය.ලුතිනන් අට දෙනා, කන්ඩායම් හතරකට බෙදා වෙන් කලේ, සැම කන්ඩායමකටම ජීව රසායනඥයෙක් ඇතුලත් වන පරිදිය.ඔහුගේ වගකීම වූයේ පැලවලට වූ හානිය පිලිබඳ දත්ත එකතු කිරීමයි. අනෙකා සුවිශේෂ කාරය භාරයක් නැති, අත් උදව් කරුවකු විය.ඔහුගේ  කාරිය වූයේ විසල් ටැන්කි අතරින් රිංගා ගොස් කැඩුන හැම දන්ඩක් ම අලුත්වැඩියා කිරීමයි. 

           අනෙක් කාංඩ,  එන්ජිම හා පාලන යන්ත්‍රනයේ අඩු පාඩු හා දෝෂ පිරික්සීමට යෙදවුන අතර, අවසනයටම අවදි වූ ගැහැනුන් දෙදෙනාට ගැලියේ පලමු මුර සේවාව පැවරී ගියේය. මෙල්නික්, ඔවුන්ගේ විරුද්ධත්වය උපන් තැනම ලොප් කර දැම්මේ, ඔවුනට ඊට විරුද්ධ වීමට කිසිත් අයිතියක් නැති බව පවසමිනි.යානාවේ මෙතෙක් දුරට වැඩ කටයුතු කෙරුන ආකාරය ගැන සිතින් තෘප්තිමත් වුන කපිතාන්, පලමු ආහාර වේල, කිසියම් සුවිශේෂත්වයක් ඉසිලිය යුතු බැව් නිගමණය කළේය.අන් සියල්ලටම වඩා  යානය තුල පුද්ගල සබඳතා හා සාමාජීය වටපිටාව වහාම තහවුරු කල යුතුය.
           කතාවක්- සියලුම සාමාජිකයන් ඉදිරියේ නොපැවැත්විය යුතු-  කිරීමට නියමිතව තිබිණ.කරුනු යෙදුන ආකරයට, ඒ සිව් දෙනා, අනෙක් සාමාජිකයන්ට වඩා වැඩි වේලාවක් රාජකරිවල නිරත වීමට සලස්වා ඔවුන්ගේ පැමිනීම ප්‍රමාද කෙරෙනු ඇති.
          අභ්‍යන්තර සංනිවේදන පද්ධතිය කපිතාන් ගේ සිතිවිලි වලට බාධා කලේය. 

               "ලුතිනන් ජොන්සන් වාර්තා කරනවා සර්."   සන්සුන් ස්වරයක් ඇඟවීමට ප්‍රයත්න දැරුවත්, එහි බියක් මුසු වී තිබිණි.තෙවන අණ දෙන නිලධාරියා වූ ජොන්සන් තටාක පිරික්සීමේ කටයුතු පාලනය කලේය.

                "මොකද? ඔතන ගැටලුවක්ද?"
 මෙල්නික්, හිතා මතාම අධිකාරි ස්වරයකින් විචාලේ ඔහුගේ හඬ යානය සිසාරා ‍රැව් දෙන බැව් දන්නා නිසාය.

                "එක පිරිමියෙක් පැමිණිළි කරනවා සර්." තරුන ලුතිනන් පිලි වදන් දුනි. "වැඩ බෙදීම ගැන විරෝධයක් මතු වෙලා. "තව දුරටත් හැමෝටම ඇසෙන සේ කතා කිරීම නුසුදුසු බව මෙල්නික් සිතීය. 

                 "ඔහොම ඉන්න. මම ඔතෙන්ට එනවා. " මෙල්නික් වහ වහා පඩි බසිමින්, ගැටලුව පැවති කලාපයට ඇතුලු විය.

             "කව්ද කරච්ච්ල් කාරය?"   "කෙනඩි.පැල නඩත්තු කරන්නෙ ගියොගියෝ  එක්ක. "

                "මොකද, කෙනඩි?    පැමිනිල්ලක්ද"?


       "ඔව්." එලිමහනේ වැඩ කරන කම්කරුවන් අඳිනා ආකරයේ, ලිහිල් ඇඳුමක් පැලඳි මිනිසාගේ මුහුනේ අසතුටක් හා කලකිරුනු බවක් පිලිබිඹු විය.හිතාමතාම ආරෝපණය  කරගත් උඩඟු බවක් හා අපහාසාත්මක ස්වරයක් ඒ වදනෙන් එලියට පැන්නේය.ඔහු, මින්පෙර එසේ කතා කරනවා අනෙක් අය අසා තිබුනේ නැත. ඔවුන්ගේ පුදුමය, කෙනඩි හට අමතර දිරියක් සැපයූවා සේය.
                         "මම හිතන් හිටියෙ, මේ ගමනෙදි මට විශේෂ සැලකිලි ලැබෙයි කියල. එහෙම තියෙද්දි, මේ සුද්ද බුද්ද කරන වැඩ මට විතරක් පවරල ජෝජි කොහොමද ක්ලීන් සූට් ගහල ඉන්නෙ?" 

    ඔහුගේ විහිලුව, අනෙක් අය සිනා ගැස්සීමට සමත් වූයේ නැත.

     "ඒ කපිතාන් ගෙ අණ."    මෙල්නික් ගේ ස්වරය දැඩි විය.

                   "හැමෝම යානාවෙ කටයුතු යථා තත්වයට පත් වෙන තෙක් දෙගුනයක් මහන්සි වී වැඩ කල යුතුයි. ඔබ මෙතන රාජකාරියට අකමැති නම් බ්‍රිජ් එකේ ඩියුටිය පවරන්න පුලුවන්. සැප පහසුව ගැන දැන්ම හිතන්න එපා.ඒවා පස්සෙ, ඇති තරම් ලැබේවි. ඒ වගේම මතක කරන්න එපා, මේ ඉතාමත් දීර්ඝ චාරිකාවක් බව. "
                         කපිතාන් overhead  එකේ සවිකර ඇති හෝරා යන්ත්‍රයට ඉඟි කළේය. "කෑමට වැඩි වෙලාවක් නෑ. උනුවෙන් කෑම ඕනෙ නම් ඔබට පැවරුන රාජකරිය ඉක්මනට ඉවර කරල එන්න. තව විනාඩි තිහකින් ආහාර සූදානම් බව ඇඟවෙන සීනුව නාද වේවි."

                             මෙල්නික්, තරමක චකිතයකින් වුවත් වහාම ආපසු හැරුනේ. කෙනඩිට යමක් කීමට ඉඩ නොතබාය.එය සාර්ථක විය.මුරන්ඩු බැල්මකින් නමුත් පරාජිතව,කෙනඩි නැවත ජෝර්ජි පෙන්වූ දිශාව ඔස්සේ පැල දෙසට බඩ ගෑම  ඇරඹීය. සිතට නැගුන සැහැල්ලුව පිටතට නොපෙන්වමින්, කපිතාන් හා ලුතිනන් ජොන්සන් ක්ෂණික ජයග්‍රාහී බැලුම් හුවමාරු කර ගත්හ.

                         ඉදිරි වසර පහලොව පුරාමත්,සිරියස් තුල ජනාවාස පිහිටවිය නොහැකි නම්,  එමෙන් දෙගුනයක කාලයක් පුරාවටමත්,ඔවුන්ගේ කෑම කාමරය, පොදු කාමරය හා ‍රැස්වීම් ශාලාව ලෙස යොදා ගැනීමට නියමිත  ඒ විසල් පාලන මැදිරියේ,කපිතාන්, තම අනෙක් සාමාජිකයන්  ඔවුන්ගේ රාජකාරි නිමකර එන තෙක්  බලා සිටියේය.

             මඳ වේලාවකින්, ඔවුන් සැම, සුව පහසු, කුශන් කරන ලද,කවිච්චි හා මැද මේසය මග හැර, නුහුරු ලෙස, තැන් තැන්වල කීපදෙනා බැගින් රංචු ගැසුනහ.

                   වරෙක පමනට වඩා උස් හඬින් කල දෙබසුත්,වරෙක ඇති වූ තද නිහඬතාවත්, තමන් නොකැලඹී ඇති බව ඇඟවිමට සැවොම ගත් උත්සාහය නිස්ඵල කළේය.

                      දුඹුරුවන් පැහැ ගත් මුහුනින්ද, මනාව පිහිටි සිරුරින්ද යුත් ඔවුන් සැම, කපිතාන් ගේ පලමු කතාව කුමක් විය හැකිද කියා දැන සිටියහ. නැතහොත් අනුමාන කළහ.ඒ ගැන ඔවුනට කුතුහලයක්, තරමක බියක් හා තිගැස්මක් ද තිබිණි.

  විසි දෙනාම පාලන කුටියට ආ පසු කපිතාන් සැමගේ අව්ධානය තමා වෙතට ඇද ගනු වස් මේසයට අතින් තට්‍ටු කළේය.

     "මං හිතනවා........." ඔහු කතාව ඇරඹීය.      "ඔබ සැමට යානාවෙ දැන් පිහිටීම හා නවතම ක්‍රියාකාරිත්වය ගැන දැන ගන්න ඕනෙ ඇති කියල."
                  හිස් දහ නවයක් බලාපොරොත්තු කඩ වීමෙන් දෙපසට සෙලවිණි.  "කොහොම වුනත්..."      එම වචන යුගලයෙන් ඔවුන් ගේ මුහුනු මත ඇති වූ වෙනස, ඔහුගේ මුවට සිනාවක් නැංවීය.


                     "මම හිතනවා, මම වගේම ඔබත්, කුසගින්නෙන් හා නොඉවසිල්ලෙන් ඇති කියා. ඒ නිසා මගේ වාර්තාවෙ, අවශේෂ කරුණු, අනෙක් සාමාජිකයනුත් පැමිනි විට දැනුම් දීමට තීරණය කළා.නමුත්.... වහාම සාකච්ඡා කර ගත යුතු, වැදගත් කරුණක් අපට  තියෙනවා.



   කුටියේ සිටි සැවොම, සිව් දෙනා ගැන සිහිපත් කළහ. එය කෙසේ සිදුවිය යුතුද  ගැන දළ අදහසක් ඔවුන් තුල තිබුනත්, පොලොවේ සිටි අනෙක් පිරිමින් නිසා, ඒ ගැන ඔවුනට එතරම් අමුත්තක් දැනුනේ නැත.ඒ අදහස ගැන එතරම් උනන්දුවක් නැති බව පෙන්වා සිටීමේ ව්‍යාජ උත්සාහය ඔවුන් අතැර දැමුවේ කපිතාන් කෙලින්ම මාතෘකාවට බට හෙයිනි.

" අපේ යානය නම් කර ඇත්තේ 'Survival' නොහොත්  'දිවි පැවැත්මේ යානය' ලෙසයි. ඒ ඇයි කියා ඔබ සැම දන්නවා ඇති".

   "පෘතිවියේ සිටින අපේ අවශේෂ මිතුරන්, නෑ සියන් හා අනෙක් අයත් සිතන්නේ ඔවුන් එය දන්නා බවයි.ඔවුන් සිතන්නේ,යානය එසේ නම් කර ඇත්තේඑහි ඇති කෘතිම ගුරුත්වය ඇතුලු  දහසකුත් එකක් ඉන්ජිනේරු විස්කම් නිසා බව. ඒ වගේම ඔවුන් දන්නවා කාන්තා හා පිරිමි දෙපාර්ශවයම  ඉන්නා   නිසා, යානා කාර්ය මන්ඩලය සැමදා නියත අගයක් නොගන්නා බව."

     කුටිය පුරා විසිරී ගිය කුටිය පුරා විසිරී ගිය සිනා  හඬ මැද කපිතාන් නොනවත්වා තම කතාව කරගෙන ගියේය.

               " නමුත්.... ඔවුන් නිසැකවවම නොදන්නේ කාර්ය මන්ඩලයේ සිටින ගැහැනුන් හා පිරිමින් සංඛ්‍යාවයි."

                        "ඒ රහසට හේතුව ඔබ නම්  දන්නවා ඇති. ඒ නම් IV වන ලෝක යුද්ධයෙන් පසුව ඇති කර ගත්තාවූ සාම ගිවිසුම් වලට අනුව, පෘතුවියේ ස්ථාපනය කළ සදාචාරාත්මක ප්‍රතිපත්තිවලට හාත්පසින්ම වෙනස් ක්‍රම වේදයක්, මේ ඓතිහාසික ගවේශණය සඳහා, අපගේ මව් සංවිධානය විසින්, අනුගමනය කරනු ලැබීමයි.ඒ වගේම ඔබ දන්නවා ඇති, මේ දෑවැන්ත ව්‍යාපෘතියේ නිර්මාතෘවරු, කොපමණ අරගලයක් කළාද කියා මෙම ව්‍යාපෘතිය ඉහල නිලධාරින් ලවා අනුමත කරවා ගැනීමට".

            "අවසානයේ, එය අනුමත වුනේ,ඉහලම මට්ටමේ ආගමික නායකයින් අපේ මේ කුඩා විශ්වය, පොලොවේ තත්වයන්ට වඩා හාත්පසින් වෙනස් බවත්,ගැහැනු හා පිරිමි ලිංගිකයන් ගේ යෝජනා කළ බෙදීම, යානාවේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය බවත් වටහා ගත් නිසයි."

                          කපිතාන්, තමාගේ අවසන් වදන් කිහිපය, අසන්නන්ගේ සිත්වල තැන්පත් වීමට සලස්වා  ඔවුන්ගේ මුහුනුවල ඉරියව් අධ්‍යයනය කළේය.පෘතුවියේ සාමාජීය හා ආකල්පමය තත්වයන්ට වෙනස් ලෙස හැසිරීමට පුහුනු කල වසරක කාලයකින්  පසු පවා, කපිතාන් ගේ මෙම පෞද්ගලික හා රහස්‍ය කරුණු ගැන   විවුර්ත සාකච්චාවට ඇහුම් කන් දුන් සමහරකුගේ මුහුනු රතු වී, ලැජ්ජා සහගත හිනාවන් තැවරී තිබිණ.

   "ඔබ දැන ගත යුතුයි. මේ එකඟ වීමට පදනම් වූයේ අපේ ලොව ප්‍රධාන ම හා ඉතාමත් වැදගත් සේ සැලකෙන මූල ධර්මය මතයි.


         "සෑම සදාචාරාත්මක ගැහැනියක ගේ හා පිරිමියෙකු ගේ පරම යුතුකම, තම වර්ගයා ගේ පැවැත්මට උපකාරී වීම වේ."

 කපිතාන්, ඔලිව් අත්තක සළකුණ තමා ඉදිරි පිට හිස් අවකාශයේ ලකුණු කළේය.ඒ හා සමගම, රතු වූ මුහුනු වල තිබූ සබකෝලය අතුරුදහන් විය.

     "අප සැම අනුගමනය කිරීමට සැලසෙන මේ නව ජීවන රටාවට, අපේ රාජ්‍ය තන්ත්‍රයෙන් පූර්ණ අනුමැතිය ලැබී ඇති බව අප කිසි දා අමතක නොකළ යුතුයි.   

  පොලොවේ දී අප වර්ගයා ගේ පැවැත්ම රඳා පැවතුණේ ශක්තිමත් පවුල් සබඳතා නිසයි.   Survival තුල ක්‍රියාත්මක වීමට නියමිත, අසාමාන්‍ය ජීවන රටාව, මහජනයාට දැන ගැනීමට සැලැස්වීමෙන්,ඒ පවුල් සබඳතා වලට හානි වීමට සැලැස්වීම  ඥාණවන්ත ක්‍රියාවක් ලෙස ඔවුන් සිතුවේ නෑ.  'විසි දෙනා හා සිව් දෙනා' යන යෙදුමේ සැබෑ අරුත පොලෝ  වැසියන් දන්නවා නම්, එය , බොහෝ ගැටලු සහගත සාකච්ඡා  හා තර්ක විතර්කවලට බඳුන් වන මාතෘකාවක් වනු පමනක්  නොව,අවසන, එය පොලොවේ හා අපේ පැවැත්මට ද එක සේ බාධාවක් වනු ඇත. 



                       "මෙම යානයේ විසි දෙනෙක් එක් වර්ගයක ලිංගිකයනුත්, සිව් දෙනෙක්, විරුද්ධ ලිංගිකයනුත් සිටින අතර,සාමාන්‍ය පවුල් පද්ධතියකට පරිබාහිරව අසම්මත යැයි සැලකෙන, සමාජ චාරිත්‍රවලට අනුකූලව දරුවන් ඉපදීමත්, ඔවුන් හවුලේ හදා වඩා ගැනීමත් සිදුවන බව ඔවුන් දන්නවා නම් එය මෙතෙක් ඔවුන් තරයේ ඇදහූ සමාජ සම්මතයන්ට කොතරම් හානිකර වේවිද"?

               මෙල්නික් අතක් ඔසවා, කාමරය පුරා විහිද යන මූනු මුනුව නැවතීමට සන් කළේය.

                         " සිව් දෙනා මෙහි පැමිනීමට පෙර, ඔබට මෙය පැහැදිලි කල යුතුයි".

        "ගැටලු ඇති විය හැකි යැයි සිතෙන මුල් කාල වකවානු තුල ක්‍රියාත්මක කිරීමට සුදුසු යැයි හැ‍ඟෙන දළ සැකැස්මක් මා පිලියෙල කර තිබෙනවා."

                " පසුව හයදෙනා බැගින්- ඔවුන්ගෙන් කෙනෙකුත්, අපෙන් පස්දෙනෙකුත්- කාංඩ කර ඔවුන්ට ස්ථීර වාසස්තාන සැපයෙන සැපයෙන අතර ඒවා තුල සැහෙන දුරකට තම තමන්ට රුචි පරිදි ක්‍රියා කිරීමට එක් එක් කන්ඩායමට ඉඩ ලැබෙනවා ඇති.නමුත් එතෙක්,ඔබ එකිනෙකා වඩාත් හොඳින් හඳුනා ගැනීමට ක්‍රමයක් සකස් කර තිබෙනවා.

 ම්ම්ම්.... මම ඒකට dating schedule එකක් කියල කියන්නද "?

 පාලන කුටිය තුල තිබූ තිගැස්ම, සිනාවෙන් පිට කිරීමට ඉඩ දෙමින්, කපිතාන් නැවතත් මඳක් නිහඬ විය.

 " ඊලඟ මස තුල ඔබට විවේක ඇති වෙලාවට , පහසු ලෙස, ඔබ එකිනෙකාට, ඔවුන් එකිනෙකා සමග නිදහසේ කාලය ගත කිරීමට ඉඩ ප්‍රස්තා ලැබේවි. ඒ කාලයෙන් පසුව සමහර විට අපිට නිශ්චිත කන්ඩායම් ‍තෝරන්න හැකි වෙයි. එහෙම නැත්නම් ඒ සඳහා අපට තව වැඩිපුර කාලයක් ඕනෑ වේවි".


        " ඇත්තෙන්ම, කන්ඩායමේ අනුගතය ගැන හුඟක්ම තෘප්තිමත් වන තෙක්, මාතෲ කාල සටහන් ක්‍රියාත්මක කිරීමට මගේ කිසිම අදහසක් නෑ.දැනට, මා පවසන දේ, තරයේ මතක තබා ගන්න".

                 "අපි, ඔවුනට වඩා සංක්‍යාවෙන් වැඩි වා පමනක් නොව,අප වඩා ශක්තිමත් හා සාමාජීයව වඩා වාසනාවන්තයි.ඔවුන් සිව් දෙනා අප සැමගේ පරම වගකීම බව අප සැම විටම සිහි තබා ගත යුතුයි.එසේ වනුයේ, අප වඩා ශක්තිමත්, වැඩි ආයු කාලයක් ඇති, වේදනා හා ලෙඩ දුක් හොඳින් දරා ගත හැකි, හුදකලා දිවියක මතුවන ගැටලු මානසිකව වඩාත් හොඳින් අත් විඳිය හැකි අය නිසයි. නැතහොත් හුදෙක් අප දරුවන් බිහි කරන්නියන් නිසාම නොවේ".

බැරෑරුම් නිහඬතාවක් මැද කපිතාන් ගේ කට හඬ පාලන කුටිය පුරා ‍රැව් දිණ.

"ලුතිනන් ජොන්සන්." කපිතාන්, දොර අසල සිටි, රන්වන් පැහැ හිසකේ හා හිරු ‍රැසින් දුඹුරු වුන සමක් ඇති කාන්තාව ඇමතීය.


   "තාමත් වැඩ කරන පිරිමි හතර දෙනාට එන්න කියන්න.කෑමෙන් පසුව ඔවුනට ඉතිරි වැඩ ටික ඉවර කල හැකි  වේවි". 





A translation of the short story "Survival Ship" by Judith Merril.

















22 comments:

  1. මම ඒත් කල්පනා කලා මේ විසි දෙනා හා සිව් දෙනා කතාව මොකක්ද කියලා. කොහේ ගියත් මොනව කලත් අපේ ක්‍රම නම් එහෙමමයි.

    ග්ලව්සය, අත්වැසුම කරන්න පුලුවන්. >>පාලන කුලුනේ ඉහලට නැගෙනා ගිනි දලු <<: මම හිතන්නේ ඔබ අදහස් කරන්නේ පාලන කුළුණ නෙවෙයි. පාලන කුළුණ කියන්නේ control tower මේක තියෙන්නේ රොකට්‍ටුව රඳවා ඇති launch pad එකට සෑහෙන දුරකින්. ඔබ අදහස් කරන්නේ ඔය මම කිව්ව launch pad එක වෙන්න ඕනෙ. ඒකට හොඳ සිංහල වචනයක් කවුරු හරි යෝජනා කරන්න බලන්න.

    ReplyDelete
    Replies
    1. රැදවුම් අට්ටාලය

      Delete
    2. ඊයෙ ඉක්මනට පොස්ට් එක දාල වෙඩින් එකකට ගියා. අද ඉස්කෝලෙ ගිහින් ආපු ගමන් දුවගෙන ආවෙ කමෙන්ට්ස් කියවන්න. ග්ලවුසය කියල දැම්මෙ, එතන එහෙම නැත්නම් කියවෙන්නෙ 'අත්වැසුම් ලු අතක්' කියල. අත් කියල දෙසැරයක් කියවෙන නිසා ඔඩ් වගේ දැනුනා.

      ඇත්තටම මුල් කෘතියෙ තියෙන්නෙ මෙහෙමයි. රොකට්‍ටුවක යාන්ත්‍රණය ගැන මට අවබෝධයක් නෑ. "as a risng spiral of fire inside the great rocket tower ever built marked the departure of the thrice blessed ship, Survival."

      බොහොමත්ම ස්තූතියි suggestions වලට.

      Delete
    3. @ Nalin

      ඔන්න මම ඔබේ වචනය යෙදුවා. ස්තූතියි.

      Delete
  2. ම බ්ලොග් පරිවර්තන කෘති කියවන හැම විටම මට සිහිවෙන්නේ , ලංකාවේ හොඳම පරිවර්තකයන් සිටින්නේ බ්ලොග් ලෝකයේ බවයි.

    ReplyDelete
    Replies
    1. මගෙ පරිවර්තනවල තව ගොඩක් අඩු පාඩු මට පේනවා.ඒත් උපරිමව කරන්න උත්සාහ කරනව. බොහොම ස්තූතියි දිරි දීමට.

      Delete
  3. අමුතු කතාවක්....ස්තුතියි පරිවර්තනයක් ලෙස මෙය කියවීමට සැලැස්සුවාට

    ReplyDelete
    Replies
    1. දිගටම පැමිනිම ගැන ස්තූතියි. ඔව්. අමුතුයි. ඒත් කවුද දන්නෙ. අනාගතයේ මෙහෙම වේවි.

      Delete
    2. විස්සකට හතරක්ද

      Delete
    3. ශෝක් නේද? හැබැයි ගානට මැනේජ් කර ගන්න වෙයි.

      Delete
  4. දැන් සුපිරිම පරිවර්තන එලියට එනවා නේද?

    ReplyDelete
    Replies
    1. මේ කතාව නම් හරි අමාරු වුනා පරිවර්තනය කරන්න. අන්තිම වෙන කල් ලිංග බේදය එලි කරන්නත් බැනෙ. ඔබ හිතනව නම් මේක හොඳයි කියල මම හැපි.

      Delete
  5. පරිවර්තන කරන්න බය වෙන්න එපා බං මුල් කතුවරයාගේ තේමාවට හානියක් නොකර ඉන්න තාක් කල්.ගොන් දේවල් අපි ඕන තරම් දැකලා තියෙනවනේ. අයිස් ක්‍රීම් දන්න එවුන්ට හිම කිරම කියන්න යන්නේ නැතුව.කුමාරතුංග මහත්තයත් අයිස්ක්‍රීම් කියලාම තමයි අම්මගෙන් ඉල්ලන්න ඇත්තේ.රන්ජිත් ධර්මකීර්ති මහත්තයගේ නාට්‍යය එහෙම බලලා ඇතිනේ.

    ReplyDelete
    Replies
    1. පරිවර්තනය කරන්න බය නෑ.ඒත් මුල් කෘතියට සාදාරනයක් කරන්න ඕනෙ නෙ. ඒකයි.welcome to the blog.

      Delete
  6. මට පෝස්ට් ගොඩක් මග ඇරිලා තියෙනවා මානෙල් අක්කේ..හෙමීට පහු ගිය පෝස්ට් ටික කියවගෙන එන්නම්..එකක් වත් මග අරින්න හිතෙන්නේ නැහැ.. එතරම් රසවත් ..

    ReplyDelete
  7. අම්මෝ. හරි සන්තෝසයි ඔබව දැකපු එකට. ඔබේ බ්ලොග් එක මගෙ බ්ලොග් රෝලෙ දාල තියෙන්නෙ. ඒත් පෙන්නන්නෙ නෑ.

    දැන් සුවයි නේද? පහුගිය දිනවල ඔබේ කමෙන්ට්ස් නැතුව බ්ලොග්ස් පාලුවට ගිහිල්ල තිබුනා.

    කියවන්න. කියවන්න. ඔබේ කමෙන්ට්ස් බලාපොරොත්තුවෙන් ඉන්නවා. පුලුවන් නම් මගෙ කතාවල සාර්තකත්වය සසඳල කමෙන්ට් එකක් දෙන්න. ගොඩක්ම බලාපොරොත්තු වෙන්නෙ නෙගටිව් පැත්තට තියෙන ඒව.

    ReplyDelete
  8. මාත් හිතනවා ඩුඩෙගේ උපදෙස් ටික වැදගත් කියල මේකට. ඔබ ඉක්මනින්ම ඒවා හදාගන්නවා සිකුරුයි.. ජය වේවා

    ඔබ මට ඊයක් දෙකක් එවා තිබුනා දැක්කා හුගක් පහු වෙලා ඊයේ.. ඒකට සමා වෙන්න ඕන. ඔන්න ඒක නිසා බ්ලොග් එකට මගේ පර්සනල් මේල් ඇඩ්‍රස් එකම දැම්මා..

    ReplyDelete
  9. ඔව්. ඩූඩ් කියල තිබුන දේ හරි. යානය පිටත් වෙන්නෙ කන්ට්‍රෝල් ටවර් එකේ ඉඳන් කියා මම හිතුවෙ.

    එවපු ඊබුක්ස් කියෙව්වද?

    ReplyDelete
  10. ලස්සන විද්‍යා ප්‍රබන්දයක්. මේ කතාව මෙතනින් ඉවරද නැතිනම් තව තිබෙනවාද? තිබේ නම් දිගටම පරිවර්තනය කරන ලෙස ඉල්ලා සිටිමි.

    ReplyDelete
    Replies
    1. මේ කතාව මෙතනින් ඉවරයි. මේ සේරම කෙටි කතා. මං ගොඩක් විද්යා ප්‍රබන්ධවලට ආසා නිසායි පරිවර්තනය කරන්න හිතුවෙ. ඒත් ගොඩක් අය කැමති සරල රස වින්දනයකට.

      Delete
    2. මමත් ගොඩක් ආසයි විද්‍යා ප්‍රබන්ද වලට දිගටම මේ විදියට ලියන යන් පරිවර්තකයන් අතුරින් මා සිත් ගෙන ඇත්තේ කේ ජි කරුණාතිලක ශූරීන්, චන්දන මෙන්ඩිස් මහත්තයා, අපේ ඩුඩ් අයියා අතරට ඔබේ නමත් මම සාඩම්බරයෙන් ඇතුළු කරනු ලබනවා

      Delete
    3. Thank you very much. I am flattered.

      Delete